එදා සිංහල පොලිස්පති වු රිච්ඩ් අළුවිහාරගෙන් පසුව බිහි වු සෑම පොලිස්පති වරයෙකුම සිදු කලේ තම පුද්ගලික වුමනාවන් හා දේශපාලන බැදියාවන් සමඟ උත්තරීතර පොලිස් සේවාව ගෙන ගොස් කාලක්න්නි දේශපාලකයන් ගේ අමුඩ ලේන්සුවේ ගැසීමයි.
1978 වසරේ පොලිස්පති ස්ටැන්ලි සේනානායක ගෙන් ආරම්භ වු දේශපාලන වහල් කම ඉතාම හොදින් හා විලි ලැජ්ජහවක් නැතිව වර්තමානයේ සිදුවන්නේ ජනතාව ගේ දැඩි වෛරයට හා අප්‍රසාදයට පත්වෙමිනි. ඉතාම මෑත අතීතය ගෙන බලනවිට………….වික්ටර් පෙරේරා හිටපු ජනාධිපති චන්ද්‍රිකා ගේ ප්‍රධාන ආරක්ෂකයාය.
බාලසුරිය මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරයේදි පා පහරක් ගසා තරප්පු පෙලෙන් බිමට ඇද වැටි රෝහල් ගතවි, රෝෂාන් චානක ගේ වෙඩි තැබීමට ඉල්ලා අස්වී බ්‍රසීලයේ තානාපති ලෙසත් පසුව නැවත ජනාධිපති මහින්දගේ පොලිසිය භාර අමාත්‍යංශයේම ලේකම් ලෙසට පැමිණි අයෙකි. පොලිස්පති වික්‍රමරත්න පසුව මහින්ද රාජපක්ෂ රජයේ ජනාධිපති ගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු විය.පොලිස්පති රාජගුරු පමනක් කිසිදු තනතුරක් නොගෙන විශ්‍රාම ගැනීම සිදු විය.එසේම පොලිස්පති අර්නට් පෙරෙයිරාද කිසිදු දේශපාලන තනතුරක් නොගෙනම විශ්‍රාම ගත් අයෙකි.
නුතන ආසන්නතම දේශපාලනිකව පොලිස් සංහතියේම අසුජි තැවරු අයවලුන් වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු, බාලසුරිය ,වික්ටර්පෙරේරා, පුජිත් ජයසුන්දර , යන අයයි. චන්දා ප්‍රනාන්දු හා පුජිත් ,බාලසුරිය යනතිදෙනා එක නෙකාට අඩු හා වැඩි ලෙසට පොලිස් සංහතියම විනාශයට ලක් කල බවට ඉතිහාසය සාක්ෂි දරනු ඇත.
පුජිත් ජයසුන්දර පොලිස් දෙපාර්තමේතුවෙන් ජනතාවට ලැබිය යුතු නිසි ආරක්ෂව ලබාදීම හිතාමතාම අත්හල නිසාම සිරභාරයට පවා පත් වු අයෙකි. පොලිස්පති ඉලංගකෝන්ට යම් තරමකට පොලිස් නිලධාරින් අතර නමක් සටහන් වුවත් ඔහු පොලිස්පති දුරයේ සිටියදිම ගෝඨාභය මිනිසුන් පැහැරගෙනයාම් , තජුදීන් ඝාතනය, වැනි ප්‍රසිද්ධ මිනිමැරුම් සිදු විය. ඔහුද අවසානයේ රාජපක්ෂ ලා ගේ ගැත්තෙක් බවට පත්විය.
මෙයින් පෙනි යන්නේ එදා මෙදා තුර කිසිදු පොලිස්පතිවරයෙකු පොලිස් දෙපාර්තමේතුවේ උන්නතිය වෙනුවෙන් කිසිවක් නොකල බවයි.
වර්තමාන වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහමුලින්ම අකර්මන්‍ය පුද්ගලයෙකි. ඔහු පොලිස්පති නිලය දැඩි සේ හැල්ලුවට ලක්කල නින්ද්‍රාශිලි පොලිස්පති වරයෙකි. ජනතාවට අප්‍රසන්නම ආයතනය පොලිසිය බවට පත් කිරීමට, එදා මෙදා සිටි පොලිස්පති වරු කර ඇති මෙහෙය කොපමණදැයි දැන් රටේ ජනතාවට මෙයින් මනාව වැට හෙනු ඇතැයි සිතමි.
ඒත් ඒ විනාශ එම පොලිස්පති වරුන් ගේ පවුලවල්ට හෝ ඔහුන්ගේ පුද්ගලික ජීවිතවලට කිසිදාක බලපා නැත, එහි ප්‍රතිවිපාක අදටත් විදින්නේ අද සිටින හා අනාගතයේ පොලිස් සේවාවට එක්වෙන අහිංසක සියළු නිලධාරින්ය.
මෙයින් පෙනියන්නේ පොලිස් සේවාවේ ගෞරවය කෙලසා ඇත්තේ හිටපු පොලිස්පතිවරුය. ඒ සෑම ආණ්ඩුවකම අමුඩ ලෙන්සුවේ කට්ට පොලිසිය බවට පත් කිරීමෙනි.
ඒ නිසාම අද පහල නිලධාරියා ගේ පටන් පොලිස්පතිවරයා තෙක්ම තමා ගේ එකම අගැලවුමකරු ලෙසට සිතන්නේ තම පලාතේ දේශපාලකයාය . මින් සිදුවන්නේ රටේ නිතිය හා සාමය එක් කොටසක් එල්ල කොට ක්‍රියාත්මක් වීමකි. දැන් ඒ තත්වය ඉතාම ඉහලයනු ඇත.
ඒ අද සියළු පත් කිරීම් හා උසස් කිරීම් සිදුවන්නේ ගෝඨාභයලාට ,චොකා මල්ලිලාට උවමනා ආකාරයටය.මේ නිසාම පොලිසිය දැනටමත් දේශපාලකයා ගේ අමුඩයේ කට්ටක් වී බැති බවට තවත් සාක්ෂි උවමනා නැත.
දැන් අපට ඉතිරිව ඇත්තේ මීළඟට පත්වන පොලිස්පතිවත් මේ අමුඩේ කට්ට ගලවා ස්වාධීන බවට පත් කරාවිදෝයි යන්න පිලිබදව සොදිසියෙන් සිටීම පමණි.
හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලියයි..
ස්ටැන්ලි සේනානායක පොලිස්පති වූයේ 1978 දී නොව, 1970 සමගි පෙරමුණු රජයේදී බවයි මතක. ඒ ඔහු 1964දී නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ඩි සොයිසා ඇතුළු පිරිසක් විසින් දියත් කිරීමට සැළසුම් කළායැයි කියූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන ඔත්තුව දුන්නාට ප්‍රති උපකාරයක් ලෙසිනි.