උණුසුම් පුවත්

බූෆෝ ගාචියෙන් ක්වා ( රට වහන්න එපා ) චීනය කියයි- ගෝඨාභයට චීනය නියෝග කරලා……!!

Spread the love

 මේ වන විට ශ්‍රී ලංකා පුරාම කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතී .මෙම ව්‍යාප්ත වීම හමුවේ ලංකා සෞඛ්‍ය බලධාරීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේ වන විට  ශ්‍රී ලංකාවේ සමස්ත හදිසි ප්‍රතිකාර ඇඳන් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති හෙයිනි, 500 යුක්ත ශ්‍රී ලංකාවේ ඇඳන්  සියල්ලම මේ වන විට මුළුමනින්ම රෝගීන්ගෙන් පිරී ඇත.

ඊට අමතරව දිවයින පුරාම රෝහල්වල  එක් වාට්ටුව බැගින් හෝ  කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. එහෙත්  අද වන විට තත්වය වඩාත් දරුණු වී ඇති හෙයින් ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය සංගම් සහ සියලු වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි ඉල්ලීමක් වී ඇත්තේ සමස්ත ශ්‍රී ලංකාවම වසා දමන ලෙසය

එහෙත් ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  Locked Down  කිරීමට නොයෑමට තීරණය කර ඇත. මේ පිළිබඳව අප විසින් දිගින් දිගටම කරුණු සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකාව වසා නොදමන ලෙසට චීන රජය ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇති බවයි.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ චීන සේවකයින් රට පුරාම 10,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටින නිසාත් ඔවුන්ගේ ගමන් පහසුව සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමෙන් අතිවිශාල ජනතාවක් ශ්‍රී ලංකාවේ අතරමං වන නිසාය. මේ නිසා ලංකාවේ නීතිය හා සාමය පවත්වාගෙන යා යුත්තේ සහ සෞඛ්‍ය පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැ යි කීමට තරම් අද චීනය බලවත් වී ඇත.

ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට නගර ගම් එකිනෙක lockdown කරමින් ලෝකෙටම විහිළු සැපයීම කරමින් ඇත. මෙහිදී සමස්ත ජනතාවම වසංගතයට ලක්කරමින් ගෝඨාභය රාජපක්ෂ පවුල චීනයෙන්  ලබාගන්නා ලද කොමිස් මුදල් නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. අද චීන කොමිස් මුදල් නිසා රාජපක්ෂ පවුලට චීන රජය ඉදිරියේ දණ නමස්කාර කිරීමට සිදුව ඇත.

මේ නිසා අහිංසක ශ්‍රී ලංකා වාසි ජනතාවට කොරෝනා රෝගය පිළිබඳව දැඩි මරණ බියක් ඇති වි ඇති මොහොතකවත් මෙය තවත් ව්‍යාප්ත වීමට නොදී රට වසා සියලුම පුරවැසියන් නිවෙස් තුළට සීමා කරමින් කෙසේ හෝ මෙම වසංගතය වළක්වා නොගතහොත්  දිනකට මරණ 30/40 වාර්තා වීමට ඉඩ ඇති බව  අප සමග අදහස් දැක්වූ එක්තරා වෛද්‍යවරයෙක් මීට ඉහත දී පැවසීය.

එම ලිපිය වෙනත් ලිපියකින් අප මීට පෙර ඉදිරිපත් කර ඇත


Spread the love

Leave a Comment

You may also like