දේශපාලන

දවසේ සිකුරාදා…..දෙයියෝසාක්කි පුදුමයි ඒත් ඇත්තයි… රටේ දුෂණ සොයන අල්ලස් කොමිසමෙත් දුෂණ

Spread the love

අකාරුණික වතුරට බිලිවු සියලුම දෙනාට ලංකා දවසේ ශෝකය…..… මිනිස්සු ගංවතුරට කොටු වු වෙලාවේම ඔවුන්ව බෙරා ගැනීමට තම ජිවිත පසෙක දමා ජනතාවම ඉදිරිපත වීම මුළු ලෝකයම මවිතය දනවන කරුණක් විය.
මිනිස්සු වෙනුවෙන් මිනිස්සුම තම උවමනාවෙන් උයාගත්ත බත් හට්ටිය පාර්සල් කරලා ගිහින් ගංවතුරට හසුව පිඩා විදින මිනිස්සුන්ට දීමට තරන් “අපේ” කියන හැගීමක් වතුරට දළුලා වැඩුණි ඒත් සමගම රජයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය යෙදවීමත් ඉතාම ප්‍රසන්ස නීයයි.

කෙසේ වුවත් ජනතාව, ජනතාවට උදව් කරන කිසිම විටකදී රජයෙන් ලැබෙන දේවල් ගැන කිසිම තැකිමක් නොකර සිටිම ජනතාව රජයට ගැසු කණේ පහරකි.

ගංවතුර ගලපු දවසේම තවත් වාහන හා ඇමතිවරුන්ගේ නිවාස අළුත් වැඩියාවට පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 352 තවත් රටේ සල්ලි කාදැමීමට කාලක්ණ්නි නඩය දත කට මැද ගෙන සිටියි

මේ අතර අප සොයා බැලීමේදි දැන ගත හැකි වුයේ ගංවතුරෙන් මරණයට පත්වු හෝ දේපල විනාශ වු පවුලක් වෙනුවෙන් රජය ලබාදෙන්නේ රුපියල් ලක්ෂයක් වැනි සොච්චම් මුදලකි. මෛත්‍රි ,රනිල් දෙදෙනාම දැන් මේ විදිහට ජනතාවට සලකන්නේ කිසිම විලිලැජ්ජාවක් නැතිවයි.

මේ අතරේ පසුගිය දිනක අසන්නට ලැබුණ ඉතාම වේදනාකාරිම දේ රටේ අල්ලස් දුෂණ ඉහවහ ගිය මොහොතක එම කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්වුයේ රටේ විශ්වාසය දිනු ඉතාම කීර්තිමත් පුද්ගලයෙක් වු සරත් ජයමාන්න මහතාය.

ඒත් පුදුම ය උද්දවන දේ නම් මෙම කොමිසමේ තවත් කොමසාරිස් වරුන් දෙදෙනකුට හා මොහුට වාහන කුලියට ලබාගෙන තිබිමයි.
මාසේ කුලියක් ගෙවනවා තියා රටේ ආපදාවලට ලක්ව මැරෙන උන්ට සොච්චමක් ගෙවා ගන්න බැරි රටක් එක් වාහනෙක මාසේ කුලිය රුපියල් ලක්ෂ 5,30,000 කි.ඒවනි බෙන්ස් රථ 3 කට රජය මාසෙකට රුපි;15,90000 ක් ගෙවිය යුතුය.

මේවාට වැහිනැති හෙණ නොගහවිද දෙයියොසාක්කි කොමසාරිස්ලා වන නෙවිල් ගුරුගේ හා ලාල් රංජිත් නැමති දෙදෙනාම දැන් පාවිච්චි කරන්නේ එක් වාහනයකි මුන් දෙන්නා සතියට මාරුවෙන් මාරුවට වාහනේ දුවලා රජයෙන් දෙන්න තෙල් ටිකට කෙලි, මෙන්න රටේ දුෂණ අල්ලන ඔස්තාර්ලගෙ කෙලිය . බ්‍රයිබරියට රජයේ වාහන තිබුනේම නැද්ද

. මෛත්‍රිපාල ,රනිල්ගේ පම්පොරි යහපාලනේට මේවා අයිති නොවනවාද මනදා..
කොහොම උනත් ඒකක් කිවයුතුයි ජනතාව නොකා නොබි බදු ගෙවන ,දඩ ගෙවන සල්ලි බ්‍රයිබෙරියේ මහ උන්ගේ මේ දුෂණයට ලංකා අධිකරණයේ දඩුවම් නැතත් ස්වභාධර්ම යෙන්නම් මුන්ට දඩුවම් ලැබෙනවා නොවනුමානයි.

අජිත්……


Spread the love

Leave a Comment

You may also like