කොරෝනා ලෝක ව්‍යාප්තික වසංගතයක් එසේත් නැතිනම් “බෝවෙන මාරාන්තික රෝගයක් බවට සමස්ථ ලෝකයාම විශ්වාස කරද්දී ශ්‍රි ලංකා ආණ්ඩුව මෙය දකින්නේ කොරෝනා බෝවීම රටේ පුරවැසියන් සිදුකරන මහා අපරාධයක් ලෙසටය.
චීනයේ වුහාන් හා අනිකුත් පලාත් 28 ක් තුල දිනකට අසීමිත මිනිසුන් මියයන බවට තොරතුරු ඇතත් ඒවා තහවුරු කල හැකි කිසිදු සාධකයක් සොයා ගැනීමට නොහැක. ඒ චීනයේ මාධ්‍ය ලෝකයට විවෘත නොවන නිසාවෙනි.දැන් චීනයේ හමුදාව හා පොලිසිය කොරෝනා රෝගින් සොයා ගොස් වෙඩිතබා මරාදමන අමානුෂික තැනකට පත්ව ඇති බවද වාර්තා වේ.
ඒ ආකාරයටම ගෝඨාභය ආණ්ඩුවද ක්‍රියා කිරීමට සැලසෙනවාදැයි අපට සිතේ. බ්‍රැන්ඩෙක්ස් ඔමාර්ට නිරෝධායන නිතිය නමන්න ගොස් රටේ සමස්ථ ජාතියම බිල්ලට දීම රජයේ දෙබිඩි පිලිවත ප්‍රසිද්ධවිය. මිලියන 22 ක ජනගහනයක් සිටින රටකට දැන් රජය කරනු ලබන නිරෝධායන කූඩු කිරීම කල නොහැකි බව වෛද්‍යවරු හෝ කොන්දක් ඇති කිසිවෙකු ගෝඨාභයට නොකියන්නේ ඔහුව විනාශ කිරීමට දැයි පෙනියයි.
කිසිදු රටකට මෙවනි වසංගතයක් නිට්ටාවට සුව කල නොහැකිය. තාම සාස්, ඉබොලා වැනි වසංගතයන් තවමත් ලෝකයේ ඇති නිසාය. දැනට ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල ඇත්තේ ඉතාම අවම පහසුකම්ය 300 ක් සිටින නිරෝධායන කදවුරකට වැසිකිලි ඇත්තේ 03 කි. ඉන් පාවිච්චිකල හැක්කේ 02 ක් පමණි තවත් වැසිකිලියක් මේවන විටත් අපද්‍රව්‍ය උතුරා යමින් ඇති බවට අපවෙතට තොරතුරු ලැබී ඇත. එසේම එම කදවුර තුල කුඩා ලමුන් 06 දෙනෙකු හා ගැබිණියන් 02 නෙකුද සිටි. මෙය මනුෂ්‍ය සංහත්යටම කරන මහත් අපරාධයකි.
මිනිසුන්ගේ සාම්පල් ගෙන ඒ අයගෙන් කොරෝනා positive පුද්ගලයන් සමඟ සිටි යායැයි කියා සියල්ලම එකට ගාල කිරීමෙන් තවත් මේ රෝගය බෝවීම වැඩි වනවා මිස කිසිදු පාලනයක් නොවේ. රටේ 01 මිලියන්යකට යම් ආකාරයකින් රෝගය වැලදුන හොත් රජය කුමක් කරන්නේද…..?
එසේ නම් කල යුත්තේ රෝගය වැලදුන අය පමණක් ඉවත් කොට අනික් සියල්ලම නිවෙස් තුලම නිරෝධායනය කොට අදාල පොලිසියට හා ,මහජන සෞඛ්‍ය පරික්ෂකට , පලාතේ ග්‍රාමසේවකට එම නිවෙසියන් භාර කිරීමය.
ත්‍රිවිද හමුදාවට එක් වරම රෝගීන් පාලනයකට භාර කිරීම කිසි සේත් සුදුසු නොවන අතරම ඕනෑම රෝගියෙකු ගේ මානසික පීඩනයද තවත් ඉහල යෑම ජිවිත අවධානම තවත් ඉහල යෑමට බලපානු ඇත.
ඒ නිසා දැන්වත් රජය වහාම වෛද්‍යවරුන්ට මෙය භාර කොට අවශ්‍ය යටිතල පහසුකම් සදහා ත්‍රිවිද හමුදාව යෙදවිය යුතුය. එසේ නොමති වුවහොත් කොරෝනා වසංගත පාලනයකට වඩා රජය සිදු කරන්නේ කොරෝනා ව්‍යාප්තියකි.
විශේෂ ස්තුතිය වොයිස් ටියුබ්……