උණුසුම් පුවත්

මෙන්න තවත් රටේ සල්ලි කණ සුපිරි බඩුවක්………. ලෙබනන් තානාපති  ශානි කල්‍යාණිරත්න වසරකට ඇමෙරිකානු ඩොලර් 60,000 නිවසට ගෙවයි…………..!!

Spread the love

ලෙබනන් සිට MD

  ලෙබනන් තානාපතිනි ශාණි කල්‍යාණිරත්න   ගේ නිවසට ඇය ඇමරිකානු ඩොලර් 60000 ක් වසරකට ගෙවන බව හෙලිවී ඇත.   මීට පෙර අවස්ථා ගනනාවකදීද අපි ඇයට විරුද්ධව ඇති දුෂණ  හෙලිකල නමුත් රජය කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැත.

මේ වන විට ශානි කල්‍යාණි රත්න ඉතාමත්ම නින්දිත ලෙස අහිංසක මැදපෙරදිග සේවිකාවන්ගේ මුදල් ගසා කමින් තමාගේ නිල නිවස අසල ඇති රෝහලකින් corona සහතික නිකුත් කිරීමට කටයුතු කර ඇත. මෙම සෑම සහතිකයක් ම රැගෙන ගිය බොහෝ පිරිස් ලංකාවේ දී කරනු ලැබූ  PCR පරීක්ෂණයේදී ඔවුන්ට positive වී ඇති බව අප වෙත සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇත.

  ශානි  කල්‍යාණි රත්න  පසුගිය රජයෙන් ලද පත්වීමක් අනුව ලෙබනන්  තානාපතිනි වශයෙන්  පැමිණි  දින සිට ඇය සිදු කරනු ලබන්නේ තමාගේ මඩිය තරකර ගැනීමේ බිස්නස් කීපයකි. මේ වනවිට ඇය විවිධ රටවල පුද්ගලයින් තබාගෙන ඔවුන් වෙනත් ස්ථානවලට ගෘහ සේවිකාවන් වශයෙන් ලබාදෙමින් අමතර ආදායමක් උපයමින් ඇත.  ඉතාමත්ම වැදගත් සිද්ධිය අප වෙත වාර්තා වන්නේ නම් මසකට ඇමෙරිකානු ඩොලර්  10,000 නිල නිවස වෙනුවෙන් ලබාදෙන බවයි මීට පෙර සිටි  ලෙබනන් තානාපතිවරුන් පාවිච්චි කරන ලද නිල නිවසින් ඉවත්ව නවීන පන්නයේ නිවසකට ගොස්  $10000 ශ්‍රී ලංකා රජයෙන් ගෙන්වාගෙන ගෙවනු ඇත.

ඇයගේ දූෂණ පිළිබඳව දිගින් දිගටම අප වෙත වාර්තා වන අතර ශ්‍රී ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් කිසිදු සේවයක් ඉටු නොවන බව අපි පුන පුනා ලංකා රජයට මේ වන විටත් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත.

ඒත් ඇය    තමාගේ සේවකයින් පමණක් ශ්‍රී ලංකාවට යවා ඇය ශ්‍රී ලංකාවට කැඳවීමක් නොකර   ගැනීමට තරම් සූක්ෂම වී ඇත.    ශානි  කල්‍යාණි රත්න    $1500 මුදලක් ගෙවා ලෙබනන් ජාතිකයෙක් ඇය ගේ  සේවයට ලබාගෙන ඇත .ශ්‍රී ලංකා ශ්‍රමිකයින් දහ දුක් විඳිද්දී ඇය ශ්‍රී ලංකාවේ මුදලින්ම අසීමිත සැප සම්පත් විඳීම ඉතාම නින්දිත සහගතය.

 ඇය සමඟ සේවය කරනු  ලබන රියදුරන්   විජේරත්න සහ වීරකෝන් නැමැති පුද්ගලයින් ශානිගේ  මෙම නිවස තුළම  බලු කුක්කන් සේ  ගත කිරීම ඉතාම නින්දිත සහගතය. 

ජනාධිපතිවරයා විසින් සියලුම  තානපතිවරුන් ආපසු කැද වු නමුත් මෙවැනි නින්දිත කිසිදු සේවයක් නොකරන පට්ට හෙරක් තවමත් රැදී සිටින්නේ කා ගේ අනුහසිනදැයි ලෙබනන් වල සේවයේ යෙදී සිටින ශ්‍රමිකයන් ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවේ බීරුට් නීති තානාපති නිල නිවසට වසරකට  60,000 මුදලක් ගෙවීමට තරම් ශ්‍රී ලංකාව පොහොසත් දැයි අපට සිතා ගැනීමට නොහැකිය.

මේ වන විට තානාපති නිල නිවෙසේ රාත්‍රිය ගතකරන සමරකෝන් නමැති රියදුරු සේවිකාවන්ට සහ සේවයේ යෙදී ඇති ශ්‍රී ලාංකිකයින්ට ‍කතා කරන්නේ  ඉතාම නින්දිත ආකාරයට බව වරක් අප පුද්ගලිකවම  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.  ශානි කල්‍යාණි කරුණාරත්න නමැත්තිය ගේ  අලුත්ම ව්‍යාපාරය වී ඇත්තේ පොලී කරුවන් සමග බිස්නස් කිරීමය.

තම පවුලවලට මුදල් යවන ශ්‍රමිකයන් ගේ මුදල් වලින් කොමිස් ගසාකන සමන් නැමති පුද්ගලයා පිලිබදව ලෙබනන තානාපතිනිය කිසිවක් සොයා නොබලන්නේ ඔවුන් සමඟ ඇති හිත්වත් කම් නිසාය. ඒ තානාපති කාර්යාලයේ සියලුම පාටිවල වියදම් දරන්නේ සමන්ලා වැනි දුෂිත පුද්ගලයන්ය.

 එහෙත් මේ පිළිබඳව අපගේ ලෙබනන්  වාර්තාකරුවන් සොයා බැලීමේදී ඇය මෙම සමන් නමැති පොලී කරු සමග ඉතාමත්ම කුළුපගු කිට්ටු හිතවත්කමක් පවත්වාගෙන යන බවට අප වෙත වාර්තාවී ඇත.

 තානාපති කාර්යාලය තුළ පවත්වන පාටි සඳහා බරපැන දරන්නේ  සමන් හා රංජනී,කාන්ති නැමැති අයවළුන්ය .  ශානි  කල්‍යාණි රත්න ඉතාම නින්දිත ආකාරයෙන් ලංකා රජය වෙනුවෙන් ඉටුකළ යුතු  රාජකාරි කිසිවක් ඉටු නොකර ඇය  ලංකා රජයේ දේපල භාවිතා කරමින් අහිංසක මහජනයාගේ මුදලින් වැටුප් ලබමින් ඇය ඉතාම හොඳින් ගෘහසේවිකාවන් මංකොල්ල කන ආකාරයක් වාර්තා වී ඇති අතර මේ පිළිබඳව අපි මීට පෙර ද සාක්ෂි සහිතව ඉදිරිපත් කර නමුත් ලංකා රජය කිසිදු පියවරක් ගෙන නොමැත.

අපිට ඇසීමට සිදු වන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ශානිකා  කල්‍යාණි රත්න   ඉදිරියේ සරම ඇඳගෙන ඔළුවෙන් සිටගෙන සිටිනවා දැයි කියාය.

එසේ නොමැතිනම් දිනේෂ් ගුණවර්ධන ට දැන් ඇත්තේ ඇය වහාම කැඳවා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි .

පරීක්ෂණ පවත්වන්නේ නම් ඊට අවශ්‍ය සියලුම සාක්ෂි ලබාදීමට හැකි බවද දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාට මතක් කිරීමට කැමැත්තෙමු.

 


Spread the love

Leave a Comment

You may also like