කොරෝනා රෝගය මේ වන විට ලංකාව පුරාවටම පැතිරීයමින් ඇත . බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ආයතනය මගින් ජනතාවගේ PCR පරික්ෂා කිරීම කඩිනමින් කරන අතරවාරයේ දී එහි සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ප්‍රත්‍යක්ෂ වී ඇත.
මේ නිසා අද දින නැවත වතාවක් PCR පරීක්ෂණ පැවැත්වීමේදී එම සේවකයින් තිදෙනාටම corona positive වී ඇති බව තහවුරු වී ඇත . මේ වන විට කොළඹ බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය මුළුමනින්ම වසා දැමීමට රජය තීරණය කර ඇත.
ජනතාවගේ සහයෝගය නොලැබුණහොත් මෙය තව තවත් ව්‍යාප්ත ව දැඩි ව්‍යසනයක් දක්වා පැතිරීමට ඉඩ ඇති හෙයින් හමුදාවට සහ පොලිසියට වෛද්‍ය කාර්ය මණ්ඩලයට පමණක් කළ හැකි දෙයක් නොවන නිසා, සමස්ත ජනතාවම ඊට එක්ව තම සහයෝගය ලබාදිය යුතු බව අප ජනතාවගේ පුවත්පතක් වශයෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමු