අජිත්..
රටපුරාම වෛද්‍ය හිඟයක් පවතින බව මීට බොහෝ කලකට පෙර අප පුවත්පත පෙන්නා දී ඇත. ඒත් ඊට මෙතෙක් කිසිදු රජයක් නිසි පිලියමක් ලබාදීමට කල්මරමින් තිබුණි. විදෙස් වෛද්‍ය අධ්‍යාපනය ලද ලාංකීය දරුවන් තම අධ්‍යාපනය නිසිපරිදි නිමවා තම මව් රටට පැමිණ වහාම රටේ ශ්‍රම දායකත්වයට එක්වීමට සුදානම් වුවත් ශ්‍රි ලංකීය වෛද්‍ය සභාවද තවත් අවස්ථාවකදී රජයේ වෛද්‍ය සංගමයද අකුල් හෙලමින්,සිටි නිසා ඒ දරුවන් වසර 03 ක් තිස්සේම
රටේ රැකියාවක් නොමතිව කල් ගෙවා ඇත.
වර්තමාන සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊට විශේෂ කොමිටුවක් පසු ගිය දා පත් කරන ලදි. ඒ සදහා ඉතාම සුදුසුම පුද්ගලයෙක් තොරාපත් කිරීම එම දරුවන් ගේ දෙමාපියන්ට මහත් අස්වැසිල්ලක් විය . මහාචාර්ය හේමන්ත පෙරේරා සභාපතිත්වය දරණ එම කොමිටුව නම්…….
2 )රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විජේ සිංහ
3) විශේෂඥ වෛද්‍ය මෛත්‍රි
4) විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර
5)විශේෂඥ වෛද්‍ය දමයන්ති සිරිසේන යන අයවලුන් ගෙන් සමන්විත කොමිටුවක් මගින් මේ පිලිබදව සොයා බලා නිසි තීරණයක් ගනු ඇතැයි දෙමාපියන් සතුට පලකරයි
මේ පිලිබදව පත්කල කොමිටුවේ සභාපති වු මහාචාර්ය හේමන්ත පෙරේරා රටේ මේ දැවෙන වෛද්‍ය හිඟයට පිලියමක් ලෙසට විදෙස් අධ්‍යාපනය ලද එම දරුවන්ට දැන්වත් අවශ්‍ය පරික්ෂණ සදහා පෙනිසිටීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපනය කරනු ඇතැයි අපි ජනතාව ගේ පුවත් පතක් ලෙසට බලා සිටින්නෙමු.
ඒත් යල් පැන ගිය ක්‍රමයන් අනුගමනය කරන ශ්‍රි ලාංකික රේඛීය අමාත්‍යාංශ වලින් ඒ සදහා නිසි සහාය නොලැබෙන බව මේ වනවිටත් විවිධ තොරතුරු අපවෙත ලැබෙමින් පවති. කෙසේ වුවත් රජයේ සල්ලි වියදම් නොකොට තම දෙමාපියන් ගේ මුදලින් අධ්‍යාපනය ලබා නැවතත් රටට සේවයක් කිරීමට පැමිණියත් වසර් 03 ක් ගත වනතුරුත් තම විභාගයන් තැබීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව උනන්දු වී නැත.
තම රටට ඒ සේවාව ලබාදීමට නොහැකි එය පුදුමාකාර රටකි, එවන් රටක් නම් ශ්‍රි ලංකාවමය. ඒත් දැන් දෙමාපියන් ගේ එකම බලාපොරොත්තුව මහාචාර්ය හේමන්ත පෙරේරා ගේ කොමිටුව ඊට මුල්වී නිසි තීරණයක් ගේන ඒම දරුවන්ට වෛද්‍ය සභාවේ පරික්ෂණයට සිටීමට අවශ්‍ය කටයුතු කරනු ඇතැයි බලා සිටි.
එසේම අපි ද අවස්ථා ගනනාවකදි ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට මෙය පෙන්නා දුන් නමුත් එය බිරි අලින්ට වීනා ගයනවා වැනි විය. ඒත් දැන් මහාචාර්ය හේමන්ත පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුතු කණ්ඩායම වැඩට බැස ඇතැයි දැන ගැනීමට ලැබීමත් සතුටකි.