පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් තම පක්ෂය වු ජාතික සමඟි පෙරමුණහි සම්පුර්ණ සහාය සමඟි ජන බලවේගයවෙත ලබා දෙන ලදි . ඒ සජිත් ප්‍රේමදාස විසින් තමාව මීළඟ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්කරන බවට පැවති එඟතාව මත බවය.
ජාතික සමගි බලවේගය හරහා මැතිවරණයට අවතීර්ණ වූ බවත් එහිදී සජිත් ප්‍රේමදාස මැතිවරණයෙන් පසුව පත් කරන ලබන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිරිනමන බවට එකඟ වූ හෙයින් ඔහු විසින් මැතිවරණයෙන් පසුව තමාගේ පොරොන්දුව කඩකර ඇති නිසා එයින් තමාට සිදු වූ පාඩුව, වෙනුවෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවූ බව අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික සමඟි පෙරමුණේ නායක අසාත් සාලි විසින් හෙළි කළේය.
මෙහිදි අසාද් සාලි සජිත් ප්‍රේමදාස පිලිබදව විශ්වාස කොට ඇත්තේ…. ” මම ප්‍රේමදාස ගේ පුතා මම කියන දේ කරන කෙනෙක්…..” යනුවෙන් අසාද් සාලිට පැවසීම මතම ඔහු කෙරේ තමාට විශ්වාසටක් ඇති වු බවත්, සජිත් ගේ පියා වු දිවංගත රණසිංහ ප්‍රේමදාස කිසිදවසක මිනිසුන්ව බොරු කියා මුලා නොකල ජනනායකයෙකු නිසාය. අද සජිත් ගේ හැසිරීම ඉතාම කණගාටු දායක බවත් තමා හා තම පක්ෂය අවතක්සේරුවකට ලක්කල බවත් තමාට සිදු කල අවමානය හා පොරොන්දු කඩකිරීම වෙනුවෙන් මෙසේ එන්තරවාසි යැවු බව අසාද් සාලි දැඩි කල කිරීමෙන් ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව පැමිණි සජිත් ප්‍රේමදාස ප්‍රධාන කණ්ඩායම සමග තමා පසුගිය මැතිවරණයේදී සමඟි ජන බල වේගය දිනවීම සඳහා දැඩි කැපකිරීමක් කළ බවත් ඉන් පසුව අවස්ථා ගණනාවකදීම සජිත් ප්‍රේමදාස තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිරිනැමීමට එකඟවූ බව මෙහිදී කියා සිටී,
ඒත් පසුගිය මැතිවරණයෙන් පසුව සමඟි ජන බල වේගය පත් කළ යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තමාව නම් නොකිරීම තමා සහ සජිත් ප්‍රේමදාස අතර ඇති කර ගන්නා ලද එකඟතාවය බිඳ හෙලීමක් බවත් මෙයින් තමාට සිදු වූ පාඩුව ,සහ ලැජ්ජාව, වෙනුවෙන් වන්දි ඉල්ලා ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් මේ වන විට සජිත් ප්‍රේමදාසට එන්තරවාසි යවා ඇති බව මෙහිදි වැඩිදුරටත් ඔහු පැවසීය.
පහත විඩියෝව තුළින් ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය හමුව ඔබට නැරඹිය හැකිය