උණුසුම් පුවත්

ජනතාව පැතූ පැතුමන් සඵල කරමින් ITN එක කැබිනට් මණ්ඩලයට , විපක්ෂ නායක කාර්යාලයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට කොරෝනා බෝ කරයි…….!!

Spread the love

මේවනවිට කොරෝනා දෙවන රැල්ලක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට ව්‍යාප්ත වීම දැකිය හැකි සිද්ධියකි. මේ නිසාම  ශ්‍රි ලාංකීය පක්ෂ, විපක්ෂ දේශපාලකයන් ජනතාවට වහකදුරු වී ඇත්තේ බලයට පැමිණීම හා ඉන්පසුව ඔවුන් ජනතාවගැන ,රට ගැන නොව තම පුද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කැපවෙන ජාතියක් නිසාවෙනි. ඒ නිසාම  කොරෝනා රෝගියකු  ITN  තුලින් හමුවීමත් සමඟම ජනතාව කියන්නේ දේශපාලකයන් ඊට බිලිවේවා කියාය.

එපමණකටම  ජනතාව තම නියෝජිතයා කෙරෙහි වෛරයෙන් සිටින බව ඉතාම පැහැදිලිය.ඒ රටේ මුදල් අවභාවිතා කරමින් පවුල් පිටින් ගසා කන නිසාය.  ඒත් ඒ සියල්ලටම පයින් ගැසූ රටේ ජනතාව නොවැම්බර් 17 දින පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි කිසියම් වූ විශ්වාසයක් තබා ඔහු ජනාධිපති පුටුවේ හින්ද විය.

ඒත් ජනතා පැතුම් වලට පස්ස හැර වූ ජනාධිපති ගෝඨාභය පුටුවේ හිඳගත් දින පටන්ම  පවුල් ගසට පොහොර දමමින්   තව, තවත් වැඩි ,වැඩියෙන් ශක්තිමත් කිරීමට පෙළඹුණි .

මෙයින් නොවිසදුන ජනතා  ගැටලු පිළිබඳව දහසක් ජනතාව මැරි මැරී ඉපදුනත් වගේ වගක් නැතිව රාජපක්ෂ රෙජීමය සුපුරුදු ලෙසටම ශක්තිමත් කලේය.   තවත් වරෙක දස දහස් ගණනින් හමුදා සෙබළුන් මැරූ පාපතර කරුණා අම්මාන් , පිල්ලෙයාන්ලාට ලක්ෂ ගනන් පඩි හා නම්බුනාම ,වරප්‍රසාද ලබාදී ජනතාව ගේ බඩට පයින් ගැසුවේ රාජපක්ෂලාගේ සුපුරුදු විලාසයෙනි. ගෝඨාභය ජනාධිපතිගේ බලලෝභය තහවුරු කර ගැනීමට වෙර දරන මොහොතක,   රටතුලට නැවතත් බ්‍රැන්ඩෙක්ස්  ඉන්දියානු ජාතිකයන් හරහා කොරෝනා රෝගය ව්‍යාප්ත විය.

මෙහිදීද සිදු කළේ ජනතාවගේ ආරක්ෂාව බල්ලට දමා තමාගේ  වියත් මඟ නැමැති කියත් මගට  යහමින් මුදල් පොම්ප කරමින් සිටී අශ්රොෆ් ඔමාර් නැමති  පුද්ගලයාගේ ඉල්ලීම මත  පුද්ගලයන් කිසිදු නිරෝධායනයක් නොමතිව රට තුලට යැවීය.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විටත් කෝවිඩ් posstive වී සිටී එම ඉන්දියන් ජාතිකයන් කර්මාන්තශාලාවලට පමණක් නොව රට පුරාම ඇවිදමින්  ලංකා ජනතාවට මාරාන්තික කොරෝනා වෛරසය වසංගතයක් සේ ව්‍යාප්ත කිරීමට  ගෝඨාභය හා හෙන්චයියලන්  එකහෙලාම කටයුතු කර ඇත . දැන් දිගින් දිගටම රට පුරාම විවිධ ස්ථානවල, ආයතන වල කොරෝනා රෝගය ව්‍යාප්ත  වෙමින් ඇත.

අද උදෑසන වන විට ජාතික  ITN  රූපවාහිනී විකාශන ශිල්පියකු ජනාධිපති ලේකම් කාර්යාලයට ,  විපක්ෂ නායක කාර්යාලයට සහ  කැබිනට් මණ්ඩලයේ කැබිනට් ප්‍රකාශක සමඟ එම පුවත්පත් සාකච්ඡා වලට ද සිටිමින් පසු ඔහු මේ වෙනවිට අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මේ වන විට කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලය හා කැබිනට් ප්‍රකාශක ශාලාව සම්පුර්ණවම වසා මුද්‍රා කොට ඇත. එසේම අයි.ටී.එන්. (ITN ) නාලිකාවේ විකාශනයන් ජාතික රූපවාහිණිය හරහා විකාශනය කරනු ලබයි.

එසේම කෙහෙලිය රඹුක්වල්ල, ගම්මන්පිල්ල ,යන අය සිටින කැබිනට් සාකඡ්චාවේ ප්‍රකාශනයන් ලබාගැනීමට ද මෙම කෝවිඩ් -19 posstive වී සිටී  අය සහභාගි වී ඇති බව දැන් හෙලිවී ඇත.

 ජනාධිපති ලේඛම් කාර්යාලයේ රැස්වීමකටද සහභාගි වී ඇත. පසුව විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇත. මේ නිසාම දැන් ඒ සියල්ලම වසාදමා ඒ සියලු දෙනාම නිරෝධායනයට යොමු කොට ඇත. මෙම ආසාධිත පුද්ගලයා ගෙන් මේ වනවිට දෙවන සාම්පල් පරික්ෂා කිරීමට නියමිතය. 


Spread the love

Leave a Comment

You may also like