උණුසුම් පුවත්

බොරැල්ල දී කුඩු සමඟ අත්වඩංගුවට ගත් පාතාලේ “බිම්සර ” තිලංක ගේ ලේකම් පැමිණ අල්ලා ගත් කුඩු ග්‍රෑම් 117 ත් සමඟම රැගෙනයයි……….!!

Spread the love

මේ වනවිට රටපුරාම මැදමුලන නිතිය ක්‍රියාත්මක් වේ.

ඒ බවට දිගින් දිගටම අපවෙත තොරතුරු ගලා එමින් ඇත. සමස්ථ පොලිස් නිලධාරින්ටම රටේ යුක්තිගරුක පුරවැසියන් (වහළුන් නොවන )ගේ ආචාරය හිමිවිය යුතුය. ඒ මැදමුලන තුප්පැහියන් ගේ තාඩනයට අහිංසක පොලිස් නිලධාරින් ලකව ඇති බව අපවෙතට සාක්ෂි සහිතව ලබා දෙන නිසාවෙනි.

රටේ කුඩු නතර කිරීමට ,විනය හැදීමට පැමිණි හොරෙක් මිනිමරුවෙක් වු ජනාධිපති විසින්ම රටේ උත්තරීතර මුලික නිතිය උල්ලංගනය කරමින් මිනිමරුවන්ට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා දෙන්නේ නම් ඊට වඩා රටේ නිතිය උල්ලංගනය වීම කිසිදු සැලකීමකට නොගෙන ඇත.

බොරැල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගත් බිම්සර නැමති ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයා ළඟ තිබි හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 117ක් ද අල්ලා ගැනීමට පොලිසිය සමත් විය ඒත් සැකකරු පොලිසියට රැගෙන පැමිණෙන විට හිටපු මංත්‍රි තිලංග සුමතිපාල ගේ සම්බන්ධිකරණ ලේකම් විසින් පොලිස් ස්ථානාධිපති ඉදිරිපිටම  අත්වඩංගුවට ගත් මත් කුඩු ද සමඟ බිම්සරව රැගෙන ගොස් ඇත.බිම්සර නැමති කුඩු ව්‍යාපාරිකයා තිලංක ගේ පසුගිය මැතිවරණය වෙනුවෙන් කෝටි ගානක් වියදකල අයෙක් බවටබ් අපවෙතට තොරතුරු ලැබී ඇත

ඒ බවට බොරැල්ල ස්ථානාධිපති  දෛනික තොරතුරු පොතේ (RIB ) සටහනක් ද දමා ඇත. පොලිස්පති කිසිදු වගේ වගේ වගක් නැතිව වලිගය අස්සේ ගසා ගෙන නිශ්ෂබ්දව සිටීම පහල විනය ගරුක නිලධාරින් ගේ රැකියාවට හා ජීවිත වලට තර්ජනයකි.නිතිය හා සාමය දැන් බල්ලට ගොස්ය . දැන් රටේ ඇත්තේ මැදමුලන වනචර දශකයේ නිතියමය.

ඊයේ මේ ආකාරයටම් දෙමටගොඩ පොලිස් ස්ථානයේදි නයනජිත් නැමති පාතාලයා නාමල් රාජපක්ෂ ගේ දැනුම්දීමට මුදාහල අතරම අද තිලංග සුමතිපාල ගේ උවමනාවට බිම්සරනැමති පාතාල හා කුඩු ව්‍යාපාරිකයා රැගෙන ගොස් ඇත. දැන් රටේ ජනතාවට පැහැදිලි විය යුත්තේ පාතාලය පෝෂණය වන්නේත් කුඩු මාෆියාවේ පියානෝලාත් දේශපාලක්යන්ම බව .

පාතලයේ උන්ගේ නිතියේ රැකවරණයට රටේ දේශපාලක්යනුත් ,රටේ අධිකරණයත් සිටින නිසාම කුඩු හෝ පාතාලය කිසිකලක්ත් නිතිගරුක පොලිස් නිලධාරින්ට මැඩලිය නොහැකි වනු ඇත.

මේ පිලිබදව විමර්ෂණයක් කිරීමට අවශ්‍ය නම් පොලිස් ස්ථානාධිපති දෛනික තෙරතුරු පොතේ (RIB )  යොදා ඇති සටහනම ප්‍රමානවත්ය.


Spread the love

Leave a Comment

You may also like