ලංකාවේ ප්‍රකට කියමනක් සනාථ කරමින් තවත් නොබෝ දිනකින් සිදුකිරිමට නියමිත කැබිනට සංශෝධනයට මුහුණ් දි ගැනිමට නොහැකිව මේවනවිටත් ජනාධිපති මෛත්‍රිපාල රනිල් වික්‍රමසිංහ තටමමින් සිටි.
ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව ඉදිරි කැබිනට සංශෝධනයේදි රවි කරුණානායක හා මංගල සමරවීර යන දෙදෙනාම එම ඇමති තනතුරු වලින් ඉවත් කිරිමට ජනාධිපතිට හා අගමැතිට දැඩි ලෙසට බලපැම් එල්ල කොට ඇත.
වචනයේ පරිසමාර්ථ යෙන්ම මෛත්‍රිපාල යනු මඩේ හිටවු ඉන්නක් බදුය. රවි කරුණානායක ඇමතිවරයාට කුමණ චෝදනා කලත් ඔහු ගේ ආර්ථික දැක්ම යනු කෂණික නුඩ්ල්ස් නම් නොවේ. ඒ බව නම් ඇත්තය. එවාගේම එදා ලක්ෂ්මණ් කදිරගාමන් ලෝකේවටේම ගොස් රට ගැන ආකල්පමය වෙනසක් කරනකොටත් අද මංගල සමරවීර මේ කරනදේ ඒ කදිරගාමර් ගේ අඩුව පිරි මැසීමක් නොවේද..?
කදිරගාමර්…. දෙමළ අන්න දුන්න විදේශ ඇමතිකම ? කියා එදා කියපු උන්ම දැන් රටවල් ගානේ ඇවිද ඇවිද යන මංගල ටත් නොකිය ඉදීද..? මේ කියන්නේ කව්ද කියලා තේරුම් ගන්න රටේ ජනාධිපතිට බැරි නම් ඒ ජනතාවගේ අවාසනාවකි.
මංගල සමරවීර අද රට වෙනුවෙන් ලෝක ආකල්පයන් වෙනස් කිරිමට උත්සහා කරන්නේ ලංකා මාතෘ භුමියේ පසු ගිය කාලය පුරාවටම රාජපක්ෂලා අසුජි තැවරූ නිසාවෙනි.
නමුත් දැන් මෛත්‍රිපාල ජනාධිපති රාජපක්ෂලා ගේ කුක්කන්ගේ ගෙරවිල්ලට කණ් හකුලා ගන්නාතරමටම අවනත් වීඇතිබව නම් අපට පේනේ.
රවි , මංගල දෙදෙනා ඇමති කම්වලින් ඉවත්කොට අමු ගොබ්බයන් දෙදෙනෙක් ඊට දමාගැනීම ඩිලාන්ලා, සුසිල්ලාගේ එකායන බලාපොරොත්තුව වීඇත. දැන් මෛත්‍රි ,රනිල් දෙදෙනාට සිදුව ඇත්තේ කැබිනට් සංශෝධණය කරනවාද…? නැද්ද……?
මග හිට්යියොත් තෝ නසී ගෙදර ගියොත් අඹුව නහී…. ජනාධිපති මෛත්‍රිපාලට හා රනිල්ටත් අද සිදුව ඇති සන්තෑසියත් එයමයි.