මේ වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 337 දෙනකු ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. සියලුම නිලධාරීන් රෝගාතුර වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාධනය වී ඇති ජනතාවට පිහිට වීමට ගොස්ය.
මෙම රෝගය වැලදීමෙන් පසුව නිලධාරින්ගේ දරු පවුල් අසරණවී ඇත. කිසිදු නිලධාරියෙකු ඒ පිලිබදව සොයා බලා නැත.එම නිලධාරින් රෝහල් ගත්ව සිටියි. ඒම ආසාධිත නිලධාරින් ගේ දරු පවුල් කැම බීම ගැනීමටවත් නොමතිව දැඩි අපහසුවට පත්ව ඇත. මේ නිසා පොලිස් සුභ සාධක සංගමය කුමණ හෝ ආකාරයකට එම නිලධාරින් ගේ පවුලට පිහිට විය යුතුය.
පොලිස්පතිවරයාගේ වගකීම වන්නේ මෙවැනි ආසාදිත තත්ත්වයකදී වහාම පොලිස් සුභසාධන නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා හා මෙම නිලධාරීන්ට පිහිටවිය යුතුය .
එම නිලධාරීන් සුව වී නැවත රාජකාරියට වාර්තා කරන තුරු එම පවුල්වලට අවශ්‍ය වියළි සලාක සහ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලිය යුතුය. එසේම නිලධාරීන් අත්හැර දමා තිබීමඉතාම කනගාටුදායකය. දැන්වත් එම නිලධාරීන් පිළිබඳව වහාම සොයා බලා එම පවුල් වලට පිහිටුවීමට කටයුතු කළ යුතුය.
හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය එක්තරා අවස්ථාවකදී පොලිස් තෑගි අරමුදල මුදල් ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පදවි ප්‍රාප්ති උත්සවය වෙනුවෙන් ද විසිපන් ලක්ෂයක් පරිත්‍යාග කළා නම්, මෙම නිලධාරීන් වෙනුවෙන් ඇති සුභ සාධක අරමුදල හෝ පොලිස් තෑගි අරමුදලින් එම මුදල් ලබාගෙන වහාම ඉටු කළ යුතුය.