මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණ කට්ටල (( rapid testing antigen test kit ) ශ්‍රී ලංකාවට සුදුසුද සහ ඒවායේ කුමන කාණ්ඩයක් පරීක්ෂණයට ලක් කළ හැකි දැයි යන්න පිළිබඳව ලෝකෙ කිසිදු රටක දී තත්ව පරීක්ෂණයක් සිදුකර නොමැත .
එසේම ආසියාතික රටක් වූ ශ්‍රී ලංකාවට එම තත්ව පරීක්ෂණ ප්‍රතිදේහ කට්ටල ලක්ෂ දෙකක් (200000 ) ගෙන්වා george stuart සමාගමේ සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අගසව් සේ සිටින දිලිත් ජයවීර ඒ සම්බන්ධව මුනිවත රකී.
එසේම ලබන ඉරිදා වන විට තවත් ලක්ෂ 8 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට නියමිතය. දෙරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් රටේ ජනතාව ගොනාට ඇන්දු ජඩමාධ්‍යයේ හිමිකරු දිලිත් ජයවීරගේ මෙම නොමනා ක්‍රියාව පිළිබඳව රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද අද තම දැඩි කනස්සල්ල පල කර ඇත.
එසේම ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණ ( rapid testing antigen test kit ) කිසිදු තත්ව පරීක්ෂණයක් නොමැති බවත් ඒවා ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ දැයි යන්න පිළිබඳව හෝ පරීක්ෂාවක් සිදුකර නොමැති බවත් ඔවුන්ද ප්‍රකාශ කර ඇත. එසේම බොහෝ පාර්ශ්වවලින් මේ පිළිබඳව දිගින් දිගටම එල්ල වන චෝදනාව මේ පරික්ෂා කිරීමෙන් ජනතාවට තවත් වියසනයක් සිදුවීමට ඉඩ ඇති බවයි.
මේ වන විට PCR පරීක්ෂණ යන්ත්‍ර ගෙන්වීමට සහ PCR පරීක්ෂණ වැඩිකිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතුව ඇත. ඒත් තම ගජ මිතුරන්ට මුදල් උපයා ගැනීම සඳහා එක් පසෙකින් දිලිත් ජයවීරට මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ( rapid testing antigen test kit ) ගෙන්වීමට අවසර දී ඇති අතර ඉරිදා දිනය වන විට තවත් එම කට්ටල ලක්ෂ 08 ක් මෙරටට පැමිණීමට නියමිතය .
දිලිත් ජයවීරගේ ජෝජ් ස්ටුවඩ් සමාගම (george stuart) මේවා ගෙන්වන්නේ ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරිය ගේ නිර්දේශයකින් තොරව බව දැන ගැනීමට හැකි විය. රටේ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මේ සියල්ල විනිවිද පේන ආකාරයකට කල හැකි වුවත් රාජපක්ෂලා ජනතාව ගේ මුදල්ම ගසාකමින් තම ගජමිතුරන්ටද ඒවා කෑමට ඉඩ දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි ඉක්මනින් ඕනෑම රටකින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගෙන්ව ගැනිමට ඉඩ තිබිය දී ,මෙවන් නිසි ප්‍රමිතියක් නොමති ඉතාම සන්වේදී වු සෞඛ්‍ය උපකරණ දෙරණේ හිමිකරු දිලිත් ජයවීරට ගෙන්වීමට ඉඩ දීම ගෝඨාභය වැනි අයෙකු ගෙන් අපේක්ෂා කල හැකි දෙයකි, තම මිය ගිය මවගේ රෙද්ද තැබීමට ද ජනතාවගේ මුදල් කෝටි ගානක් හොරකම් කල අයෙකි.
ඉදිරියේ දී දිලිප් ජයවීර ශවීන්ද්‍ර සිල්වා ගේ තවත් සුසංයෝගී ව්‍යාපාරයක් පිළිබඳව රටට හෙළි කිරීමට අපි මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
මේ පිලිබදවම අපි ඊයේද වාර්තා කලෙමු. එය පහතින් කියවන්න
https://www.lankadawasa.com/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ad%e0%b7%8a/