වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් තබ්බෝව – ගල්විල පාරිසරික උද්‍යානය තුළ වසර 100ක් පැරණි ගස් කැපීම්, වැලි ගොඩදැමීම් ඇතුළු විශාල පාරිසරික හානි රැසක් සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
හෙක්ටයාර් 21 ට ආසන්න භුමි ප්‍රමාණයකින් සමන්විත මෙම ගල්විල පාරිසරික උද්‍යනය තුළ දැනට වැව් හාරන මුවාවෙන් ගොවි සංවිධානය ලබා දුන් අවසරය මත කිසිදු ඉවක් බවක් නොමැතිව බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන ස්ථාන ගණනාවක වැලි සහිත පස් ඉවත් කර රැගෙන යන ආකාරයක් දක්නට ලැබේ.
ඒ අතර තුර මෙම පාරිසරික උද්‍යානයේ සංචාරකයින්ට ගමන් කිරීමට කිලෝ මීටර් 80 පමණ මාර්ග සකස් කරණ මුවාවෙන් දැවැන්ත වන සංහාරයක් කර තිබේ. වසර 100 ගණනාවක් පැරණි කරුවල, වීර, පළු ගස් රැසක් ඉවත් කර විවිධ පුද්ගලයින් විසින් රැගෙන යන බව ලුම්බිණි විහාරයේ විහාරාධිපති පුජ්‍ය මානැවේ පඥ්ඥාරාම හිමියෝ පැවසූහ.
මෙසේ වැනසෙන්නේ අපට අයත් ඉතා සීමිත වන සම්පත් ප්‍රමාණයයි…..ලොව සියළු රටවල් තිරසර සංවර්ධනය ලෙස වනාන්තර තෙත්බිම් පෞරාණික ස්ථාන හා වන සතුන් ආරක්ශා කරමින් සංවර්ධන කටයුතු වල යෙදෙද්දී බලයට ඒමට සහය දුන් දේශපාලණික හෙංචයියලාට විශ්වයේ හදවත වන් අපේ වනසම්පත් සතා සිවුපාවුන්.වෙසෙන දිය උල්පත් සහිත භූමීන් මෙසේ විනාශ කරන්න ඉඩ හැර ඔබ සිහිමූර්ඡාවෙන් සිටිනවාද අනාගත පරපුර වෙනුවෙන් ස්වභාවික සම්පත් රැක ගන්නවාද යන්න ඔබට භාරය…
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ