උණුසුම් පුවත්

නාකොටික් එකේ අල්ලන කුඩු විකුණා කෝටි 45 කට වඩා සල්ලි හොයපු රංගනයේ යෙදෙන රංගජීව ගේ පැටිකිරිය……..!!

Spread the love

උපසේවා උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙසට පොලිස් දෙපාර්තමේතුවට එක්වෙන නියුමාල් රංග ජීව විවිධ පලාත්වල සේවය කිරීමෙන් පසුව පොලිස් නාකොටික් අංශයට අනුයුක්තව රාජකාරි සිදු කරන්නේ එවකට පොලිස් අධිකාරි ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂකව සිටි වර්තමාන නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සමඟය.

අග්‍ර පුරෝහිත…….

කමල්  සිල්වා ගේ අග්‍ර පුරෝහිතයෙකු වු හිටපු පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව පොලිස් නාකොටික් අංශයට ලබාදුන්නේ එවකට පොලිස් නාකොටික් භාරව සිටි පුජිතය.පුජිත ගේ ද ඉතාම හිත්වතෙක් වුයේත් රංග ජීවය.(අද පුජිතට විරුද්ධව සාක්ෂි දෙන්නේත් ඔහුමය.)
වචනයේ පරිස්මාර්තයෙන්ම රංගනයේ ඉතාම හොදි යෙදුනු රංග ජීව පොලිස් නාකොටික් අධ්‍යක්ෂක කමල් සිල්වා සමඟ ඒකට එකව යහමින් කුඩු විකුණා සල්ලි හෙව් බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරමු. ( ඊට අදාල බැංකු සටහන් වල පිටපත් අප සතුව ඇත. )

ඉඩම් හා අනෙකුත් දේපල රුපියල් කෝටි 45……

කමල්  සිල්වා  හෝටල් හැදුවේත් නියුමල් රංග ජීව කෝටි ගනන් ආදායම් උපයා ඇත්තේත් නිලඇදුම ඇදන් කුඩු  අල්ලා ඒවා නැවත විකුණු නිසාය ….නිශ්චල හා චංචල දේපල සියල්ලේම වටිනාකම රුපියල් කෝටි 45 කට වඩා වැඩිය . ඒ කඩුවෙල කොළඹ මේ වනවිටත් ධාවනය කරන බස් රථ වලට අමතරවය එම බස් රථ ඇත්තේ මොහු ගේ ඥති පුතෙකු ගේ නමටය.

පොලිස් නාකොටික් හිටපු වැලිකඩ බන්ධනාගාර මිනිමැරුමේ චුදිත හිටපු පොලිස් පරික්ෂක නියුමාල් රංග ජීව ගේ දැනට ඇති දේපල / ඉඩම් හා /යන්ත්‍ර සුත්‍ර මෙසේය…….

1. වීරසිංහ නොතාරිස් විසින් ලියා ඇති- ඔප්පු අංක 4234 ඉඩම
සමුපකාර මාවත, දකුණු රණාල, ඉඩම …..වටිනාකම කෝටි 11

2. පී.ඒ .ලෙස්ලි ගාමිණි නොතාරිස් විසින් ලියා ඇති අංක 1318
දරණ කඩුවෙල ,බෝමිරිය ,ඉහල වැල්ලල ඉඩම, වටිනාකම
රුපියල් කෝටි 18 ක්

3. මහාමාර්ග වැඩබිමේ යොදවා තිබු ගල් රෝල් 02 ක් යන ඒවා පොලිස් නාකොටික් හිටපු පොලිස් පරීක්ෂක නියුමාල් රංග ජීව සතුය මෙවනි දේපලක් කිසිදු රජයේ සේවකයෙකුට ධාරමිකව ඉපයිය නොහැකිය. ඊට අමතරව රංග ජීවට හා ඔහු ගේ බිරියට අයත් බැංකු ගිණුම් මෙසේය විවිධාකාරයෙන් ඇත. ඒවානම් ….,

ඔහු ගේ බිරියට අයත් බැංකු ගිණුම්……..

HNB  ගිණුම් 8 ක්
ලංකා බැංකුව ගිණුම් 01 ක්
ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගිණුම් 05 ක්
සම්පත් බැංකුව ගිණුම් 02 ක් ඇත. මේවා ගේ තැන්පත් කොට ඇති මුදල් ප්‍රමානය හා දිනයන් මෙසේය.

1. 2008/12/22 දින ස්ථාවර තැන්පතුවක් සදහා රුපියල්
ලක්ෂ 10 කි

2. 2012/11/05 වන දින ස්ථාවර තැන්පතු සදහා රුපියල්
ලක්ෂ 01 ක් ද

3. 2012/01/31 දින ස්ථාවර තැන්පතුවක් සදහා රුපියල්
ලක්ෂ 15 ක් ද,

4. 2012/08/06 දින ස්ථාවර තැන්පතුවක සදහා රුපියල්
ලක්ෂ 13,50,000.00 (දහතුන් ලක්ෂ පනස් දාහක් )

5. 2012/09/06 දින ස්ථාවර තැන්පතු සදහා රුපියල් ලක්ෂ 02
ක් ද,

6. 2013/04,/18 දින ස්ථාවර තැන්පතුවක් සදහා රුපියල්
ලක්ෂ01 ක මුදලක් ද

7. 2013/11/27 දින ස්ථිර තැන්පතු සදහා රුපියල් ලක්ෂ 01 ද

යනුවෙන් විවිධ බැංකුවල මුදල තැන්පතු ඇත ( මෙ වන විට මුදල් ඉවත් කරගනිමින් ඇත. ) මෙම මුදල් තැන්පත් කොට ඇත්තේ ශාන්ති කුමාරි පෙරේරා නැමති  රංග ජීව ගේ බිරිද ගේ නමින් හා තවත් සමහරක් ඇයට හා රංග ජීවයන දෙදෙනාටම අයත් ගිණුම්ය.

පොලිස් නිලඇදුමට මුවා වී මහා පරිමාන කුඩු ව්‍යාපාරිකයෙකු………..

මේසා විශාල මුදලක් පොලිස්පතිටවත් ඉපයිය නොහැකිය. මොහු විසින් මහාපරිමාන මත් කුඩු වැටලීම් සිදුකල බවට කිසිදු තර්කයක්   නැත. ඔහු දක්ෂ හපන්කම් ඇති නිලධාරියෙකි.

ඒත් ඒ සියල්ලම සිදු කොට ඇත්තේ පොලිස් නිලඇදුමට මුවා වී මහා පරිමාන කුඩු ව්‍යාපාරිකයෙකු ලෙසත්,  තවත් වරෙක ව්‍යාපාරිකයන් රැක ගැනීමට රටේ හෙරෝයින් පාවිච්චි කරන  අහිංසක පුද්ගලයන්ට හෙරෝයින් ජාවාරමේ යෙදුන බවට අසත්‍ය නඩු ගොතා ඇති බවට ඕනෑ තරම්  සාක්ෂි ඇත.

පුද්ගලයන් වෙඩිතබා මරාදැමීම්…..

එසේම වරෙක කුඩු ලාලිත නැමති පුද්ගලයා ගේ කාර්ර්‍අථය පරික්ෂාකරණ රංග ජීව එම රථයේ කුඩු තිබී නැති නමුත් ඒ  වනවිට මෙම හෙරෝයින් ජාවරම් කරු සතුව රුපියල් 50,000.00 ක  මුදලක් තිබී ඇත. එම  මුදල් රංග ජීව බලහත් කාරයෙන්ම අරන් ඇත.

ඒ පිලිබදව කුඩු ලාලිත රංග ජීවට විරුද්ධව පොලිස් මුලස්ථානයට මේ පිලිබදව පැමිණිල්ලක් කොට තිබී ඇත. පසුව ඒ පිලිබදව පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් විමර්ෂණයක් කොට ඇති නමුත් එවකට නාකොටික් අධ්‍යක්ෂකව සිටි කූටප් ප්‍රකට තවත් එක් කුඩු ව්‍යාපාරයෙන් යහමින් මුදල් ඉපයු දැනට නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ගේ මැදිහත්වීමෙන් ඒම විමර්ෂණයද අතර මඟ නතර කොට ඇත.

ඇල්ලු කුඩු නැවත විකිණීමේ ජාවාරම…..

ඒම විමර්ෂණ ගොනුව අංක……. 2/ 2012 යටතේ පොලිස් විශේෂ විමර්ෂන ඒකකයේ ඇත. මේ පිලිබදව දැඩි වෛරයෙන් සිටි රංග ජීව එක දිනක් පිලියන්දල පොලිස් වසමේදී කුඩු ලාලිත ගේ කාර් රථයට නතර කිරීමට නියෝගකොට එක් වරම ඔහුට වෙඩිතබා මරා දමා සියල්ලම වසා දැමීය .

රංග ජීවට විරුද්ධව පොලිස් මුලස්ථානයේ පැමිණිල්ල නිමාවී එම ගොනුව වසා ඇත. මෙම කුඩු ලාලිත ගේ මරණය පිලිබදවත් මහේස්ත්‍රාත් පරීක්ෂණ හා බී වාර්තා සියල්ලම සකස් කොට ඇත්තේ කමල් සිල්වා විසිනි රංග ජීව උපයා ඇති ආදායමට සමානම  කමල් සිල්වාත් මහත් ධනස් කන්දයක්උපයා ඇති පට්ටම දුෂිතයෙකි.

නියුමාල රංග ජීව ගේ කුඩු ව්‍යාපාරය අතටම අසු වුයේ වරෙක මෝදර පොලිස් ස්ථානාධිපති ලෙසට සිටි  රොහාන් ඔලුගලටය. හෙරෝයින් සමඟ අත් අඩංගුවට ගත් සැකකරු ගෙන් ප්‍රශ්ණ කිරීමේදී එම හෙරෝයින් ඊට පෙර දින විකුණා ඇත්තේ රංග ජීව විසින් බවට අනාවරණය වීමත් සමඟම වහාම ඒ පිලිබදව අධ්‍යක්ෂක කමල් සිල්වාව දැනුවත් කල නමුත් ඔලුගලට සිදුව ඇත්තේ හොරා ගේ අම්මා ගෙන් පේන ඇසීමටය .ඊට වහාම ක්‍රියාත්මක වු කමල් සිල්වා මෝදර පොලිසියට ගොස් සියල්ලම ගොඩින් විසදීය .නියුමාල් රංග ජීව නැමති මිනිමරු චුදිතයා ඉන්ද ගැලවුනි.

රංගජීවට වෙඩි තැබු නසාර්ව රටින් පැනු කමල් සිල්වා…….

කමල් සිල්වා ගේ හා රංග ජීව ගේ ඉතාම කුළුපගු මිත්‍රයෙක් වු කුඩු නසාර් ඒක අවසථාවකදී කමල් සිල්වාට තොරතුරක් ලබා දෙනු ලැබීය. ඉන් කිය වුනේ කිලෝ 10 ක හෙරෝයින් පැමිණ තිබෙන බවයි .

නසාර් ද මහා පරිමාන හෙරෝයින්  ජාවාරම් කරුසමඟ රංග ජීව පිටත්කර හරින කමල් සිල්වාට ඊට පැය කීපයකින් රංග ජීවට පාතාලේ කුඩු කාරයන් වෙඩි තබා ඇති බව ආරංචි වේ. ඒ පිලිබදව සොයා බලා කමල් සිල්වා විස්තර ලබා ගනි.

ඔහු අධ්‍යක්ෂක ලෙසට තම පහල නිලධාරියකු  මෙවනි  අවධානම් ගමනකට යොමු කලේ ඇයි ද යන්න තාමත් ප්‍රෙහෙලිකාවකි. කෙසේ වෙතත් රංග ජීව  එක්ක ගිය ඔත්තුකරු නසාර්  පසුව කමල් සිල්වා සොයා ගේන පොලිසියට පැමිණි,  කමල් සිල්වා    නසාර්  අත්වඩංගුවට නොගෙනම පිටත්කර හරින්නේ ඉතාම සුහදවය.මේ පිලිබදව මිරිහාන විශේෂ විමර්ෂණය තැබු සටහන් අදටත් දෑකිය හැකිය .පසුව කමල් සිල්වා ගේ ආශිර්වාදයෙන් රටෙන් පිටව අදත් ජිවත්වන්නේ ඩුබායි වලය.

මෙයින් බරපතල තුවාල ලබන හිටපු පොලිස් පරික්ෂක් නියුම්මාල රංග ජීවගේ ජීවිතය යන්තමින් බේරේ. එදා රංග ජීවගේ චෝදනා වසා ගැනීමට ලාලිත මැරුවා සේම , කමල් සිල්වා ගේ චෝදනා වසා ගැනීමට රංග ජීව මරාදැමීමට සුදානම් වුවාදැයි අපට සිතේ.

කොහොම කොයි හැටි වුවත් පොලිස් නිලඇදුම ඇඟලා රටේ අහිංසක දරුවන්ට කුඩු පොවන උන්ව අල්ලන්න යන රංග ජීවලා අල්ලන කුඩු වලින් කොටසක් ඉවත් කොට ඒ බරට හරියන්න ඩ්ව්ට් කවලම් කොට ඒවා අධිකරණයටත් ,  ඉවත් කරගත් හෙරෝයින් නැවත වෙලද පොලටත් යවන මහා පරිමාන තිරිසන් ජාවාරම් කරුවන්ය.

ඒ සියල්ල වසා ගන්නේ උත්තරීතර කකි නිල ඇදුමෙන්ය. රංග ජීව ගේ ඇත්ත පැටිකිරිය අවසන් කරන්නේ….. එදා මදුෂට වෙඩි තබා මරාදැමු රංග ජීව ගේම මුහුණු පොතේ යෙදු  පාපෝචරනයෙන්මය   තවත් අර්ථයක් දෙමිනි…… ….අපි රටේ නිතිගරුක හා යුක්තිගරුක ජනතාව වෙනුවෙන් මෙසේ ලියා තබන වගනම්…..

” කුඩු සල්ලිවලින්කොච්චරබැංකුවල ස්ථාවර තැන්පතු දැම්මත්, කුඩුවලට ඇබ්බැහි වු දරුවන් ගේ දෙමාපියන් ගේ  තැම්පත්වෙන වේදනාව රංගජීවලා,කමල් සිල්වලා ගේ හත්මුතු පරම්පරාවෙම ජීවිතවල තැන්පත් වෙනබවනම් සහතිකය …….”

නිලමේ……


Spread the love

Leave a Comment

You may also like