රත්තරං කිලෝ 20 ක් අත් අඩංගුවට ගැනීමට එවකට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කල ප්‍රධාන පොලිස් පරික්ෂක තාරක සුබෝධ කටයුතු කලාය. ඒ ඔහුට ඉතාම සාර්ථක ඔත්තුවක් ලබාදුන් ඔත්තුකරුවෙකු නිසාය .
පසුව එම ඔත්තුකරුට පිරිනමන මුදලින් විශාල කොටසක් තාරක සුබෝධ ළඟ තබා ගෙන ඉතිරි මුදල ඔත්තුකරුට ලබාදීමෙන් පසුව එම මුදල් පිලිබදව ඔත්තුකරු සෑහීමට පත් නොවී පොලිස්පතිවෙතට පැමිණිලි කොට ඇත.
පසුව විමර්ෂණයේදි එම මුදල් ප්‍රධාන පොලිස් පරික්ෂක සුබෝධගේ ගිණුමක තිබී හමුවී ඇත. ඒ වහාම පොලිස්පති එම නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් ඉවත් කොට ඇත. ඔහු ගේ ස්ථානමාරුවීමේ නියෝගයේද සටහන් තබමින් මඩකලපුව කොට්ඨාශයට ස්ථාන මාරු කල තාරක සුබෝධව එහිදි මඩකලපුව් කොට්ඨාශ බුද්ධි අංශයේ ස්ථානාධිපති තනතුරට යෙදවීමට මඩකලපුව කොට්ඨාශභාර පොලිස් අධිකාරි විසින් නියෝග කොට ඇත…….” ඉබ්බා වතුරට දමන විට ඇන්නෑවේ …” කියු අපේ පැරණි ගැමි වහරට අළුත් අරුතක් දීමකි.
පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින ඉතාම දක්ෂ හා හොද විනය ගරුක දුෂිත නොවන නිලධාරින්ටත් මෙවනි නිලධාරින් නිසා සිදුව ඇත්තේ දැඩි කලකිරීමකි. කිසිදු පොලිස්පති වරයෙකු පොලිස් සේවාවේ ගුණාත්මක් භාවය වෙනුවෙන් කිසිවක් කලබවක් ඉතිහාසයේ නැත.
මෙවන් දුෂිත නිලධාරින් තවදුරටත් පොලිස් සේවාව තුල රදවා ගැනීමේ සිදුවන්නේ එවනි නිලධාරින් ඉහල තනතුරු වලට පත් වු විට පහල අහිංසක නිලධාරින්ට විවිධ චෝදනාවන් එල්ලකරමින් ඒ නිලධාරි හුරා කන බව සහතිකය .
එසේම පොලිස් සේවාව විශාලම ජනතා අප්‍රසාදයක්ට පත් කල නාකොටික් අංශයේ මෙවනි නිලධාරින් පොලිස් සේවාවෙන් පන්න දැමිය යුතුය.