18/10/2020 දින අපි කී පරිදිම කුඩු හා ආයුධ සෙවීමට යාමේදි මකදුරේ මදුෂව වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති බව මේ වන්විට රජය නිවේදනය කොට අවසන්ය. ඒ බවට කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති දේශ බන්දු තෙන්නකෝනද මාධ්‍යට ප්‍රකාශයක් කරමින් එය තහවුරුකොට ඇත.
පාතාල මිනිමරුවෙකු, මංකොල්ලකරුවෙකු හා කුඩු ව්‍යාපාරිකයෙකු වු මදුෂ පිලිබදව චරිත සහතික දීමට හෝ එවනි පාතාලයෙකු වෙනුවෙන් ඔහු කල මිනිමැරුම් සාධාරණීය කිරීමට කිසි විටකත් ඉදිරිපත් නොවෙමු.
එසේම ගෝඨාභයලා ගේ පාදඩ දේශපාලකයන් රැකීමට දේශ බන්දුලාට ,නෙවිල් සිල්වලා ගේ ක්‍රියාවන් අනුමත නොකරන බවත් ඉතාම වගකීමෙන් සටහන් කරමු.
මාකදුරේ මදුෂ වසර 1 1/2 කට පෙර ඩුබායි සිට මෙරටට රැගෙන පැමිණ CID විමර්ෂණයක් කොට ඇත. (අප ගේ 18/10/2020 ලිපිය කියවන්න ) ඒත් හිටි හැටියේම
දේශ බන්දු තෙන්නකෝන පරළු වුයේ ඇයි…?
පසු ගියදා මදුෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට ගෙනවිත් ඇත්තේ ගෝඨාභය ගේ නියෝගයක් අනුවය. ලංකාවට කුඩු ගේන ප්‍රභල දේශපාලක්යන් පිලිබදව හෙලි කිරීමට සුදානම් වෙන බවට ජනාධිපති ගෝඨා ගේ කණ වැකුණු නිසාය.
වහාම ක්‍රියාත්මක් වු ගෝඨා තමා ගේ ගැලවී යන කලිසම මදුෂ ඉබේටම ගලවා දැමීමට සුදානම් නිසාම වැඩේ භාරකලේ දේශ බන්දුටය. පොලිස්පතිකැරට් අලේ හප හපා සිටින දේශබන්දුට කොළඹ අපරාධ කොට්ඨාශයේ මෑතක පොලිස් අධිකාරි වු නෙවිල් සිල්වාට භාර කලේය. ඒ අනුව මදුෂව මැරීමට සියල්ල ඊයේ 19 සුදානම් කොට තිබුණි .
ඒත් එකතරා හේතුවකට (හේතුව දන්නේ දේශ බන්දු හා තවත් අනික් දුරකථ යේ සිටි අයය ).
ඒත් පසුව ගෝඨාභය දැනුම දී ඇත්තේ මදුෂ හෙලිකිරීමට යන දේශපාලකයන් රැකගන්නා ලෙසට, එසේ නොවුනොත් ආණ්ඩුව මේ අවස්ථාවේ තවත් ජනතාව ගේ දෝෂදර්ෂණයට ලක් වෙන නිසා මෙය කලයුතුම බව දේශබන්දුට පවසාඇත. …. “මට කරන්න දෙයක් නෑ මේක HE ගේ ඔඩරයක් මු අදම ගහලා දාන්න ඔනි….”. යනුවෙනි.
ඒ අනුව කොළඹ් අපරාධ කොට්ඨාශය මාලිගාවත්ත මහල් නිවසයේ සංකීර්ණයයේ 10 වෙනි මහල් තෝරා ගෙන ඇත. එම ස්ථානය නැරඹීමට රත්‍රි නිළධාරන් 05 දෙනෙකු ගොස් ඇති අතරම මේ පිලිබදව ඉතාම වැදගත් තොරතුරු රාශියක් අප වෙත ඇති අතරම තවත් ඉතාම රහසිගත තොරතුරු අපවෙත ලැබෙමින් ඇත.
අප ගේ ඔත්තුකරුවන් පවසන ආකාරයටම මීට සති සතියකට පෙර දී මාකදුරේ මදුෂ හෙලි කිරීමට සිටි ප්‍රභල දේශපාලකයන් මදුෂව විනාශ කිරීමට ගෝඨාභය ගෙන් ඉල්ලා ඇත. එසේම ඊට තවත් ප්‍රභල හේතුවක් හට ගෙන ඇත්තේ දේශ බන්දු තෙන්නකෝන් ගේ අති ජාත මිතුරා තවත් සති කීපයක් ඇතුලත ජනාධිපති පොදු සමාව යටතේ නැවත් ක්‍රියාකාරි දේශපාලන්යට එකවනු ඇත. ඒ දුමින්ද සිල්වාය. 69 ලක්ෂක් හෙව්ව සෞභාගියේ දැක්ම ගෝඨාභය නැමති මිනිමරුවා ඉතාම ඉක්මනින් ලේ සාගරයක් ශ්‍රි ලංකාවට දායාද කරන බව නම් සහතිකය.
දේශ බන්දු තෙන්නකෝනට හා නෙවිල් සිල්වාට පොලිස් නිල ඇදුමකින් රාජපක්ෂලා ගේ අසුජි පිසීමට කිසි විටකත් අපි ඉඩ නොතබන බව තරයේ මතක් කරන්නේ. මදුෂ නැමති මිනිමරුවාව පිලිබදව නිතිය නොව, තුවක්කුව ක්‍රියාතමක ආකාරයකටම ගෝඨාභයලාව සතුටු කිරීමට අපේ අහිංසක තරුණයන් හා රටේ විරුද්ධ මතධාරින් මේ ආකාරයටම ප්‍රසිද්ධියේ මරා කුඩු කාරයන් පාතාල තුවක්කුකරුවන් ලෙසට හංවඩු ගැසිය හැකිය.
ඒ නිසාම අපි රටේ නිතිගරුක හා යුක්ති ගරුක මහජනතාව වෙනුවෙන් පෙනි සිටුන බව නැවත නැවතත් සඵත කරමු.
මදුෂව වෙඩි තැබීමට පෙර සිදු වු කතා සියල්ලම තවත් ලිපියකින් අපි ගෙන එන අතරම එක් දෙයක් සටහන් කලයුතුය. දේශබන්දු තෙන්නකෝන හා කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඔය මිනිමැරුම් වලට වැලිකඩ යනදාටත් අපි අද සේම අවධියෙන් සිටින්නේ යුක්තිය නිතියානුකුලව ඔබලාටද ඉටු විය යුතු නිසාය.
ආණ්ඩු එති යති, මහින්දලා ,රනිල්ලා ,මෛත්‍රි ලා ,ගෝඨලා දේශබන්දුලාව, නෙවිල් සිල්වලාව අද පවිච්චිකර්න්නේ උන්ගේ කෑම කන්න ඇති හැදි ගෑරුප්පු ලෙසටය , කෑම කා උන් හැදි ගෑරුප්පු ඉදුල් පිටින්ම තියා යන්වා මිස කිසිවෙක් ඒවා සාක්කුවේ දමා යන්නේත් නැත. දේශ බන්දුලා ගාගන්නා ඉදුල් සියල්ලම කවදා හෝ ඔවුන්ට තනියම පිසදා ගැනීමට සිදුවනවා ඇත.
මේ ටික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දුතෙන්නකෝන්ට නොතෙරෙන්වා කොළඹ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකව දැකබලා ගන්නේ නම් මැනවි. ( ඒත් ඔහුට දැන් මුඛ පිලිකා හා උගුරේ පිලිකාවලින් විදින වේදනාව … )
ඔබ දැන් කරන්නේ අනුර සේනානායක් ගේ චරිතයට පණ පෙවීම පණ පෙවීමක් බව සමස්ථ පොලිස්නිලධාරින් හා රටවැසියා ඉතා හොදින් දන්න නිසාය.
ඉතා වටින්නේ තරු ඔටුණු ,කරලප්පන් අභිබවා ලෝක ධර්මය ඵල දෙන බවත් රටේ යුක්තිගරුක මිනිසුන් ගේ ශාපය ඔබේ තරු ඔටුණු පසාරු කරගෙන යන බවනම් සහතිකය.
https://www.lankadawasa.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b7%94-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/?lang=si