2015 වසරේදි එකම පවුලක් රජවීමට දැරු උත්සහාය දැඩිකැපවීමකින් අවසන් කර මෛත්‍රි-රනිල් නැමති දෙබෑයන්ට රට භාර කලේ වසර ගනනාවක්ම සිදු වු රටේ විවිධ මිනිමැරුම පිලිබදව විමර්ෂණය හා අසීමිතව උපයා ඇතැයි කියු ධනය නැවත රටට හිමිකර දීමේ පොරොන්දුව මතය.
ඒත් අවසානයේ සිදු වුයේ ජනාතාවට කොකා පෙන්නා රනිල් -මෛත්‍රි , සාගලලා ,වජිරලා, රවිලා තවත් එකි මෙකී නොකී බොහෝ දෙනෙක් රාජපක්ෂලා සමඟ ඩීල දේශපාලනයක ,යෙදීමයි. එම ඩීල කරුවන් සිදුකල විනාශය සුළුපටු නොවන බව දැන් අවාසනාවකට ඔවුන්ටද වැටහී ඇත. ඒත් එදා එක්සත් ජාතික පක්ෂයේ සියළුම ඇමතිවරුන් මංත්‍රිලා ජනතාවට කොකා පෙන්නමින් හැසිරීමේ ප්‍රතිපලය අද භුක්ති විදින්නේ රටේ ජනතාවයි . තවමත් ඔවුන් ගේ ඩීල් දේශපාලනය අවසන් නැති බව ඉතාම හොදින් පෙනියන කරුණකි.
ඒ නිසාම එදා තමන්ට අහිමිවු බලය මෙන් දස ගුණයක් බලයක් රටේ ජනතාව රාජපක්ෂලාට ලබාදුන්නේ උන් හොරු බව දැන දැනමය. ඒ සියල්ලටම වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂයයි ඒ එදා කිසිදු විමර්ෂණයක් කිරීමට සාගලලා ,වජිරලා ඉඩ නොදුන් නිසාය. දැන් ඔවුන්ටම “දිට්ඨ ධම්ම වේදනීය කර්මය,” දී හමාරය. දැන් ඒ කර්මයට රටේ ජනතාව දායක වී ඇත. ඒ 2020 ජනාධිපති වරණයේදි නැවතත් ඒ ප්‍රතික්ෂේප කල රාජපක්ෂ කෙනෙකුම තෝරා අසීමිත් බලයක් ජනතාව පිදුවෝය.
මේ ව්‍යවස්ථාව දින ගන්නාවක්ම අලිසබ්බ්‍රි අධිකරණ ඇමති නිර්මානය වුවකි. ඒ නිසාම අලිසබ්බ්‍රි “රටේ ඒකීය රටක් යන්න ඉවත් කොට ” කොලේ වසා ලෝකයේ ත්‍රස්තවාදීනය්ට ඉතාම පහසු කෙලිබිමක් කලේ ගෝඨා ගේ අනු දැනුම ඇතිවය.
19 වන ව්‍යවස්ථාවේවත් රටේ ඒකීය යන්න ඉවත් නොකල නමුත්, අලිසබ්බ්‍රි ඒකත් රටේ ජනතාවට පස්සෑ පෙන්නා කරනලද ක්‍රියාවකි. නාමල් ගේ දේශපාලනය විනාශ වීම පිලිබදව ඊයේ අලි සබ්බ්‍රිට ශිරන්ති රාජපක්ෂ හොදම කුණුහරුපෙන් අමතා ඇතින් බවත් තතු දත්තෝ පවසති.
මිලේචත්වයට හා ඒකාධිපතිත්වයට;……
දැන් අසීමිත් බලය තුලින් රාජපක්ෂලා රටට කලහැකි සියලු නස්පැත්තියන් සිදු කරමින් ඇත. සමහරක් පිලිබදව කිසිදු වාද විවාද යකින්තොරවම ඒවා තමාට හා තම හෙන්චයියලාට භුක්තිවිදීමට කැලෑ සංහාරයක් කරනු ලැබීය. ඒත් ඊට වගේ වගක් නැති රටේ ජනතාව තමන්ට නොවු පාඩුවක් සේ ඇස්,කණ් පියා ගෙන සිටි. ඉන් නොනවතන ගෝඨාභය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් කෙලීමට කැසපොට ගසා ඇත.
ඒ ඔහු සමඟ සිටින අන්ත්වාදී පුද්ගලයන් හා පට්ටම දුෂිතයන් රැලක් සමඟය. ඔවුන් 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය හදුන්වාදී ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධන්යෙන් සිදුව ඇති විනාශය රට තවත් මිලේචත්වයට හා ඒකාධිපතිත්වයට එක හෙලාම තල්ලු කිරීමකි.
අලිසබ්බ්‍රි ගේ බලය;………
තමන්ට ඇති අපරාධ නඩුවලට නොමිලේ පෙනි සිටිය හොත් අධිකරණ ඇමතිකම දෙනවා යැයි පොරොන්දුව පිට අලිසබ්බ්‍රි නැමති ගෝඨාභය ගේ ජනාධිපති නිතිඥයා රටේ අධිකරණ ඇමති බවට පත් කලේ කිසිදු විරෝධයකට ඇහුන්කන් දීමකින් තොරවය.ගෝඨාභය ගේ මුළු මනින්ම තවත් මහින්දගේ පාලනයකට තිත තැබීමකි. ඒ ආරම්භය මේ 20 තුලින් ඉතාම හොදින් කැපී පෙනේ. ආණ්ඩුක්‍රම විශ්ලේෂකයන් පවා මවිතකරවන ඉතාම පසු ගාමි ආපස්සට රට ගෙනියන වහල් භාවයේ සංකේතය බවට පත්වෙනවා නොවනු මානය.
දැන් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ගැබ්ව ඇති සංශෝධන වල ඉතාම බරපතලම කාරනා කිපයකි එනම්……….
1). ඒකීය රටක් හා යන්න පිලිබදව ඇති වගන්තිය ඉවත් කිරීම .
2) ද්විත්ව පුරවැසියනට මෙරට ව්‍යවස්ථාදායකයට හෝ ජනාධිපති වීමට හැකියාව
3) ජනාධිපති ගේ අගමැති ගේ හා බොහෝ අමාත්‍යංශයන් රාජ්‍ය විගනනයෙන් ඉවත් කිරීම
4)ස්වාධීන කොමිසන් සභා අහෝසි කිරීම
5)අගවිනිසුරු ,පොලිස්පති ඇතුළු සියලුම උසස් නිලතල සදහා සියලු පත් කිරීම් දැන් වවස්ථාදායක් සභාවෙන් සිදුවීම ඉවත් කිරීම
6)ඉහල අධිකරණ වල සෑම පත් පත් කිරීමක්ම ජනාධිපතිගේ අවශ්‍යතාව අනුව සිදු කිරීම.
7) 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට විරුද්ධව සිවිල් හෝ අපරාධ නිතිය යටතේ කිසිදු අධිකරණයක නඩු පැවරීමක් කල නොහැකිය විශාම ගියත් එසේ බලපානු ඇත. ජනාධිපති මුක්තිය ( PRSIDENTIAL IMMUNITY )
8)මහාමැතිවරණයකින් බලයට පත්වන ඕනෑම රජයක් වසරක් තුල ජනාධිපතිට විසිරවීමේ බලය.
රටේ බෞමික අඛන්ඩතාවය හා ඒකීය භාවය;…
යන මේ සියලලම තනින පුද්ගලයෙකු විසින් සිදු කිරීම මේ 20 තුලින් නිර්මානය කොට ඇත. රාජපක්ෂලා ගේ විනාශයට ලංකාවේ පුජකවරු වගකිවයුතුය. මැදගොඩ අබේතිස්සලා,දැන් කුමක් කීවත් රටේ ජනතාව දැන් 69 ලක්ෂක් ඡන්දය දී අවසන්ය. රටේ බෞමික අඛන්ඩතාවය හා ඒකීය භාවය පිලිබදව කෑමොර දෙන විමල්ල, ගම්මන්පිලලා දැන් ගලේ පැහැරූ බල්ලන් බලලුන් සේ සිටින්නේ රාජපක්ෂලාට ඇති භය නිසාය.
1978 ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවෙන් ඉවත් කලේ ඉන්දියාවේ උවමනාවක් ඉටු කිරීමට දැයි අපිට වාර්තාවේ එසේ වන්නේ ගෝඨාභයට මීට කලකට පෙර ඉන්දියාවට වහකදුරුය ඒත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෝඨා හා මෝදි යනු අසයි පොත්තයි සේ එකට ගැට ගැසුනු දෙදෙනෙක් විය
ඒ තමන්ගේ කුනු සියල්ලම රාජපක්ෂලා සතුව ඇති නිසා බව විමල්ලා දන්න නිසාය. මෙම ව්‍යවස්ථා සංශෝධන යෙන් පසුව මහින්ද රාජපක්ෂ නිකම්ම නිකමෙක් වෙනවා පමණක් නොව මහින්ද ගේ එකම සිහිනය වු නාමල් රාජපක්ෂව ජනාධිපති තරඟයට2025 දි යැවීමට ඇති පාර මුළුමනින්ම මේ 20 න් අහුරා ඇත.
මනෝජ් රාජපක්ෂව සිංහාසනාරූඩ කරවීම;……
ඒ ගෝඨාගේ එකම වුවමනාව මනෝජ් රාජපක්ෂව සිංහාසනාරූඩ කරවීමටය. ඒ නිසාම මනෝජ් රාජපක්ෂව 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවීමට අවශ්‍ය මාර්ගය දැන් අලි සබ්බ්‍රි විසින්සුද්ධ කරමින් ඇත. ඒ ද්විත්ව පුරවැසිකම් ඉවත්කිරීමයි ඔහු ගේ ආගමනයත් සමඟම නාමල් ගේ දේශපාලන සිහිනය විනාශ වෙනු ඇත.
මේ නිසාම 20 ගෝඨා ගේනාවේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිලිගැනීමටය.
දැන් අපිට ඉතුරුව ඇත්තේ වෙන දේ බලා සිටීමටය රටේ බුද්ධිමත් ජනතාව රාජපක්ෂලාට අසීමිත බලයක් දී කිවේ අපිව වහළුන් ලෙසට ඔබලා මියයන්තුරුම තබා ගන්නා ලෙසය ඉතින් දැන් ඇත්තේ දෙන දේ කා වෙනදේ බලා සිටීමයි….