ජාත්‍යන්තර රතු වරෙන්තු ලේඛණයේ ලේඛණ ගතව සිටි මාකදුරේ මදුෂ්නැමති සැකකරු ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කිරීමට පෙර එරට අධිකරණ නියෝගයකින් රදවා තබා තිබුණි.
ඒ වන විට ජාත්‍යන්තර පොලිසිය මාදුෂ් වෙනුවෙන් රතු වරෙන්තු නිකුත් කොට මේ වන විටත් ජාත්‍යන්තර රතු වරෙන්තු ලේඛණයේ මදුෂ් ගේ නම සදහන්ව ඇත. ශ්‍රි ලංකා පොලිසිය වසර 1 1/2 කට පසුව 16/10/2020 ඒකවරම පොලිස්පති ගේ නියෝගයෙන් කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොළඹ අපරාධ කොට්ඨාශයට රැගෙනයාමට උපදෙස් දී තිබුණි.
20/10/2020 දින සඟවා ඇති ආයුධ පෙන්වීමට යයි මදුෂ් රැගෙන ගොස් වෙඩිතබා මරාදමා ඇත. එම වෙඩි තැබීම කලින් සුදානම් කල ක්‍රියාවක් බව ඉතාම පැහැදිලිය. මින් පෙනි යන්නේ ශ්‍රි ලංකා රජය මිලේච්ච ආකාරයට සැකකරුවන්ට සලකන බවකි. වර්තමාන ගෝඨාභය ජනාධිපති රට මිනිමරු පාලනයකට ගෙනයන බව ඉතාම හොදින් පෙන්වා ඇත්තේ ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු වුවත් වෙඩිතබා මරාදැමීමට පසු බට නොවන බවයි .
මේ නිසාම ශ්‍රි ලංකාවට කිසිවෙකු පිටු වහල් කිරීම /භාරදීම හෝ රතු වරෙන්තුකරුවන් අත් අඩංගුවට ගෙන භාර දීම එම පුද්ගලයන් ගේ ජීවිත අවධානම්ය.
මදුෂ් නැමති සැකකරු වෙනුවෙන් කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයකින් තොරව වසර 1 1/2 ක් රදවා සිට එක වරම මරාදැමීමට උපදෙස් දී ඇත්තේ ශ්‍රි ලංකා ජනාධිපති බව ඉතා පැහැදිලිය.
ලංකා මානව හිමිකම් සංවිධානයට දැනුම් දුන් නමුත් එම සැකකරු ගේ ජීවිතය බේරා ගැනීමට කිසිදු උනන්දුවක් නොවීම පිලිබදව අපි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට හා එක්සත් ජාතින් ගේ සංවිධානයට ලිඛිතවම පැමිණිලි ඉදිරිපති කර ඇත.
ශ්‍රි ලංකා මානව හිමිකම් සංවිධානයත් රාජ්‍ය භීෂණයට යටවී ඇති බව ඉතාම පැහැදිලිය . ඔවුන් නිසි ලෙසට ක්‍රියාකරානම් මනුෂ්‍ය ජීවිතයක් බේරාගැනීමට තිබුණි .
මෙම මිය ගිය අයගේ ජීවිතය පිලිබදව ජාත්‍යන්තර පොලිසිය ඉදිරියේදි කුමණ පියවරක් ගනු ඇත්දැයි අපි දැඩි අවධානයෙන් සිටිමු.