උණුසුම් පුවත්

තරුණ ජීවිත මහළු කරන කැලණි සරසවියේ උපාධියට වසර 09 ක්…….!!

Spread the love

ශ්‍රි ලංකාව හැර සමස්ථ ආසියාවේම ආණ්ඩු වැඩිම අවදානයක් යොමු කරන්නේ තම අනාගතය භාර ගැනීමට සිටින රටේ දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒත් ලංකාවේ පාසල් අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට වඩා අවදානය යොමු කරන්නේ පවතින ආණ්ඩු තම හෙන්චයියලාගේ ඕනෑ එපාකම් වෙනුවෙනි.

මීට හොදම උදාහරණය කාලයක්ම අධ්‍යාපනයට අයවැය 6% ක් වෙන් කරවා ගැනීමට රටේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම ආකරමන්‍ය කොට වැඩවර්ජන්යකට පවා යාමට සිදු විය . ඒත් අද වෙන තුරුවත් කිසිදු ආණ්ඩුවක් 6% ක රටේ අනාගතය වෙනුවෙන් ආයෝජන්යක් නොකරන්නේම අමු මොඩයන් බිහිවන තරමට පාලක්යන් ගේ වහළු ලෙසට දුප්පත් ගම්බද තරුණයන් පොලබවා ගත් හැකි නිසාමය.

මේ නිසාම උසස් අධ්‍යාපනය මොට්ට කිරීමට දැඩි සේ වෙහෙසෙන ආකාරය අපිට ඉතාම හොදි පෙනි යයි. වෙනත් රටවල් ආයෝජනය කරන්නේ තමන් ගේ රටේ අධ්‍යනයටය ඒ අනාගත පැවැත්ම වෙනුවෙනි. ඒත් ශ්‍රි ලංකාවේ ඒ සියල්ලම කණපිට ගසා ඇත. උසස් අධ්‍යාපනය දුක් විදින දරුවන් ඒකායන අරමුණ සරසවි වරම් ලබා ගැනීම උවත් අද කැලණි විශ්ව විද්‍යාලය ඒ අහිංසක දරුවන්ව මහපාරට ඇද දමා තිබීම ඉතාම සෝචනීයයි.

වසර 03 කින් උපාධියක් ලබා ගැත හැකි වුවත් කැලණි විශ්වද්‍යාල දරුවන්ට උපාධිය ලබාගැනීමට සිදුව ඇත්තේ වසර 09 කින් පසුවය ඒත් පාලන අධිකාරියට නොවදිනා වැදුම් වැදීමෙන් පසුවය. මේ පිලිබදව බලධාරින් මුනිවත රකින්නේ ශ්‍රි ලංකාවට වැඩියෙන් අවශවන්නේ දැනුමෙන් හා අධ්‍යාපනයෙන් පරිනත මිනිසුන් වුවත් පාලකයන් ගේ උවමනාව රටේ වහළුන් වැඩි වශයෙන් බිහි කිරීමට නම් මීහරකුන් වැඩිකරගත් යුතු බවය, ඒ නිසාම අද අධ්‍යාපනයට මෙවන් කුඩම්මගේ සැලකිල්ලක් දක්වා ඇත.   

ඒ නිසාම අධ්‍යාපන ඇමති ඒ පිලිබදව මුනිවත රකී. ඒ දරුවන්ට සිදු වු අසාධාරණයට වහාම විසදුමක් ලබාදිය යුතුය. තම ශිෂ්‍ය කාලයෙන් වසර 09  උපාධියක් වෙනුවෙන් වැයවන්නේ නම් රටේ අනිකුත් මන්දගාමිනි කටයුතු ගැන තවත් කුමන කතාද…?

මේ නිසාම අපි රටේ අහිංසක දරුවන්ට සිදුකරන මේ අසාධාරණය පිලිබදව මාධ්‍යක් ලෙසට අපි දිගි දිගටම පෙනි සිටින්නෙමු.

අජිත්


Spread the love

Leave a Comment

You may also like