ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ පුත්‍රයා සහ ලේලිය සමඟම බැසිල් රාජපක්ෂගේ බිරිඳ සහ පවුලේ සියලු දෙනාම අමරිකානු ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කර ඇත.
ඇමරිකානු පුරවැසිකම හිමි ජනාධිපතිවරයා ගේ බිරිද ශ්‍රි ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් තම ඡන්දය ඡන්දය ඇමරිකානු ජනාධිපති වෙනුවෙන් පවිච්චිකලාය. ඒත් 2020 නොවැම්බර් තම පුරුෂයා වෙනුවෙන් ශ්‍රි ලංකාවේ දි ඇයට ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි විය. ඒත් ගෝඨාභයලාගේ සනුහරේම ශ්‍රි ලංකික දේශප්‍රේමි පුරවැසියන්ය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනතාව විසින් පත් කරගන්නා ලද්දේ දේශීය හා දේශප්‍රේමී පුරවැසියෙකු වශයෙන් ශ්‍රී ලාංකීය ජනතාව නොදැන සිටී ප්‍රධානතම කරුණ ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන බවයි.
ශ්‍රී ලංකාවේ අවම වශයෙන් පුරවැසියෙකු නොවූ ඔහු නොමිලේ පෙනී සිටි නීතිඥ අලි සබ්රි විසින් (දැන් අධිකරණ ඇමතිවරයා ) විසින් කරන ලද උප්පරවැට්ටි සියල්ලම පාවිච්චි කරමින් දේශප්‍රේමි සළුවෙන් ගෝඨාභයගේ හෙළුව වසා ගෙන ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවිය.
ඇමරිකාවේ පවත්වන ජනාධිපතිවරණයේ දී ලෝකෙම දැඩි අවධානය යොමු වෙන්නේ කවරෙකු පත් වෙයි ද ? යන්න මෙහිදී තම ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඇමෙරිකානු පුරවැසියන් වන ගෝඨාභය රාජපක්ෂගේ තම පුත්‍රයා සහ තම ලේලිය මැතිවරණය වෙනුවෙන් ඊයේ ඡන්දය පාවිච්චි කරනු ලැබිය.
එසේම ඇමෙරිකානු පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ ගේ බිරිඳ සහ බැසිල් රාජපක්ෂගේ දරුවන් ඇමරිකාවේ පවත්වන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දෙ පාවිච්චි කරනු ලැබිය.. එහෙත් එවැනි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ නීති සම්පාදනයට පාර්ලිමේන්තුවට සහ විධායකය වෙනුවෙන් පත් කර හැරීමට සමහර පුද්ගලයින් ක්‍රියා කිරීම ඉතාම සෝචනීය.
බැසිල්ලා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් නොකොට ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් හැකි ආකාරයට මුදල් වියදම් කලාය . මේ සිදු සියල්ලටම ලාංකීය ජනතාව පොලියත් සම්ඟම අඩු නැතිව යම් දිනයක විදවනු ඇත.