ශ්‍රි ලංකාවේ අපතේ යන මිනිස් පැය ගනන් , වාහන තදබදය නිසා දිනෙන් දිනම පිලිස්සෙන ඉන්දන දිනකට අපිරිසිදුවෙන පරිසරය මෙන්ම ඊට මුහුණ දෙන පාසැල් දරුවන් ,පොලිස් නිලධාරින් හා මහජනතාව පිලිබදව කිසිදු අධ්‍යනයක් තවමත් කර නැත.
ලෝකයේ විශාලතම වටරවුම පිහිටි මැලේසියාවේ පුටරාජයා(Putrajaya ) ප්‍රදේශ පවා අදවන විට සියලු වාහන හැසිරීම් සිදුවන්නේ නවීන තාක්ෂණය ඔස්සේය. ඒත් අවාසනාව නම් අපේ රටේ පොලිස් නිලධාරියා නොමති සෑම විටම රියදුරන් තුල ස්වයංවිනයක් ඇත්තේම නැත.
මේ නිසාම දිනකට කොළඹ නගරයට ඇදි එන වාහන ලක්ෂ 05 ඉතාම දැඩි කැපවීමෙන් පාලනය කරන්නේ කොළඹ රථවාහන කොට්ඨාශයෙනි. එහි වර්තමාන අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර තම ජීවිතයේ දෛනික වගකීමක් කරට ගෙන අපමන දුක් ගැහැටක් විදිමින් පාන්දරම පාරට බැස තම නිලධාරින් දිරිමත් කරමින් සිටී.
කලක් පොලිසිය තුල ජේෂ්ඨ නිලධාරින් රාජකාරි කලේ සීතකාමර වල සිංදු අසමින් තවත් අයගේ ඔඩොක්කුවලය, පාර හැසුරුවේ මෝටරෝලාවෙනි ,ඒත් වර්තමානයේ ඒ සියල්ලම කණපිට පෙරලා ඇති බවත් ඊට නායකත්වය ලබා දෙමින් මහපොලවට බැස සිටින තවත් ජේෂ්ඨ නිලධාරියෙකු වන්නේ කොළඹ දිසාව හා ශ්‍රි ලංකාවේ රථවාහන පාලනය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ය.ඔහු ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත්තේ ඇති සීමිත සම්පත්වලින් අසීමිත රාජකාරියක් ඉටු කිරීමය ඒ සියල්ලම නිලධාරින් ගේ සුභ සාධනයට මුල්තැන දෙමිනි.
පොලිස් රථ වාහන ඉතිහාසයේ සුවිශේෂි සටහනක් තැබු හිටපු නියෝජ්‍ය පොලිස්පති පෙරුම්පනායගම් ගෙන් පසුව වර්තමාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනට අද අවශ්‍යව ඇත්තේ එදා දේ නුතනයට ගැපෙන ආකාරයට සකසා නිලධාරින් ගේ සුභසාධන හා ආරක්ෂාවත් , සමඟම ඉතාම දියුණු මට්ටමකට රටේ රථවාහන හැසිරවීම හා පාලනය ගෙන යාමටය.
ඒත් ඒ සියල්ලම රැදි ඇත්තේ රටේ ජනතාව හා පාලකයන් අතය. පොලිසියට කලහැක්කේ මාර්ග ආරක්ෂාව හා පාලනය පමණි. ඒත් රථය පදවන රියදුරා ගේ හික්මීම ඉවසීම මේ සියල්ලම තීරනය වෙන ප්‍රධානතම සාධකයකි. එසේම රටේ පාලකයන් ගේ අවධානය යොමු කොට ඉතාම ඉක්මනින් රටතුල වාහන ආනයන සීම පැන්විය යුතුමය. එසේ නොමතිව තවත් පොලිස් නිලධාරින් දස දහසක් පාරට යෙදවුවත් සිදු වන්නේ එදාටත් අද සිටින තැනම සිට කතාකරනවා හැර අළුත් දියුණුවක් නො වනුඇත.
ඒ නිසාම දැන් රජයක් ලෙසට නගරාන්තර පොදු සේවා හදුනා දීම ,හා කොළඹ නගරයට ඇතුලු වීමටට මුදලක් අය කිරීම (CONGESTION CHARGES ) හා සටල් සේවයක් (SHUTTLE SERVICE ) හදුන්නාදීම දීම සිදු විය යුතුය. එසේ නොවන තාක් කල් රටේ රථවාහන හැසිරීම අදට වඩා හෙට අසීරු වන බව සහතිකය .
අද කොළඹ රථ වාහන හැසිරීමට කොළඹ රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර තම නිලධාරින් සමඟ කරන කැපකිරීමට ජනතාව ගේ සහාය ලබා නොදි සමස්ථ රථ වාහන තද බදය කිසි සේත් මැඩලිය නොහැකිය . ඒ සදහා රියදුරන් ගේ ඉවසීම හා මාර්ගයේ විනය තිබිය යුතුමය. අද වන විට කොළඹ හා තදාසන්න අවට මාර්ඟ සංඥා පුවරු (TRAFFIC LIGHT )තිබුනත් කාර්යාල වේලාවලදී ඒවා නිවා දමා පොලිස් නිලධාරින් දැඩි කැපවීමකින් නගරය තුලට ගැනීමටත් සවසට නගරයෙන් පිටතට යැවීමටත් කරන උත්සහායට මර්ගයේ සිටින රියදුරන්ගේ ලැබෙන සහාය ඉතාම අල්පය.
ඒ නිසා රියදුරන් තුල ආත්ම සංයමයක් තිබිය යුතුය. ලෝකයේ වෙනත් රටවල රිය පැදවීමට නම් ඉවසීම 99% නොව එය 100% කි. එසේ නොමතිව රථයක රියදුරෙකු නොවිය යුතුය. ඒ නිසාම රටේ ජනතාව පොලිසියට දෙන සහාය අනුව ඔබට අනතුරකින් තොරව තම ගමන කරා යාමට පිලිවන, තමා රියදුරෙකු සිටිමින් තම යුතුකම ඉටු නොකර අන් අය ගේ වගකීම් පිලිබදව කතා කිරීමෙන්පලක් නොවන බව රටේ ජනතාවට අපි මතක් කරමු.