20/10/2020 දි මාලිගාවත්ත ලක්ෂිත නිවාස සංකීරණයේ 10 වන මහලට යන පඩිපෙල අසලදී මාකදුර මදුෂගේ හිසට වෙඩිතබා මරා දැමුණි.මේ වනවිට රටේ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිව තිබේ.
මේ පිලිබදව දිගින් දිගටම අප පුවත්පත රටේ ජනතාවට සත්‍ය ගෙන ඒමට හැකි වුයේ අප ගේ තොරතුරු කරුවන් ගේ කැපවීම නිසාමය. මේ මිනිමැරුම පිලිබදව අද වන විට ඉතාම වැදගත් තොරතුරු හෙලිවෙමින් පවති.
ඒ අනුව 20/10/2020 දින දේශ බන්දු තෙන්නකෝන් ගේ සැලැස්ම අනුව මකදුරේ මදුෂව මරා දැමු තැනට කොළඹ අපරාධ කොට්ඨාශයේ ( පොලිස් සැරයන් වරයෙක් නම හෙලි නොකරන්නෙමු) නිලධාරියෙකු විසින් පදින ලද යතුරු පැදියකින් හිටපු පොලිස් පරික්ෂක නියුමාල් රංගජීව රැගෙන පැමිණ ඇත. පොලිස් අත්වඩංගුවේ සිටි මදුෂ අසලට පැමිණ “කැමැත්තෙන් ආවේ උඹව මුහුණට මුහුණ හමුවෙන්න……” ඒ අවස්ථාවේ අත්වඩංගුවේ සිටි මදුෂව බිම දණ ගස්සවා වෙඩිතබා ඇති බවට අප වෙතට තොරතුරු ලැබී ඇත.
මේ සියල්ලම කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් ගේ ඉතාම අසාර්ථක් බාලාංශ සැලසුම්ය.
මෙම සිද්ධියේ මිය ගිය මරණකරු හා වෙඩි තැබු අය අතර දුර මීටරයකටත් වඩා අඩු දුරක් බව දක්ෂ අපරාධ විමර්ෂකයෙකුට අත්දැකීම අනුව කිවහැකිය.
ඒ අනුව වෙඩිතැබීමෙන් පසු රංගජීව පැමිණි පැදියෙන්ම පොලිස් සැරයන් වරයා සමඟ පිටව ගොස් ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේ ඒ අවට සියළුම ආරක්ෂිත කැමරා අක්‍රිය කොට ඇති බවද අපගේ තොරතුරු කරු පවසයි. රංගජීව ගෙනගොස් බස්සවා පල්සර් වර්ගයේ මෙම යතුරු පැදිය පසුව පෙරලා දමා ඇත්තේ එම පොලිස් සැරයන් වරයා විසින්ය.
මෙම යතුරු පැදිය මීට පෙර වෙනත් අපරාධයක්ට දමා ගිය එකක් බවත් හෙලිවී ඇත. ඒ පිලිබද වැඩි විස්තර පසුව ගෙන එන්නෙමු.
නමුත් ඉතාම වැදගත් තොරතුරක් ලැබෙමින් ඇත. මීට පෙර සඟවා තිබී අසු වුවායැයි කියන හෙරෝයින් කිලෝ 22ට ලයිල් ග්‍රව්ට් GROUT කවලම් කොට ඇත්තේත් රංගජීව බවත් අප වෙත තොරතුරු ලැබී ඇත.
මෙම සිද්ධියේ පසුව රංග ජීව ගේ දෛවය විසින් තම මුහුණු පොතේද සටහනක් තබමින් මේ පිලිබදව ඉතාම අනතුරු ඇඟවීමක් සිදු කොට ඇත. මේ පිලිබදව නිතිගරුක හා යුක්තිගරුක පුරවැසියන් දැඩි අවධානය යොමු කල යුතුය.
