විශේෂාංග

වැස්සට දළුලෑ මනුස්සකම කිසිදා නැතිවෙන්න දෙන්න එපා……….!!!

Spread the love

අපේ කම ලෝකයාටම පෙනුවේ දුපත්, පොහොසත්, ජාති, ආගම්,පක්ෂ පාට මේ සේරටම වඩා අපේ රටේ මිනිස්සු කියන එකම හැගීමෙනි.
වැස්සක් කල මහා විපතක් නිසා අපේ දරුවන්ට දෙමාපියන්ද දෙමාපියන්ට තම දරුවන්ද එකී මෙකී සියල්ලම සදහටම අහිමි විය. ගිගුරුම් දෙමින් පතිත වු ඒ මහා වැස්ස කිසිම සිත් පිත් නැති විදිහට මනුස්ස ජිවිත 300 කට වඩා බිලිගෙන අවසන්.

වැහි බිංදු වෙන් තම සියල්ලම අහිමි උනත් වැස්සට ඒ උපන් අපේ මනුස්සකම අහිමි කිරීමට බැරි උනා. එකා වගේ එකට එකතුව ජල රකුසට බිලිවෙන්න යන අයට තම ජිවිතයද නොතකා අපේ මිනිස්සු ඒ කල වික්‍රමය මේ ලෝකේ කිසිම රටකදීනම් දැකිය නොහැකිබව ස්ථිරයී.
එදා වේල කන්න නැති අසරණ පුද්ගලයා ගේ සිට මහා පෝසතා දක්වාම ලොකු කුඩා ගැහැණු පිරිමි මේසියල්ලම අසරණ වු ජනතාව වෙනුවෙන් තම තමන්ට හැකි දේ කාලෝය.

ජාති, ආගම්, පක්ෂ පාට දුප්පත්,පොහොසත් නැමති ගිනි පුපුරු අපේ සිත්තුල නැතුවා නොවේ. ඒ ගිනි පුපුරු අකා මකා දැමු වැස්ස අපේ උන් අපිට ජිවිත යෙන් අහිමිකලත් ,
මොරසුරණ වැස්ස නිසා දළුලා වැඩුනු මනුස්සකම නම් කිසිදා නැති වෙන්න දෙන්න එපා……….!!!


Spread the love

Leave a Comment

You may also like