උණුසුම් පුවත්

ලංකා දවසේ සිකුරාදා………දැන් 20සේ අරුමෙට ඡන්දය දෙන සියල්ලටම එය කවදා හෝ “කරුමයක් ” ………!!

Spread the love

අජිත්
ගෝඨාභය ගේ  ආණ්ඩුවේ ප්‍රභලයා අගමැති අයියා හෝ  බැසිල් මල්ලි නොව ඔහු අලි සබ්බ්‍රි බව පසු ගිය කාලය පුරාවටම අපට දැක ගැනීමට හැකිවිය. තමා ගේ සියලු නිති කටයුතුවලට නොමිලේම පෙනි සිටීමට අලි සබ්බ්‍රිට ලැබුණ ලොකුම තැග්ග රටේ අධිකරණ ඇමති කමය.

අද ගෝඨා වෙනුවෙන් අරුමෙට කෑගසන සියළුම දෙනා ගේ උපදේශකයා සේම ගැලව්ම් කරු විය. ඒත් අලිසබ්බ්‍රි ගේ පත් වීමට මුලින්ම විරෝධය පෑවේ මහින්දය, ඒ කිසිවකට ඇහුන්කන් නොදුන් ගෝඨා අලි සබ්බ්‍රිව ඔහුට ඔනි තැන තැබුවාය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වු ස්මත් අහමඩ් ඊබ්‍රාහිම් ගේ හා ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් ගේ නඩු වෙනුවෙන් අලිසබ්බ්‍රි පෙනිසිටීම රටක අධිකරණ ඇමති ධුරයක් දැරීමට තරම් කොපමණ සදා චාරත්මක දැයි දන්නේම ගෝඨාභය ජනාධිපතිය.

අපරාධ කරුවන් ගේ පාරාදීසය:……….

අපරාධ කරුවන් ගේ පාරාදීසයක් වු රාජපක්ෂ ආණ්ඩුව ඉහලම අධිකරණයේ සිට අමාත්‍යංශ ලේකම් දක්වාම පත්ව ඇත්තේ පට්ටම දුෂිතයන්ය. එවන් මොහොතක තමා ගේ විධායක බලය තවත් 100 ගුණයකින් වැඩිකර ගෙන හා රටේ එකාධිපතියෙක් ලෙසට අහිංසක ජීවිත බිලි ගැනීමට දැන් අලි සබ්බ්‍රි නැමති පුද්ගලයා සමඟ හොර රහසේම කටයුතු කිරීමට එරෙහිව පක්ෂ ,විපක්ෂ සමස්ථ ජනතාවම පාරට බැසිය යුතුය.

ආසියාවෙන් බිහිවීමට නියමිත් ඒකාධිපති:…..

ලෝකයේ 20 වන සියවසේ සිටි සදාම් හුසේන්ලා ,රොස්නි මුබාරක් , ලිබියාවේ ජනාධිපති කර්නල් ගඩාෆි, ගේ මාර්ගයේ ආසියාවෙන් බිහිවීමට තටමන ගෝඨාභය දැන් සිහින දකිමි සිටී. ඒත් සමඟම ඊට අදාල බලය වෙනුවෙන් රටේ ජනතාවම බිල්ලට දී 69 නම ලක්ෂක් ජනතාව ද්‍රෝහින් කොට තම නිතිඥයා ලවා හොර රහසේම 20 වන ආණ්ඩුක්‍රමසංශෝධනගෙනවිත් ඇත.

මහින්ද රාජපක්ෂ පවා නොදැක්ක 20 වන සංශෝධන්ය තුල ගැබ්ව ඇති ජනාධිපති මුක්තිය අධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරන් පත්කිරීම ,නෙරපීම ,පොලිස්පති පත්කිරීම , සියළු කොමිසන් සභාවන් අවසන් කිරීම විගණකාධිපති පඹයෙක් කිරීම වැනි සියල්ලම සිදු කොට රටේ ඒකාධිපතියෙක් ලෙසට වැජබීමට ගෝඨාභය දැන් සිහින දකිමින් ඇත.

ඒත් රටේ ජනතාව 69 ලක්ෂයක්ම රනිලාට විරුද්ධව ඡන්දය දුන්නේ  ගෝඨාභයව  ඒකාධිපති යෙක් කොට ලෝකයෙන් ශ්‍රි ලංකාව කොන් කරවීමට උවමනා පාර කප්පවා ගැනීමට නම් නොවන බව සහතිකය. අද වන විට  හමුදා ජුන්ටාව සමසථ රාජ්‍ය සේවයම ගිල ගෙන හමාරය, ඒත් රජ්‍ය සේවකයෝ දැන් මීක් නැත වැඩිම ඡන්ද ප්‍රමානයක් තැපැල් ඡන්ද ලබාදී ගෝඨා වෙනුවෙන්ම පෙනි සිටි සියල්ලම අද ගලේ රීපු බළලුන් වී ඇති සැටි දකිනවිට දැඩි අනුකමපාවක් උපදි.

පිස්සු පුස ගේ සමයං-කොමිසන්:……..

ඒ අතරම රටේ සමස්ථ අධිකරණ ක්‍රියා වලියම විහිළුවකට විහිළුවකට ලක් කොට ඇත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නොහොත් පිස්සු පුසා ගෙන සමන් විත සමයං -කොමිසමක් අටවා දැන්ට අපරාධ චෝදනා ලත් මිනිමරුවන් හා වෙනත් රාජ්‍ය දේපල සොරකම් කල සියල්ලම දේශපාලන පලිගැනීමට බොරු නඩු දමා විනිසුරන් ගේ උවමනාවට මේ නඩු පවත්වා ගෙන යන බවට පිසු පුසා නැමති පුද්ගලයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත.

සියල්ලටම එය පාරා වල්ල්ලක්:……

දැන් මේ සියල්ලම කණපිට ගැසීමට තටමන්නේ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා රාජපක්ෂලා ගේ ඉදිරි දුෂ්ණ සියල්ලම යට ගසා ගැනීමටය. මෙම සංශෝධනය වෙනුවෙන් පෙනි සිටින සියල්ලටම කවදා හෝ තම ජීවිතේ වන්දි ගෙවීමට සිදුවන් බව සහතිකය.

එසේම එ වෙනුවෙන් ඡන්දය දෙන සියල්ලටම එය පාරා වල්ල්ලක් වන බව නොවනු මානය. අද ඔවුන් සියල්ලම අරුමෙට 20 වෙනුවෙන් උඩු බුරලව්වත් ඔය 20 වන සංශෝධන කවදා හරි ඒ සියල්ලටම පාරාවලල්ලක් වනවා නම් සහතිකය.


Spread the love

Leave a Comment

You may also like