උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය මළගම අදයි……..පාස්සකූලයට “අස්ගිරියේ උපාලි ” හිමි වඩී…………!!

Spread the love

2020 ජනාධිපති වරණයේදී 5/6 කට වඩා වැඩි බලයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් මෙරට තේරීපත්විය. ඉන් අනතුරුව පැවති පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ද එම පක්ෂය තුළට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට ජනතාව එකඟ විය.

මෙම සියලු  බලතල වලින් පරිපූර්ණ ද  1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ  19 වැනි සංශෝධනය අහෝසි කොට ඒ සඳහා 20වන  සංශෝධනය ගෙන ඒමට වහාම උත්සුක විය.  20වන සංශෝධනය ට පෙර පැවති  19 වැනි සංශෝධනය තුළින්  1978 ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් තහවුරු කිරීමට කටයුතු කර තිබුණි .

ඉන් ප්‍රධානතම අවස්ථාවන්  විගණන කොමිසමක් ඇති කිරීම මැතිවරණ කොමිසම පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂම සමඟම ව්‍යවස්ථාදායක සභාවක් තුළින් විශේෂිත නිලතල වලට පුද්ගලයින් පත් කිරීමයි .

මේ සියල්ලටම පයින් ගසා ඇති ගෝඨාභය රාජපක්ෂ තමාගේ අතට විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණමය බලයක් ලබාගෙන ඒකාධිපති පාලනයක් ගෙන යාමට අද සමස්ත ජනතා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ඉල්ලා සිටී

ඒ අනුව ඊයේ රාත්‍රිය සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බැසිල් රාජපක්ෂ විසින් ගෙවා ඇති කෝටි 10 විදෙස් චාරිකා   මුදලට සරිලන පරිදි මේ වන විට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවේ ලේ විලක් වීමේ පණිවිඩයක ඇසීමට ඇත්තේ තවත් සුළු මොහොතකි.

ශ්‍රී ලංකාව තවත් ලෝකේ  අශීලාචාර රටක් වශයෙන් ලේඛන ගත වීමට අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය දීමට නියමිතව සිටි.  තමාගේ බඩගෝස්තරවාදී වෙනුවෙන් මිස රටේ ජනතාව තමාට ලබා දී ඇති  ඡන්දය මහිමය පෙන්වීමක් නොව මෙය හුදෙක් තමාගේ ඇමති තනතුරු තමාට ලැබෙන සුළු වරප්‍රසාද වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය පාවාදීමේ අවස්ථාවකි.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මුළුමනින්ම ව්‍යවස්ථාදායක විධායක සහ උත්තරීතර අධිකරණය පාලනය කළ හැකි ඒකාධිපතියෙක් වශයෙන් අද පටන් ක්‍රියා කරනු ඇත.

මේ සඳහා දැන් කළ යුතු එකම සංසිද්ධිය නම් ජනතාව විසින් ජනතාවගේ බෙල්ල කපා ගැනීමට රාජපක්ෂලා මේ හට ගෙන ඔවුන්ට රටේ දේපළ මංකොල්ල කමින් සොරකම් කරමින් මිනී මරමින් නීතිය අවනීතිය කරමින් අධිකරණය තමාගේ නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි  පවසන යුගයක් මේ වන විටත් ඇරඹී ඇති මොහොතක ,

 20  සංශෝධනය තුළින් ඒකාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට සිට ඉදිරියට පියවර තබමින් ජනතා ඔළුගෙඩි කුඩුපට්ටම් කරමින් තවත් මිනිසුන් මහපාරේ මියනු ඇති බව ඉතා වගකීමෙන් අපි ප්‍රකාශ කරන්නෙමු.

“වහළුන් ගේ කරේ ගැට ගස්න්නේ දම්වැල් මිස රත්‍රං මාල නොවන බව මෝඩ වහළුන්ට අපි කණගාටුවෙන් මතක් කරමු……” 


Spread the love

Leave a Comment

You may also like