උණුසුම් පුවත්

පොලිසියක් තුලදී පොලිස් නිලධාරියකුට වෙඩිතබා ඝාතනයේ සැකකරු අවු;23 ක් වයස ශ්‍රි ලාංකික සිසුවෙක්……!! ( විඩියෝ සහිතයි )

Spread the love

අජිත්….

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු බ්‍රිතාන්‍ය දකුණු ක්‍රොයිඩන් හි පදිංචි ලුවිස් සොයිසා නැමති අවු;23 ක සැකකරු අත්වඩංගුවට ගෙන දකුණු ක්‍රොයිඩන් පොලිසිය වෙතට රැගෙන පැමිණ ඇත.

ඒ අවස්ථාවේදී සැකකරු සඟවා ගෙන තිබු පිස්තෝලයකින් පොලිස් ස්ථානයේ සිටි නිලධාරියාට එක වරම වෙඩිතබා ඇත. ඒත් සමඟම ඔහුද වෙඩිතබා ගෙන ඇත . පොලිස් සැරයන් නික්පාකර් එම අවස්ථාවේදීම මිය ගොස් ඇත.සැකකරු පසුව  රෝහල් ගතකොට ඇත. මේ වනවිට සැකකරු අසාධ්‍ය තත්වයෙන් ක්‍රොයිඩන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

චන්න ද සොයිසා ගේ එක් පුතෙක් වු මොහු මෙම අපරාධය සිදු කොට කොට ඇති අතර විශේෂයෙන්ම බ්‍රිතාන‍ය මෑත ඉතිහාසයේ මෙවනි ඛේදනීය සිද්ධියක් සිදුවී නොමැති අතරම බොහෝ ශ්‍රිලාංකිකයන් ඉතාම සාමකාමීව ඉතාම උසස් ජීවන රටවක් නිදහසේ බුක්ති විදින රටක් තුලදී  මේවනි නොමඟ ගිය පුද්ගලයෙකු නිසාම සමස්ථ ශ්‍රි ලාංකිකයන්ම දැඩි සේ අපහසුතාවයට පත්වීම ඉතාම කණගාටුදායකය.

එසේම බ්‍රිතාන්‍ය තුල ඇති   ප්‍රජාතන්ත්‍රවාදි ,නිදහස භුක්ති විදීම කිසිදු වෙනසක් නොමතිව බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හිමි සියළු වරප්‍රසාද ලබමින් සිටියදීම මෙරට ආරක්ෂක අංශවලට මෙවනි ආකාරයේ විනාශක සිදු කිරීම තුලින් සමස්ථ  ලාංකිකයන්ටම එහි විපාක විදීමට සිදු වනු ඇත. දැනට ශ්‍රි ලාංකිකයන් බ්‍රිතාන්‍ය පොලිසියේ පවා රථවාහන හා සාමාන්‍ය රාජකාරි නිරතව සිටී. 

මෙවනි සිද්ධීන් සිදු වීම උපන් මවු බිමට  පුද්ගලයන් කරනු ලබන දැඩි විනාශයක් බවත් තම දරුවන් පිලිබදව දෙමාපියන් ගේ දැඩි අවධානය තිබිය යුතු බවටත් මෙවනි සිද්ධීන් නැවත සිදු නොවීමට බ්‍රිතාන‍ය වෙසෙන ශ්‍රි ලාංකිකයන් ගේ දැඩි වගකීමක් වනු ඇත.

කතෘ ගේ සටහන;
“තම ජීවිතය දෙවනි කොට රාජකාරිය සිදු කිරීමට ගිය පොලිස් සැරයන් නික් පාකර්ට අපගේ ගෞරවය හා ඔහු ගේ පවුලේ සියල්ල වෙත අප පුවත් පතේ ශාතිෂ කණගාටුවත් සැකකරු ශ්‍රි ලාංකිකයෙක් වීම නිසා අපි ද දැඩි කම්පනයට පත් වු නෙමු…… නික් ඔබට නිවන් සුවය ලැබේවා………”!!

ස්තුතිය ITV

 


Spread the love

Leave a Comment

You may also like