උණුසුම් පුවත්

“චක්‍රලේඛණය කියන්නේ මම කියන දේයි…….” අනාගතේ මහා ලේ වැගිරීමක පෙර හැසිරීමක්…………”!!

Spread the love

තමා කියන සෑම වචනයක්ම විධායක ජනාධිපති ලෙසට ඒවා චක්‍ර ලේඛණ බවත්  මින් ඉදිරියට ඒ ආකාරයට විය යුතුබවට ඊයේ (25 ) අක්කර සීය කුමාරතැන්න විද්‍යාලයේ ,බදුල්ලේදි පැවති ගැමි ජනතාව හමුවු වැඩ සටහනකදි  ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකරන ලදි.

“විධායක ජනාධිපති වු මම කියන වචනයට වඩා අයේ මොනවද …? මැටි ගෙන්න ඒ මිනිස්සුන්ට බලපත්‍ර ඕන තරන් දෙන ඔනි . පැය 24 ක් ඇතුලත ඒවා නොවු නොත් මම බලා ගන්නේ රජයේ සේවකයා ට විරුද්ධවයි………… ”

මෙය රටක රාජ්‍ය නායකයෙකු තබා අඩුම ඉගනීමක් ඇති මිනිසෙකු නොකියන කතාවකි. දැන් අපිට ඇති ප්‍රශ්නය මොහු පාසැල් ගියාද කියන එකය. ඒ මොහු වටා සිටින බොහෝ දෙනෙකු ආනන්දයේ අධ්‍යාපනය ලැබුවන් කියන නිසාය. ආනන්දයට කරන අගෞරවය නම් පාසැලේදි නිසි අධ්‍යාපනයක් නොලද මිනිසෙකු රටේ අවාසනාවට ජනාධිපති වීමය.

අක්කර සීයේ ගැමියන් ගේ මැටි කර්මාන්තයට මැටි ලබාදිය යුතු බවට කිසිදු තර්කයක් නැත. ඒත් මීට පෙර රටේ වැඩිම කාලයක් රට  පාලනය කලේ  තමන් ගේ අයියන්ඩි බවවත් අයියා ගේ කෙරුවාව හා අයියා ගේ එක්ක සිටි (දැන් ගෝඨා සමඟ සිටින ) දුෂිත ඇමතිලා ගේ කෙරුවාව සොයා බැලිය යුතුය. මෙහිදි චක්‍රලේඛණ ගැන මතක් කිරීමට තරන් කොන්දක් තිබු එම නිලධාරියාට අප පුවත්පතේ ගෞරවය හිමිවිය යුතුය.

ගෝඨාභය   විශ්වසය තබා ඇත්තේ හමුදාව කෙරෙහි පමණි. රටේ සමහර අණ පනත් යල්පැනගිය ඒවා බව අපිද පිලිගනිමු. බොහෝවිට ඒවා සකස්කර ඇත්තේම රටේ වනසම්පත, පස්,වන සතුන් රැකීමටය. ඒත් දැන් ඊට එහා ගිය අනතුරක් මේ කතාවේ එල්ලියට පැන ඇත. ඒ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත අවු විට ගෝඨාට ඔනි කෙනෙකු පාරේ වෙඩිතබා මරාදැමීමට හැකිය ඒ ඔහු කියන  ඔහුගේ වචනය චක්‍ර ලේඛණයක් හා නියෝගයක් වෙන නිසාය.

එය ඉතාම ඉක්මනින් රට 88 /89 භිෂණයක්ට ගෙනයාමක්, මේ නිසා පක්ෂ භේදයෙන් තොරව සියලු දේශපාලන බලවේග මීට එරෙහිව  වහාම එකව කටයුතු කලයුතුය. සියල්ලම ඒකම කදවුරකට ඒමට දැන් කාලය පැමිණ ඇත. රටක විවිධ දේශපාලන මතයන් දරණ ජනතාවක් සිටය හොත් ඕනෑම අයෙකුට දේශපාලනය කලහැකිය,

ඒ නිසාම ප්‍රථමයෙන්ම රටේ සියළුම දේශපාලන පක්ෂ  එකට එක්ව ඉදිරියේ ඇති වන ඕනෑම මර්ධනයකට එරෙහිව නැගීසිටීමට දැන්මම ක්‍රියාකලයුතුය.   ඔහු ගේ වචන රටේ චක්‍ර ලේඛණ වෙනවා නම් එය රටේ සිටින හා අනාගතයේ උපදින දරුවන් ගේ ජීවිත වලට පවා විශාල අනතුරු ඇඟවීමකි.


Spread the love

Leave a Comment

You may also like