උණුසුම් පුවත්

කොරෝනා අරමුදලේ රුපියල් කෝටි 27යි. විදේශ ආධාර ඇමරිකානු ඩොලර් මිලියන 6224 යි . ..අරමුදල් සියල්ල බැසිල් බාරයේ ඒත් ජනතාව රෝහල් වල අපාදුක් විදිනවා…!!

Spread the love

මේ වනවිට ලෝකයේ නොයෙකුත් රටවල් වලින් දුප්පත් රටවලට කොරෝනා වෙනුවෙන් විදේශ ආධාර හා පරිත්‍යාග අතිවිශාල මුදලක් ලබා දී ඇත. එම රටවල් අතර ශ්‍රි ලංකාවද සිටි ඇමරිකාව,ජපානය,ඉන්දියාව, නෝවේ,ස්විස්ටර්ලන්තය,කැනඩාව ,චීනය, යන රටවලින් ලැබුන මුදල් පිලිබදව පසු ගිය මාර්තු මස කොරෝනා මුල් අධියෙරේ සිටම මහත් ආන්දෝලනයක් තිබුණි.

ඒත් අද වන විට එම අරමුදල පිලිබදව කිසිවකුත් කතා නොකරීම පුදුම සහගතය.ඒ පිලිබදව විපක්ෂය පවා කිසිවක් කතා නොකරයි. මේ වනවිට රට පුරාම කොරෝනා ව්‍යාප්තව ඇති අතරම ජනතාව දැඩි ආරථික අර්බුදයකට මුහුණ දී ඇත.

එසේම රටේ මේ වන විට බොහෝ රෝහල් වල දැඩි ඹෞෂධ හිඟයක් ඇති බවදැන ගැනීමට ඇත. එසේම රෝහලවල කැම,  කෑමට තබා ඒවා දැඩි දුගදක් හමන බවද කියයි.

ඒත් වන විට බැසිල් භාරයේ ඇති කොරෝනා මුදල් ඇති නමුත් ඒ කිසිවක් රටේ ජනතාව වෙනුවෙන් වියදම් නොකරයි. මෙම අරමුදල පිලිබදව කිසිදු විගනනයක් නොකිරීමට රජය තීරණය කොට ඇත.


Spread the love

Leave a Comment

You may also like