උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ “සඟවන ඔත්තුව ” …….පොලිස් කොස්තාපල් මට්ටමේ පුහුණුවක් වත් ජේෂ්ඨනියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ලබා තිබුණා නම් ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුණා. තමන්ට සැකකරුවෙකු ඇල්ලීමට බලයක් නැහැයි කියන ගොබ්බයෙක්……!! ( විඩියෝ සහිතයි.)

Spread the love

අජිත්…
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය  සහරාන් හසීම් ලා සිදුකල බව දැන් ඕනෑවටත් වඩා ලාංකිය ජනතාව දන්නා කරුණකි. ඒත් ඊට එහා ගිය කිසිදු කොමිසමකින් හෝ විමර්ෂණයකින් හෙලි කර  ගැනීමට අකමැති ඇත්ත සත්‍ය පිලිබදව අපි ජනතා පුවත් පතක් ලෙසට දැන් ජනතාව ඉදිරියේ තබමු.

පස්කු ප්‍රහාරය අප්‍රේල් සිදුවීමට පෙර මාස 02 කට කලින්ම රට පුරා විවිධ ජාතිවාදි සිදුවීම සිදු වුනි. ඒ වා පිලිබදව යහපාලන රජය එවකට මන්දගාමි  විමර්ෂණයක් කලත් ඉතාම දක්ෂව ඒ විමර්ෂණයන් සිදුකල ත්‍රස්තවිමර්ෂණ අංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රහාරයට මාස කීපයකට උඩදීම සහරාන් ප්‍රධාන කණ්ඩායම  ගේ ත්‍රස්තවාදි ක්‍රියාවන් පිලිබදව හා දැඩි අන්තගාමි ජාතිවාදි ක්‍රියා පිලිබදව සොයා එවකට පොලිස්පති පුජිත් ජයසුන්දරව දැනුවත් කොට ඇත.

සහරාන් අත් අඩංගුවට ගැනීම වැලැක්වුයේ කවුද…?

ඒ පිලිබදව වහාම ක්‍රියාත්ම වු පුජිත සහරාන් ප්‍රධාන කණ්ඩායම අත්වඩංගුවට ගැනීම නිතිමය පසු බිම සැකසීමට නාලක සිල්වාට උපදෙස් දී ඇත. ඊට එකඟව නාලක සිල්වා නිතිපතිට ඒ පිලිබදව උපදෙස්පතා ගොනු යොමුකොට ඇත. ඒත් අවාසනාව ඒ සියල්ලම මෛත්‍රිපාල ජනාධිපති  නතර කොට ඇති බවට දැන් සියල්ලම හෙලිවී ඇත . රටේ තුප්පැහි මාධ්‍ය ඒවා ජනතාව ගේ මොළයට යාමට ඉඩ නොදි එක එකා ගේ රෙදි අපුල්ලමින් ඇත.

නාලක් සිල්වා අත් අඩංගුවට පත් නොවන්නට පාස්කු ප්‍රහාරයක් රටේ නැත අහිංසකයන් ගේ ජීවිත තවමත් මේ මහපොලවේ ජීවත් වේ. එසේ වුවානම් ගෝඨාභය ජනාධිපති කෙනෙකුත් රටේ නැත. සියල්ල උඩු යටිකුරු කරපු හැමෝම දැන් සුදු රෙදි හා නිල ඇදුමට වැසි සෙල්ලම් කරමින් ඇත. සහරාන් ප්‍රධාන කණ්ඩායම කාත්තන්කුඩියේ මහපල්ලිය ළඟදි අත් අඩංගුවට ගැනීමට සියල්ලම සුදානම් කොට තිබු පසු බිමක නාලක සිල්වා නාමල් කුමාර නැමති ගොබිලකු ගේ කීමට ත්‍රස්ත විමර්ෂණයේ නියෝජ්‍ය පොලිස්පති ලෙසට සිටියදීම අත් අඩංගුවට පත් වුයේ, මෛත්‍රිපාල නිලන්ත ජයවර්ධන ලා ගේ නාටකය නිසාය.  මෛත්‍රිපාල ගේ දැඩි බල කිරීම නිසාම ඒවකට සිටි  පුජිතට පිට කොන්දක් තිබුණා නම් නාලකව අත් අඩංගුවට   නොගෙන ඉදිරියටම විමර්ෂණය සිදු කලා නම් අද පාස්කු ප්‍රහාරයක් නැත.

කසේරුකාවක් නැති පොලිස්පතිලා…….

තවමත් පොලිස්පති පුජිතයි. ඒත්  ලංකාවේ බිහි වු කිසිදු පොලිස්පතිවරයෙකුට දේශපාලකයා ගේ වචනයට නොනැමෙන කොන්දක් තිබු බව අප නිකමටවත් අසා නැත. දේශපාලකයා    ලඟ දෙකට නැවීම නිසාම අද නිතිය බල්ලට ගොස් ඇත. මෙහි ඇති විහිළුම කොටස වන්නේ ප්‍රහාරය පිලිබදව “ඔත්තුවයි” .

අදටත් මෙය රටේ ජනතාවට කොලේ වසා පෙන්වන නාටකයකි, එදා සහරාන් ප්‍රධාන කණ්ඩායම ගේ ප්‍රහාරය පිලිබදව ප්‍රථම තොරතුර ලැබුනේ රාජ්‍ය බුද්ධි ප්‍රධානි මෛත්‍රිපාල ජනාධිපති ගේ ළඟම උදේ සවස  කතාබහ කරන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටය.මේ සුවිශේෂ   බුද්ධි තොරතුර ……? ඉන්දියාවේ රෝ නැමති ඔත්තු සේවාව ලබාදුන් තොරතුරින් කීවේ ත්‍රස්තප්‍රහාරයක් එල්ලවීමක් නම් ඒ පිලිබදව වහාම රටේ සේනාධිනායක්යා දැනුවත් කලේද …? ආරක්ෂක  මංඩලයේ කුමක් කතා කලත් නොකලත් පොලිස් කොස්තාපල් මට්ටමේවත් පුහුණුවක් ලබාතිබුණා නම් කිසි දවසක මෙසේ රාජකාරිය මඟ හැර නොයනු ඇත.

හිටපු  රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක  නිලන්ත ජයවර්ධන ලබාගත් තොරතුර පිලිබදව අද වනතුරුත් ඔහු හෙලි  නොකරන්නේ ඇයි. …?

රාජ්‍ය  බුද්ධි අධ්‍යක්ෂක හිතාමතාම කිසිවකු ගේ උවමනාවට ඔහු තම වගකීම  නිසි පරිදි ඉටු කොට නැත. එසේ නම් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක වහාම අත් අඩංගුවට ගත යුතුය. ඒ ඔහු ගේ වගකීම ඉටු නොකිරීමය. ඒත් පොලිස්පති පුජිතව මෛත්‍රි කඩිමුඩියේම අත් අඩංගුවට ගත්තේ රටේ  නැගී එන මහජන  විරෝධය සමනය කිරීමටය. මුලින්ම  තානාපති කම දීමට කතාකල මෛත්‍රි පසුව ඊට ඒකඟ නොවු තැන අත් අඩංගුවට පත් විය.

ඒත් කලයුතු වු යේ තොරතුර ගත් එකා කව්දැයි සොයා ඌ අත් අඩංගුවට ගෙන වහාම විමර්ෂණයක් ඇරඹීමය. මෙහි නිලන්ත ජයවර්ධන  රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ලබාගත් තොරතුර පිලිබදව අද වනතුරුත් ඔහු හෙලි  නොකරන්නේ ඇයි. …? ඒවනි තොරතුරක් ලැබුණා නම් ඒ  පිලිබදව වහාම ඔහු හෙලිකල යුතුය .

අපරාධ විමර්ෂණ දෙපාර්තමේතුවට හෝ  දැන් ඇති කොමිසමට වත් ඔහු මේ තොරතුර ගත්තේ කාගෙන්ද යන්න හෙලි කර නැත. ඒත් ඔහු  පවසන්නේ කිසි දවසක එය  ඔහු නොකියන බවය. එසේ නම් වහාම නිලන්ත ජයවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නිතිය ක්‍රියාත්මක් විය යුතුය.

ඒත් මේ සියල්ලම තිබුයදි ඔහු ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති වුයේ කාගේ උවමනාවටද…? මෙය බැලු බැල්මටම නාලක  සිල්වා අත්වඩංගුවට ගැනීමේ සිටම නිලන්ත ජයවර්ධන මේ පාස්කු නාටකය පිටුපස සිට ඇති බව ඉතාම පැහැදිලිය .දැන් නැවතත් නිලන්ත ජයවර්ධන යන්නේ නැගෙනහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසය. එසේම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිටියදී පුද්ගලයන් ගෙන් මුදල් වංචා කිරීමට මත් ද්‍රව්‍ය  කාර්යංශයෙන්පොලිස්පති ඉවත් කල ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක සුභෝධ කොට්ඨාශ බුද්ධි අංශයේ ස්ථානාධිපති,ලෙසට පත් විය.

නිලන්ත ජයවර්ධන ජනාධිපති සිරිසේන යටතේ රාජකාරි කලාද පොලිස්පති ආරක්ෂක ලේකම් යටතේ රාජකාරි කලාද යන්න දැන් පාස්කු ප්‍රහාරයේදි හෙලිවිය .

තමා ලද අති විශේෂිත වු බුද්ධි තොරතුරක් වත්සැප් (WHATS APP ) මාර්ගයෙන් රටේ ආරක්ෂක ලේකම්ට යැව්වා නම් නිලන්ත ජයවර්ධන වැනි ගොබ්බයන් පොලිස් සේවාවෙන් එලවා දැමිය යුතුය. පොලිස් කොස්තාපල් වරයෙකුට ඇති බුද්ධිකවත් නැති ගොබ්බයෙකුට රටේ ජාතික ආරක්ෂාව භාරදීම පිලිබදව මෛත්‍රි -රනිල්ලා වග කිව යුතුය.

පස්කු ප්‍රහාරය පිලිබදව ජනාධිපති විමර්ෂණ කොමිසමට නිලන්ත ජයවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියන්නෙ ඔහුට කිසිවකුත් අත් අඩංගුවට ගැනීමට නිතිමය බලයක් නොමති බවයි. අඩුම තරමින් තමන් පොලිස් නිල්ධාරියෙකු බවවත් දන්නවාදැයි නිලන්ත ජයවර්ධන්ගෙන් අපි අසන්නේ ඉතාම කණගාටුවෙන්ය මෙවනි ගොබ්බයන්  නැගෙනහිර පලාතක් භාරව සිටීනම් නිතිය හා සාමය ගැන නිති අණ පනත් ගැන මෙලෝ සසරක් නොදැන තම පහල නිලධාරින්ට මගපෙන්වන්නේ කෙසේදැයි අපි නොදනිමු. ඒ පොලිස් දෙපාර්තමේතුවේ අභාවයයි.

පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට හැකි බව නොදන්නා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…..

අවසානයේ  නිලන්ත ජයවර්ධන සඟවන දේ පිලිබදව වහාම ප්‍රශ්ණ කලයුතුය .මේ තොරතුරු සියල්ලම සඟවා මිනිස් ජීවිත බිල්ලට ගත්තාට පොලිස්පති පුජිත නොව මේ පුද්ගලයා වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කලයුතුය. ඔහු ඉටුකරන්නේ කාගේ වුවමනාවක්දැයි රටේ ජනතාවට දැන් අගැනීමට අයිතියක් ඇත.

ඊයේ විශේෂ කාර්යය බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වු හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් ද පසු ගිය දා පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ෂණ කොමිසම හමුවේ කියා සිටියේ ද මේ පිලිබදව නිලන්ත ජයවර්ධන් මුළු මනින්ම වගවීමට බැදී ඇති බවයි. එසේම ඔහු පොලිස් නිලධාරියෙකු බවත් ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේ බලයක් ඇති බවයි.

කෙසේ නමුත් අපි රජයට  බල කර කියා සිටින්නේ ඇත්තටම මේ ප්‍රහාරය පිලිබදව සත්‍ය සෙවීමට උවමනාවක් ගෝඨාභය ජනාධිපතිට ඇත්නම් වහාම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව අත් අඩංගුවට ගන්නා ලෙසයි. එවිය සියල්ලම හෙලිවනු ඇත.

විඩියෝ වෙනුවෙන් දෙරණ නාලිකාවට විශේෂ ස්තුතිය


Spread the love

Leave a Comment

You may also like