2015 ට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ රටේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ නියෝග අනුව ප්‍රදීප් එක්නැලිගොඩ , ලසන්ත වික්‍රමතුංග, රවිරාජ් සහ පාසල් දරුවන් එකොළොස් (11) දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම පෝද්දල ජයන්ත වැනි පුද්ගලයන්ට පහරදීම් මාධ්‍ය ආයතන ගිනි තැබීම මේ සියල්ල සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික අනුදැනුම මත බවට ඕනෑ තරම් ශ්‍රී ලංකාව තුළ සාක්ෂි අපමණ වත් ඇත.
එහෙත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති මන්දගාමිත්වය සහ පක්ෂපාතිත්වය නිසාම ඒ කිසිවක් මේ වන තෙක් නීතිය හමුවට නොපැමිණෙන බව සත්‍ය කරුණකි .එදා ගෝඨාභය ආරක්ෂක ලේකම් වශයෙන් සිටියදී සිදුකල සියලු ක්‍රියාවන් ලෝකය හමුවේ පැහැර ගැනීම් හා මිනීමැරීම බවට ඒත්තු ගැන්වෙන සාධක ඉදිරිපත් විය.
ජනාධිපති වශයෙන් මේ වන විට සිටින ගෝඨාභය රාජපක්ෂ වෙත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊයේ දින සිට අසීමිත වූ බලයක් ඔහු වෙත පැවරුණි. ඒ මතම ඊයේ රාත්‍රී යුදහමුදා බුද්ධි අංශ මෙහෙවන රාජ්‍යය බුද්ධි සේවය අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරාල් සලේ පුද්ගලිකහමුදා බුද්ධි නිලධාරින් කීපදෙනෙකු කැදවා ඉතාම රහසිගත සාකච්චාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවේදී කුමක් කීවේ දැයි අප ස්ථිර වශයෙන් කීමට නොදන්නා නමුත් මේ වන විට වෙනත් මාර්ග වලින් ලැබී ඇති තොරතුරු අනුව හෙළි වී ඇත්තේ මින් ඉදිරියට පසුගියදා මරාදැමූ මාකදුරේ මදුෂ් ගේ ඝාතනයන් වගේ ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ රජයක් තුළ කිසි දවසක සිදු නොවන බවයි.
දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් වෙඩිතබා මරාදමන ලද නාටකයෙන් ලංකාවේ වෙඩිතබා මිනිසුන් ඝාතනය කිරීමේ සංස්කෘතියට තිත තැනු ඇත.
එහෙත් මෙහි ඇති අති භයානකම දේ නම් මින් ඉදිරියට ගෝඨාභය ආණ්ඩුව සූදානම් වන්නේ රුසියානු සහ චීන ක්‍රමයට පුද්ගලයන් මරා දැමීමට එනම් polonium නැමැති අධි රසායනික ද්‍රව්‍ය මාර්ගයෙන් තමාට එරෙහි වන පුද්ගලයින් ස්වභාවික මරණයට පත් කිරීමකි.
මේ කොතෙක්ද යන්න රුසියානු ජාතික රහස් ඔත්තු කරුවන් මේ වන විට විවිධ රටවලදී විශේෂයෙන්ම ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි රටවලදී පවා මරා දැම්ම ඇත්තේ polonium නැමැති රසායනික ද්‍රව්‍ය ස්පර්ශ කිරීමේදී ශරීරගත වීමෙන් ස්වභාවිකය හෘදය ක්‍රියා විරහිත වීම හෝ නිව්මෝනියාව වැනි රෝගයන් පැමිණීමෙනි .
ඉන්පසුව සිදු වන්නේ ඔවුන් දින කීපයකින් පසු ස්වභාවික මරණයකට පත් වීම මෙහි ඉතාමත්ම භයානක සිද්ධිය නම් මේ වන විට ගෝඨාභය රජයේ දැඩි අප්‍රසාදයට සහ වෛරයට පාත්‍ර වී ඇති පුද්ගලයා බවට පත්ව ඇත්තේ හිටපු අමාත්‍ය චම්පික රණවකය මේ නිසාම අපි ජනතාවගේ මාධ්‍යක් වශයෙන් හිටපු අමාත්‍ය චම්පික රණවක ගේ ජීවිතය නැති කිරීමේ ගෝඨාභය ජුන්ටාව ඉදිරියේදී ක්‍රියාත්මකවීමට ඉඩ ඇති බවට අපවෙතට තොරතුරු ලැබී ඇත.
මේ වන විට චම්පික රණවක අමාත්‍යවරයාට මහාධිකරණයේ නඩු පවරා ඔහුව සිරගත කිරීමටත් ඉන් පසුව බන්ධනාගාරය තුළදී ඔහු ස්වභාවික මරණයකට පත් කිරීමට සූදානම් වන බව ගෝඨාභය ජුන්ටාව තුළින් හෙළි වෙමින් ඇත.
මේ නිසා ශ්‍රී ලංකා ජනතාවගේ මාධ්‍යක් වශයෙන් අප චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට දැඩිසේ අනතුරු අඟවා කියා සිටින්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වහාම කටයුතු කරන ලෙසයි.
මෙයාකාරයට ම විවිධ රටවල නායකයින් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර දේශපාලනයේ දී පෙනී යන කරුණකි එහිදී කැපී පෙනෙන අවස්ථා වන්නේ යසර් අර්පත් ඝාතනය වී ඇත්තේත් polonium නැමැති රසායන ද්‍රව්‍ය ශරීරගත වීමෙන් ඇති වූ හෘදයාබාධයකින්
එසේම ශ්‍රී ලංකාවේ ප්‍රචලිත සෝම හාමුදුරුවන් වහන්සේ ද රුසියාවේ දී අපවත් වී ඇත්තේ නිව්මෝනියාව වැලඳී මෙනි එම සියල්ලම සිදුවන්නේ කිසියම් රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් එය ලේ තුළට යාමෙන් මෙම ස්වභාවික මරණය අත්විඳීමට සිදුවේ.
මෙහිදී රජය වෙත කුමන චෝදනා එල්ල වුවත් අවසානයේ මරණ පරීක්ෂණයක් තුළ දී පෙනී යන්නේ එය හෘදයාබාධයක්, එසේත් නැතිනම් නියුමෝනියාව වැළදීමෙන් ඇති වූ ස්වභාවික මරණයක් බවයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුව මෙම Polonium රසායනක ද්‍රාව්‍ය තිබී හමු වී ඇත. ඒ සියල්ලම දැන් ගෝඨාභය භාරයේ ඇත.
මේ නිසා අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඉදිරියේදී ගෝඨාභය රජයට එරෙහි වන චම්පික රණවක වැනි පුද්ගලයින්ගේ ජීවිත බොහෝ සෙයින් අනතුරුදායක බව අපි ඔවුන්ට අනතුරු අඟවමින් ප්‍රසිද්ධ කර කියා සිටිමු. (Polonium is a chemical element with the symbol Po and atomic number 84. A rare and highly radioactive metal with no stable isotopes, polonium is chemically similar to selenium and tellurium, though its metallic character resembles that of its horizontal neighbors in the periodic table: thallium, lead, and bismuth.)