උණුසුම් පුවත්

ඡ්න්දේ ගත්ත වුන් ගමෙත් නෑ එත් ගමේ තරුණයෙක් ජීවිත රකින්න පෙරට ඇවිත්……. ” කන්න නැතුව අඩ අඩ හිටිය උන්ට කන්න බොන්න හැම දේම දුන්න පාලිත තෙවරප්පෙරුමව පරද්දල ගෙදර යවපු මේ රටේ කුහක ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි”…..!!

Spread the love

අජිත්…
වටේට ගැහුවා අපේ ගෙදරට ගැහුවෙ නෑ කියල නාහෙන් අඩන අයගේ අවධානයට..
සම්පූර්ණ ඇගේ වැසෙන්න ආරක්ෂා ඇදුම ඇදල බූට් දාගෙන කිලෝ 55 ක් පිටේ එල්ලගෙන විෂබීජ නාශක ගැහුවත් මෙන්න කෙමිකල් වල සැරට කකුල් තැම්බිලා තියන හැටි..මාර්ස් දැම්මත් කෙමිකල් සැර උගුරට ගිහින් උගුර තුවාල වෙනව ඇස් ඉදිමෙනව
අනික පොඩ්ඩ වැරදුනොත් කොරෝන අපිටත් ෂුවර්
  කෙමිකල් සැරට විනාඩි පහෙන් පහට දිව ගිලෙන්න වතුර තිබහ එනව
  මේක කිහිප දෙනෙක්ට එකපාරජ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
  මේ සදහා යන සම්පූර්ණ වියදම දරන්නෙ මම
    කවුරු හරි මගෙ පුඡා සත්කාරක වැඩසටහනට යොදා ගන්න කියල කරන උදව් සම්පූර්ණයෙන්ම බෙහෙත් ලබා දෙන වැඩපිළිවෙලටයි අවශයම අයට ආහාර ඇතුලු දේ සපයන දේටයි යොදා ගන්නව
  රඡයෙන් කියල කිසිදු උදව්වක් නෑ ඒක අවශයත් නෑ  රඡයෙන් කරන්න පුලුවන් හොදම උදව්ව හැකි ඉක්මනින් මේ කටයුතු කරල අපිට තියන බර අඩු කරන එක
නැවක් ගිලෙන්න යද්දි ඉස්සරම ජීවිතාරක්ෂක බෝට්ටුවට දාන්නෙ දරැවො ඊලගට කාන්තාවෝ ඒ වගේ අපේ වැඩපිලිවෙලෙත් පිලිවෙලක් තියනව..
? කොරෝනා ආව කියපු ගමන් ගමේ වෙලදසැල් ඇතුලු පොදු  ස්ථාන විෂබීජ හරණය
? ගමේ අය positive උන ගමන් ඒ අයගෙ නිවාස
? ඊලගට ඒ අවට නිවාස
? ඊලගට ආසාදිතයො ආව ගිය තැන් හා පාරවල්
? ඊලගට  පිලිවෙලකට ගමේ ගෙවල්
ඒ අතර අද උනා වගේ ඔක්කොම වැඩ නවත්තල හදිසියේ විෂබීජ හරනය කරන්න වෙන වෙලාවලුත් සෙට් වෙනව
  ඒ අතර බෙහෙත් ආහාර දෙන වැඩෙත් කරන්න ඕන
  වැඩේට කෙලින්ම හැමදාම බැහැල ඉන්නෙ මමයි ගයියයි රංචිය විතරයි..
එකෙන්ම පහුගිය කාලෙ ආව කොල්ලො කිහිප දෙනෙක්ම නිරෝධායනයයෙ
  මීට වඩා දෙයක් කරන්න උවමනා අය රඡයට කතා කරන්න
මේ පලාතෙ කිසිම ගමක් රඡයේ මැදිහත් වීමෙන් විෂබීජ හරණය කරල නෑ
  දැඩි අවදානමක් අරන් අමාරැවෙන් කරන්නෙ.. ඒක නිසා එක එක #චීත්ත ඇද ගත්ත #ගෑනු #පිරිමි දෙගොල්ලම කියන විදිහට අපිට #වැඩ කරන්නත් බෑ #කරන්නෙත් නෑ..
මේ පුද්ගලිකව මිනිස්සු වැටුන අමාරැව දැකල කරන දෙයක් පමණයි..රජයෙ නියෝගයක් ඉටු කිරීමක්වත් , බාරයක් නිදහස් කිරීමක් වත් නෙවෙයි
  කවුරුත් බය වෙන්න එපා ඡන්දයක් බලාගෙන මම ඕව කරන් නෑ මොකද කන්න නැතුව අඩ අඩ උන්න උන්ට කන්න බොන්න හැම දේම දුන්න පාලිත තෙවරප්පෙරුමව පරද්දල ගෙදර යවපු මේ රටේ කුහක ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි
කතෘ ගේ සටහන ;
ඔහු නමින් සදුන් විජේසුරිය ඔහු  මිතුරන්හදුන්වා ඇත්තේ ගයියා,රංචියයි, ලෙසටය දැනට හදවතට එකඟව තම ගම් පලාත හා ඒ අවට විෂ බීජ නාශක දියර ඉසීම තමා ගේ අතේ වියදමින් සිදුකරන ඉතාම වටිනා මිනිසෙකි. රටේ ධනය දුටු, දුටු  තැන හොරාකන උන්ට වඩා කිසිවක් අපේක්ෂා නොකර සිදුකරන මේ සත්ක්‍රියාව සමස්ථ ජාතියම අගේ කලයුතුය.
තවත් මෙවනි මිනිසුන් ගේ සත්  පුරුෂ ක්‍රියාවන් සිදු කරනු ලබන තරුණයන් රට පුරා සිටී. මෙය ඇස ගැටුන මොහොතේ ඔහුටඋපකාරක  හා එසේම මේ සදහා යමෙකුට ආධාර කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඔහුව අමතා මේ සදහා දිරි ගන්වා අපේ  අහිංසක ජනතාව බේරා ගනිමු.
ඔබට තවත් ශක්තිය ලැබේවායි…… ලංකා දවස පුවත් පතක් ලෙසට අපි ආශිර්වාද කරමු….!!

 


Spread the love

Leave a Comment

You may also like