20 වන සංශෝධනය ගෝඨාභය ගේ අවශ්‍යතාවයක් මිස වෙනත් කිසිදු අවශ්‍යතාවක් නොවන බව මහින්ද රාජපක්ෂ නැමති ප්‍රතාපවත් දේශපාලඥයාද ඉතාම හැගීම බරව රටේ පිලිගත් මහා සංඝරත්නයට දැනුම් දී ඇත.
මෙහිදි මහින්දරාජපක්ෂ මහාසංඝරත්නයට පොරොන්දු වී ඇත්තේ මේ අවස්ථාවේදි එවනි සංශෝධනයකට ඉඩ නොතබන බවයි. ගෝඨාභය නැමති හමුදා ජුන්ටාවේ ආරක්ෂක ලේඛම් මේ වන විට මහින්ද රාජපක්ෂ නැමති ප්‍රතාපවත් දේශපාලකයා වෙතට හමුදා බුද්ධි නිලධාරින් යෙදවීමට අද සලේට උපදෙස් දුන් බව අපවෙතට වාර්තාවී ඇත.
ගෝඨලා , කමල් ගුණේලා රජකෙරුවේ මහින්ද බව අද ඔවුන්ට අමතකව ඇති බව දැන් පෙනි යන කරුණකි. රටේ ජනතාව ගේ දේශපාලන නාඩි ඇල්ලීමට දන්නේ බැසිල්වත් ගෝඨාවත් නොව මහින්දය.
ඒ නිසාම මහින්ද 20 ට විරුද්ධව සිටී. ඒත් දැන් ගෝඨා ගේ අවශ්‍යතාවය මහින්ද හා නමල්ලාව නිකම්ම රුකඩ කිරීමටය. අද ගෝඨා ගේ ගැලවුම්කරුවන් වී ඇත්තේ සලේලා කමල් ගුණේලා හා වැඩ බැරි සිරිසේනය.
දැන් මහින්දට සිදුව ඇත්තේ බුද්ධි අංශයට හොරෙන් 20 පරාදකිරීමට වැඩ කිරීමටය. එක් ආකාරයකින් මෙය මහින්ද ගේ දෛවෝප ගත් සිද්ධියකි.