ගෝඨාභය රජය විසින් ලංකා පුරාම ඇති බන්ධනාගාර වල තෝරා ගත් සිරකරුවන් මරා දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳව අපි පසුගියදා ඉතා වගකීමෙන් හෙළි කළෙමු .
එහි උණුසුම යාමට මත්තෙන් සිරකරු අංක 2253 උඩුගම් පිටිය ගමගේ නිලන්ත නොහොත් මැක්කා අංක 290, 4 වන මාවත නවගම්පුර, අම්පාර .පදිංචි මෙම සැකකරුව ඊයේ එනම් (03) දින මොනරාගල බන්ධනාගාරයේ දී ව්‍යාජව සකස් කරන ලද සිරකරු අරගලයක් තුළින් මෙම සිරකරු තෝරාගෙන ඔහුට ඉතා අමානුෂික ලෙස පොලුවලින් පහරදී මරා දමා ඇත.
මෙම සිරකරු සිර ගත වන්නේ පාතාල සහ අපරාධ සම්බන්ධයෙන්ය ගෝඨාභය රජයට දිගින් දිගටම තෝරා ගත් සිරකරුවන් මරා දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳව ඉතා රහසිගතව අප වෙත ලැබුණු තොරතුරු අප සමාජ ගත කළෙමු .
ඉතා වගකීමෙන් තවදුරටත් අප දැනුම් දී සිටින්නේ මෙය දිගින් දිගටම ගෝඨාභය රජය අනුගමනය කරන බවයි. දුමින්ද සිල්වාට එරෙහිව සිටි පාතාල සහ කුඩු මාෆියාවේ අනෙක් කණ්ඩායමේ සාමාජිකයින් සිරගතව සිටී නම් ඔවුන් තෝරා ගෙන මරා දැමීමටද ගෝඨාභය රජය ක්‍රියාත්මක වෙමින් ඇත .
මෙම උපුල් නිලන්ත නොහොත් මැක්කා නැමති සිරකරු අම්පාර රෝහල් ගත කර ඇත්තේ ඔහු විසින් ගෙලවැලලා ගැනීමක් සම්බන්ධයෙන් පසුව ඒ පිළිබඳව විමර්ශනය කරන ලද අම්පාර පොලිස් ස්ථානය දැන ගැනීමට හැකිව ඇත්තේ මෙම සිරකරුට පහරදී ඇති බවයි .සියලු තොරතුරු පොලිසිය විසින් අධිකරණයට වාර්තා කර ඇති අතර මෙහිදී සිරකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙම පහරදීමේදී හිසට පිටුපසින් සහ බෙල්ලේ වම් පැත්තට සහ කොඳු නාරටියට ඇති වූ බරපතළ තුවාල සම්බන්ධයෙන් එසේ ඇති වූ අභ්‍යන්තරලේ ගැලීම් වලින් පසුව සිරකරු මියගොස් ඇත.
එහෙත් මැක්කා නැමති සිරකරු රෝහල් ගතකොට ඇත්තේ වැසිකිලියතුල ගෙලවැලලා ගැනීමට උත්සහා කිරීමේදි සිදු වු තුවාල නිසා බව පවසමිනි. එහෙත් පසුව පොලිසිය කරන ලද විමර්ෂණයේදි අවට නිවාස වල හා අනෙකුත් සිරකරුවන් කියා සිටින්නේ කිසිදු හේතුවක් නොමතිව බන්ධනාගාර නිලධාරින් පැමිණ පොලු ,මුගුරුවලින් පහර දුන් බවයි .
ඉතාමත්ම සාවද්‍ය පුවතක් මවා පෑමට උත්සාහ කළ නමුත් අවංක නීතිගරුක පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය වැළකී ගියේය.
මේ පිළිබඳව දිගින් දිගටම අප ජනතාව දැනුවත් කරන අතරම අද වන විට ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයකට ගෝඨාභය ආණ්ඩුව පත් කොට ඇත. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දී මෙවැනි නින්දිත නරුම පාලකයෙකු පත් කර ගැනීමේ ප්‍රතිඵල වී ඇත්තේ තම ජීවිතයේ ආරක්ෂාව විදේශ රටවල් වලින් පැතීමටය.
ගෝඨාභය රාජපක්ෂ මිනිමැරුවෙකු බවට සමස්ථ ලෝකයාම දන්නා කරුණකි. අද අවසන් වෙන ඇමරිකානු මැතිවරණයෙන් පසුව දැඩි වෙනසක් ශ්‍රි ලංකාවේ සිදුවනු ඇත.