ශ්‍රි ලංකාවට ඉරපායන එක ගැනනම් ගැටළුවක් නැත. ඒ ලෝකය පවතිනතාක් එය සිදුවන නිසාමය.ඒත් මේ රටට කිසිම අනාගතයක් නැති සෝමාලියාවක් වෙමින් ඇති බව නම් සහතිකය.
ඒ රටේ ඉතාම වගකිවයුතු ආයතන මෙහෙයවනන් ගේ ඇති පාහරකම් නිසාමය. යාපනය දෙමළ සම්භවයකින් පැවත එන ඉතාම වැදගත් පවුලක පුද්ගලයෙකු පොලිස්පති පදවියට පත්වන්නේ 2003 වසරේදීය. ඔහු නමින් ආනන්දරාජා විය. වචනයේ පරිසමාර්තයෙන්ම ඔහු නියම මහත්මයෙකි.
කුඩ්ඩෙක් සමඟ එක්ව පොලිස්පති ගෙදර යැවීම…….
ඒ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අධ්‍යක්ෂකව සිටියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි පුජිත ජයසුන්දරය.චන්ද්‍රා ප්‍රනාන්දු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විය. මත්ද්‍රව්‍ය කාර්යංශය අධ්‍යක්ෂක ලෙසට සිටි පුජිතගේ ඉතාම කිට්ටුවන්ත සඟයන් වුයේ පාතාලයේ හා ඒවකට සිටි කුඩුරජාලාය. එම පුද්ගලයන් සමඟ පුජිත ආශ්‍රය ගෙනගියේ ඉතාම කුළුපගුවය. මේ අතර දෙමළ ජාතිකයෙකු පොලිස්පති පුටුවේ සිටීම පිලිබදව පුජිත සිටියේ දැඩි වෛරයෙන් බව පෙනි ගොස් ඇත. එවකට ප්‍රධානම කුඩු ව්‍යාපාරිකයා ලෙසට සිටි ඩේලු සමඟ ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් තිබී ඇත.
මෙහිදි ඩේලුගේ දියනිය ගේ උපන්දිනයට එවකට මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂක පුජිතටද ඩේලු විසින් ඇරියුම් කොට ඇත. එහිදි අපුරු උපක්‍රමයක් යෙදු චන්ද්‍රා ප්‍රනාන්දු හා පුජිත එක්ව පොලිස්පති හමුවී ඩේලු ගේ උපන්දිනයට යාමට එවක පොලිස්පති ආනන්දරාජාට ඇරයුම්කලාය. ඒ බව නැවත සනාථ කිරීමට පුජිතවිසින් එම අවස්ථාවේදීම ආනන්දරාජාට ඩේලු ලවා තම උපන්දිනයට ඒමට ඇරයුම්කලාය. චන්ද්‍රා ප්‍රනාන්දු ගේ හා පුජිත් ගේ ඇමට කොටු වු පොලිස්පති ආනන්දරාජා නියමිත දිනට උපන්දින සාදයට යාමට සියල්ල සුදානම් කරගත්තාය.
ඩේලුගේ දියනිය ගේ උපන්දිනය පැවත්වෙන හෝටලයට පොලිස්පති පැමිණෙන බවවත් නොදන්න හෝටල් කලමනාකාරිත්වය පවා මවිත විය. පොලිස්පති ගේ නිල වාහනය යනවිට ඊට ඉදිරියෙන් ගියේ පුජිත ගේ නිලරථයයි .පොලිස්පති ආනන්දරාජා මේ කිසිවක් නොදැන පුජිත ගේ කාර් රථය පසු පස ගොස් කොළඹ එවකට පැවති සුපිරි හෝටලය ඉදිරිපිට නතර විය . පසුපසින් පැමිණි පොලිස්පති ආනන්දරාජා ගේ වාහනයෙන් බිමට බැස බැලුවිට පුජිත්ගේ කාර් රථයේ පැමිණ ඇත්තේ වෙනත් පිරිසකි. වහාම චන්ද්‍රා ප්‍රනාන්දුව හා පුජිත සම්බන්දකිරීමට ආනන්දරාජා කටයුතු කලවිට පුජිත් හා චන්දා ප්‍රනාන්දු පැමිණෙන බව දැන්වීම නිසා පොලිස්පති පිලිගත් ඩේලු උපන්දින සාදය පැවැත්වෙන ශාලාවට කැදවන් ගොස් ඇත.
පසුව ආනන්දරාජා , චන්ද්‍රා ප්‍රනාන්දු හා පුජිත ගේ පමාව නිසා සොයා බලා ඇත. ඒ වනවිටත් දුරකතනයට සම්බන්ධ නොවු චන්ද්‍රා ප්‍රනාන්දු හා පුජිත් උපන්දිනයට නොපැමිණ මඟ හැරියාය. ඒ ඔවුන් දෙදෙනා ගේ උගුලේ පොලිස්පති හසුවීම නිසාය. පුජිතගේ කාර් රථයේ ඒ වනවිට ඩේලු ගේ උපන්දින සාදයට යවා සිටි ඡායාරුප ශිල්පීන් අවශ්‍ය පමණටත් වඩා ඉතාම හොදින් වැඩේ නිමකොට තිබුණි එම ඡායාරූප එදිනම රාත්‍රි ලංකාවේ සියලුම පත්තර වලට ලබාදුන් චන්ද්‍රා ප්‍රනාන්දු හා පුජිත එලිවෙනකොට සියල්ල නිමකොට එදින කාර්යාලයට නොපැමිණ චන්ද්‍රා ප්‍රනාන්දුත් පුජිතත් දෙදෙනාම ගියේ එවක ජනාධිපති චන්ද්‍රිකා හමුවීමටය .
මේ කිසිත් නොදත් පොලිස්පති ආනන්දරාජා සුපුරුදු පරිදි තම කටයුතු කරමින් සිට ඇත. ඒ වනවිට ලැව් ගින්නක් සේ ඇවිලියන සිද්ධියෙන් පොලිස්පතිට සියල්ල තේරුම් ගියත් ඔහු කිසිවක් නොකියාම චන්ද්‍රිකා ජනාධිපති හමුවීමට ගියාය. ජනාධිපතිනිය වහාම ඉල්ලා අස්වීමට දැනුම්දුන් විට පොලිස්පති ආනන්දරාජාට හීන් දාඩිය වැටුනි.
ඒ වනවිට සියල්ල සිදුව හමාරය පුජිත ජයසුන්දර හා ඒවකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගේ කාලකන්නි නින්දිතම උගුලට හසුකොට පොලිස්පති තනතුර චන්ද්‍රා ප්‍රනාන්දු උදුරා ඉන්ද්‍රා ද සිල්වාට ලබාදී ඇත. චන්ද්‍රා ප්‍රනාන්දු ඉල්ලා සිට ඇති නමුත් චන්ද්‍රිකා එය ප්‍රතික්ෂේප කර ඇත. . 2002 ඔක්තෝබර් 01 වෙනි දින පොලිස්පති වු ආනන්දරාජාට 14/10/2003 දින සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය .
කුඩු ඇල්ලීම……..
මේ වනවිට අපේ කතා නායක වු පොලිස් පරික්ෂක ඩග්ලස් නිමල් බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසට රාජකාරි කරමින් සිටියේය. ඒ අතර තුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම භාර කලේත් ඩග්ලස්ටය ,තම පහල නිල්ධාරින් ගේ මිතුරෙක්, සහෝදරයෙක් සේ එකට සිටි නිසාම ඩග්ලස් බොරැල්ල පොලීසියේ කා අතරත් ඉතාම කුළුපගු විය. ඒ වනවිට පොලිස්පතිව සිටි ඉන්ද්‍රාද සිල්වා විශ්‍රාම ගේන පොලිස්පතිව සිටියේ චන්ද්‍රා ප්‍රනාන්දුය චන්ද්‍රා ප්‍රනාන්දුය.
අයුක්තිය ,අසාධාරණය වෙනුවෙන් නොබියව පෙනි සිටීමට උපතින්ම කොන්දක් ලැබුණේ තම පියා නිසාය. පොලිස් සැරයන් ඩැනීෂියස් අදටත් සිහිකරන නිර්භීත නිලධාරියෙකි. ඒ වෙලාවට වැඩ කරන වචනයේ පරිසමාර්තයෙන්ම සුද්දාගේ පොලිස්කාරයේක්ම විය. එක් දිනක් ඩග්ලස් රාජකාරි කරන අතර තුර ඔත්තුවක් ලැබුනේ දින ගනනාවක සිට ත්‍රිවිල් රථයකින් පුද්ගලයන් දෙදෙනෙකු කුඩු ප්‍රවාහනය කරන බවයි.
ඒ වහාම පිටව ගිය ඩග්ලස් හරියටම වැඩේ කලාය. ත්‍රිවිල් රථය සමඟම පුද්ගලයන් 02 අත් අඩංගුවට ගැනිනි. පසුව ඒ පිලිබදව සවිස්තරාත්මක් සටහන් යෙදීමෙන් පසු එවකට නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර ඩග්ලස්ට කතාකොට වහාම අත්වඩංගුවේ සිටින සැකකරුවන් රැගෙන පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු හමුවීමට අවශ්‍ය බව දැනුම් දී ඇත.ඒ වනවිට පොලිස්පතිව සිටියේ චන්ද්‍රා ප්‍රනාන්දුය
ඩග්ලස් අත්වඩංගුවට ගත් සැකකරුවන් වුයේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකයෙක් හා පාතාල මෙහෙයවන්නෙක් වු කිඹුලා ඇලේ ගුණා නැමත්තා ගේ මස්සිනා වු මුරලිදරන් හා කැලුම් යන සැකකරුවන්ය.සැකකරුවන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගේ නියෝග අනුව වහාම පොලිස්පති වෙතට රැගෙනයාමෙන් පසුව ඩග්ලස් හිස් අතින් නැවතත් පොලිසියට පැමිණියාය .
ඒත් ඔහු සැකකරුවන් නියෝජ්‍ය පොලිස්පති පුජිත ගේ උපදෙස් හා නියෝගමත පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුය වෙතට භාර දුන් බවට ඔහු පොලිස් තොරතුරු පොතේ සියල්ලම සටහන් කලාය. මේ පිලිබදව බොරැල්ල පොලිස් ස්ථානාධිපති සියල්ල පුජිතට කියා ඇත.
කුඩු ගුණාගේ මස්සිනාව අත් අඩංගුවට ගත් ඩග්ලස් ගෙන් කිඹුලා ඇලේ ගුණා දිගින් දිගටම තම මස්සිනා හා කැලුම් පිලිබදව ප්‍රශ්ණ කලෝය. මේ අතරතුර මුරලිදරන් හ කැලුම් දෙදෙනාවම වෙඩිතබා මරාදමාතිබුණි. මේ පිලිබදව කණ වැකුණ කිඹුලා ඇලේ ගුණා තම මස්සිනාට සිදු දේ පිලිබදව ඩග්ලස් ගෙන් සියල්ලම දැන ගන්න ලදි.
බොරැල්ල අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසට සිටින අතර තුරදි තවත් වැටලීමකට යනවිට එම කුඩු ව්‍යාපාරිකයා ගේ නිවසේ සිට ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරික්ෂක ශාන්තය ඔහු කුඩු කාරියක ගේ නිවසේ සිටින බවට පසුව සටහන් යෙදු ඩග්ලස් නිමල් ඒ පිලිබදව තම උසස් නිලධාරින්ව දැනුවත් කිරීම සිදු කොට ඇත. මේ පිලිබදව දැඩි සේ උරණ වී ඇත්තේ ඒවකට අධ්‍යක්ෂක සරත් ලුගොඩය.
ඩග්ලස් නිමල්ව කොටු කිරීම……
ලුගොඩ හා චන්ද්‍රා ප්‍රනාන්දු ,පුජිත සියල්ලම එක්ව දැලක් එලුවේ කුඩු රජාලාව කොටුකර ගැනීමට නොව තමාගේ හිතවතුන්ට වෙන හිරිහැරය නතර කිරීමට ලුගොඩ,පුජිත් ,හා චන්ද්‍රා ප්‍රනාන්දු එක්ව ඩග්ලස් නිමල් කුඩු විකුණු කාන්තාවකගෙන් සල්ලි ගත් බවට පෙත්සමක් ඇතැයි කියා අත් අඩංගුවට ගෙන මාස 03 කට ආසන්නව වැලිකඩ රදවා තැබීය. ඒත් යුක්තිය ජයගනිමින් ඩග්ලස් නිමල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් විය.
ඩග්ලස් හා බිරිද ඝාතනය…..
ඒත් සඟම නැවත් රැකියාවට එන ඩග්ලස් ඔහු ගේ ලේවල ඇති අවංක කමින්ම ජීවිතය ගෙනයන්නේ තම බිරිය හා දරු තිදෙනා සමඟය බිරිය ඒ වනවිට කොළඹ ගිනි නිවන හමුදාවට අනුයුක්ත ගණකාධිකාරිවරියක් ලෙසට සේවය කරමින් සිටියේය. තම දරුවන් තිදෙනා පාසැල් යවා බිරියත් සමඟ සුපුරුදු පරිදි අතුරු ගිරිය සිට 25/04/2006 දින හිරු නැග එමින් තිබු සුන්දර උදෑසනක දැඩි තද බදයක් ඇති මාර්ගයේ තම ටොයටා වෑන් රථය පසාරු කරමින් වෙඩි වරුසාවක් එල්ලවිය.
ඒත් සමඟම ඩග්ලස් නිමල් හා බිරිය මෙලොවින් සදහටම යන්න ගියේ අහිංසක නොදරුවන් 03 දෙනෙකු මෙලොවට තනිකරමිනි.
සරත් ලුගොඩ
සරත් ලුගොඩ, පුජිතජයසුන්දර හා චන්ද්‍රා ප්‍රනාන්දුලාගේ පැටිකිරිය එලියට නොයන ලෙසට නිමල්ව නිහඩ කලේය.
ඒවකට කොළඹ අපරාධ කොට්ඨාශය භාරව සිටිමින් සරත් ලුගොඩ සිදුකර ඇති අපරාධ පසුව අනාවරනය වුවත් ඉහල පොලිස් නිලධාරින් සිය කොදුනාරටිය කෙලින්නොකර සිට ඒ සියල්ලම යට ගසා ඇත. ඩග්ලස් නිමල්ට වෙඩි තැබීම පිලිබදව එවකට සිටි නිතිගරුක ජේෂ්ඨ පොලිස් නිලධාරින් එක හෙලාම පොලිස්පති ගෙන් ඉල්ලා ඇත්තේ පොලිස් පරික්ෂක ඩග්ලස් නිමල්ට වෙඩිතැබීම වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවට භරා කරන ලෙසටය.
ඒ අනුව පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කිසිදු කැමැත්තකින් තොරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ෂණය භාරකලාය. ශ්‍රි ලංකාවේ අපරාධ පරික්ෂණ දෙපාරතමේතුව තවත් වික්‍රමයක් කරමින් සියල්ලම එලියට ගෙන සැකකරුවන් අත් අඩංගුවට ගත්තාය. ඒ
1. සරත් පෝරගෙදර – අහුංගල්ල/යුදහමුදා කොමන්ඩෝ භටයෙක්
2. චමින්ද -මීගොඩ
3.සුරේ-මීගොඩ
4.කොට අනුර – යන පුද්ගලයන්
මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බවට හෙලි කර ගැනීමට සමත් විය. මෙහිදි හෙලිවු ප්‍රධාන කරුණ වුයේ මෙම ද්විත්ව මිනිමැරුම සිදුකලේ රු; ලක්ෂ 05 ක් දෙන පොරොන්දුව මත බවත් පෝරගෙදර සරත් ගේ හෙලි දරව්ව තුලින් පොලිසියේ මාෆියාවක් හෙලිවිය. කොළඹ අපරාධ කොට්ඨාශයේ එවකට අධ්‍යක්ෂක සරත් ලුගොඩ විසින් එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.ඔහු ඒ වෙනුවෙන් රුපි; 75,000 ක් සරත් ලුගොඩ ලබාදී ඇත.
ඒ මුදලින් T.56 ගිනිඅවියක් මිලට ගෙන ඇති බවත් ඉතිරි මුදල් ඉල්ලීමට ගිය විට සරත් ලුගොඩ එලවා ගත් බවත් පසුව එම අත්වඩංගුවේ සිටි සැකකරුවන් එක් එක් පුද්ගලයා අතුරු දහන් කොට අවසානයෙ ජීවිතය බේරා ගන සිටින්නේ පෝරගෙදර සරත් පමණි . දැන් මේ සිද්ධිය පිලිබදව කිසිදු හාන් කවිස්සියක් නොමතිව පොලිස් නිලධාරියෙකු බිරිදක් මරාදමා යහතින් සිටින පුජිතලා ,සරත් ලුගොඩලා හා චන්ද්‍රා ප්‍රනාන්දුලා පිලිබදව වහාම නිතිය ඉටු විය යුතුය. මේ පිලිබදව සියලු ගොනු දැනට නිතිපති දෙපාරත්මේතුවේ සඟවා තැබීමට තරන් අපරාධ කරුවන් සමත්ව ඇත.
පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් තමාට ඇති තර්ජනය පිලිබදව ඉතාම කල්තියා හදුනා ගෙන ඒ බවට බොරැල්ල දෛනික තොරතුරු පොතේ සටහන් කර තැබීමෙන් සියල්ල යට ගැසීමට තිබු ඉඩ කඩ ඇහිරිනි.
මිනිමරුවන් නඩු ඇසීම….
තවත් දවසක් ඩග්ලස්ලා මිය නොයෑමට අවශ්‍ය නිතිමය ඉඩප්‍රස්ථාව සැකසිය යුතුවා මෙන්ම අහිංසක දරුවන් 03 දෙනෙකුට තම දෙමාපියන් අහිමි කිරීමේ පාපයෙන් චන්ද්‍රාප්‍රනාන්දුලාට කිසි දවසක ගැලවිය නොහැක.
ඒත් පුදුමය ඒවනි මිනිමරුවෙකු දැන් දේශපාලන පලිගැනීම පිලිබදව විමර්ෂණ කොමිසමේ සාමාජිකයෙකු කිරීමය. පුජිත් ජයසුන්දරට දැනටමත් දිට්ඨ දම්ම වේදනීය කර්මය ලැබෙමින් පවතින අතරම සරත් ලුගොඩ පිලිබදවත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා නොවනු මානය.
ඒ අහිංසක දරුවන් ගේ අදවතේ සැම හුස්ම පොදක් ගානේ උන්ට ශාපවේවායි අපිද ප්‍රාර්ථනා කරන්නේ රටේ නිතිය බලුවී ඇති නිසාය………….!!![]()
![]()