මේ වෙනකොට හිඳී ඇති ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ අවුරුද්දටම ගාණක් හොයා ගන්න තිබෙන එකම දේ LPL නම් ලoකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි.
අනිල් මොහාන් නම් මැච් ෆික්සින් ඒජන්තයකුගේ කොම්පැණියකට අවිරුදු පහකට විකුණා ඇති මේ තරගාවලියේ 2020 වසරට ගෙවිය යුතු මුදලවත් තවම ගෙවා නැත.
මෙහි මහ මොළ කරුවන් වන දේශීය තරගපාවා දීම් චූදිතයකු වන රවින් වික්‍රමරත්නටත් අනිල් මොහාන්ගේ ගජයකු වන ෂම්මි සිල්වාටත් උවමනා මේ මොහොතේ සියලු දෙනා රවටා මේ තරගාවලිය පැවැත්වීමයි.
ක්‍රීඩා ඇමති නාමල් ටද උවමනා එයයි. ඔහු මෙයින් රටේ ක්‍රීඩා ආර්ථිකය නැoවෙන බවට විහිළු සපයන්නේ මෙයින් ඔහුටද ලැබෙන කොමිස් කුට්ටිය නිසයි. ඔහුගේ මාමණ්ඩියාටද මෙයින් කුට්ටියක් ලැබෙයි. ඒ තම සමාගමේ නිකම් තිබෙන බස් රථ ටික මේ කණ්ඩායම් වලට ලබාදීමට ලැබෙන අවස්ථාව
නිසාවෙන්.
මේ වෙනකොට රට පුරා දවසෙන් දවස වැඩිවෙන කොවිඩ් වසoගතය යටතේ රටම ලොක් ඩවුන් කරන මට්ටමක තිබුණත් මේ ඩීල් එක ක්‍රියාත්මක කරන්න නාමල් පවිත්‍රා ඇමතිනිය සමගත් ඩීල් එකක් දමා ඇතැයි වාර්තා වෙනවා.
ජනාධිපති බාප්පත් මේ මොකුත් නොදන්නාක් මෙන් සිටීමත් පුදුමයට කාරණාවක්. මෙය පැවැත්වුවහොත් පිට රට්න් එන්න නියමිත ක්‍රීඩකයන් 25 දෙනෙකු හා ඉන්දියාවෙන් එන්න නියමිත ටෙලිවිෂන් කාර්මිකයන් හා සහායකයන් 100 කට පමණ රටේ අනෙක් අයට බල නොපාන අමුතුම නිරෝධායන නීතියක් යොදා ගන්නත් හමුදාපති එකඟ කර ඝ්
ගැනීමත් මේ ඩීල් එකේම කොටසක්. මේ තරග පැවැත්වුවත් ඒ කරන්න වෙන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් තොර හිස් පිට්ටනි වලයි. එය තරග පාවා දෙන්නන්ට දෙවියන් දුන් වරමක් වැනියි.
දැනටමත් අයිසීසිය ලoකාවට දී තිබෙන්නේ ලෝකයේ දූෂිතම ක්‍රීඩකයන් හා පරිපාලකයන් ඉන්න රටක් බවට සහතිකයක්.