ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෑත යුගයේ කතා කරන්නේ ජනතා මුදල් ගසාකන්නන් ගැනය. ජනතා මුදල් එදා මෙදා තුර මේ කාලකන්නි නඩය හොරා නොකා සිටියානම් අද ලංකාවේ අම්මලා අරාබියේ,කුවේටයේ, දුක් නොවිද තම දුවා දරුවා සමග යහතින් තමාගේම රටේ ලස්සනට ජිවත් වෙන්න තිබුනි.
ලංකාවේ මැති ඇමතිවරුන්ට තම අම්මා තාත්තා අමතක වුනත් ජනතාවටනම් උතුමන්ලාගේ මව් පියන් නිතර දෙවේලේ සිහිවේ.
එත් ඒ එසේ උවත් ප්‍රසිද්ධියට තටමන මැති ඇමතිලා ඉන්න යුගයේ ජනතාව ආදරය කරන ජනතාවගේ පැත්තේ ඉන්න ජනතාවට රජයෙන් ලැබිය යුතු දේ හොදින හෝ නරකින් අරන් දෙන හේ නමින් පාලිත තෙවරප්පෙරුමය.
මොහු මංත්‍රි කමට වඩා සලකන්නේ තමාගේ පලාතේ ඡන්දදායකයාටය.පසුගිය දිනවල පාර්ලිමේන්තු මැති ඇමතිලා සොයාගැනීමට නොහැකි වුවත් පාලිත තෙවරප්පෙරුම ඇමති වරයා දිවාරෑ නොබලා අහිංසක මිනිස්සු වෙනුවෙන් කල මෙහෙයනම් කිසිදා ජනතාවට අමතක නොවේ
දැන්වත් රටම සිතිය යුත්තේ මීළග ඡන්දේ දීවත් අපිත් පාලිත තෙවරප්පෙරුම කෙනෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව නොවේද……. ඉන්න 225 දෙනාම දියවන්නාවට තල්ලුකර දමාදමා ජනතාවාදි මිනිස්සු 225 දෙනෙකු පාර්ලිමේන්තු යැවිය යුතුය.
රටටම එකයි.. හේ නමින් පාලිත තෙවරප්පෙරුමයි.