මෛත්‍රි- රනිල් 2015 යහපාලන ආණ්ඩුව පිහිටවා රට සිදුකල එකම යහපත 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයයි.
එදා ජේ.ආර් ගේ බහුබුත ව්‍යවස්ථාව කියා එය ඉරා කුණුකුඩෙට දැමිය යුතුයැයි හන්දිගානේ කෑමොරදුන් මහින්ද රාජපක්ෂ පවුල හා ඔහු ගේ ගජමිතුරන් අද ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව අභිබවා ගොස් ශ්‍රි ලංකාව නැමති මහපොලවක් තිබෙන තාක් කාලයක් රාජපක්ෂවරු පමණක් සිටිය යුතුයැයි සිතා සකස් කරනු ලද විනාශ කාරි ලියවිල්ලක් බවට අපි ඉතාම දැඩිව ප්‍රකාශ කරමු.
20 වන සංශෝධනය එකල රජුට එරෙහිව කිසිදු පුරවැසියකුට චෝදනාකිරීමට නොහැකි සේම මෙවර ජනාධිපතිවරයාටත් එරෙහිව කිසිදු අධිකරණයකදී සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කල නොහැකිය. රටේ මුලික නිතිය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිතිය තුලින්ම පවුලේ ආරක්ෂාව වර්තමානයට ,අනාගත්යට හා අතීතයට ද එකසේ හිමිවන ආරක්ෂාවක් සකස් කරගෙන ඇත. එක පවුලක් රටේ රජුන් ලෙසත් අනිකුත් උන් රජු ගේ අතවැසියන් ආකාරයටය. වහලුන් වීමට සිය කැමැත්තෙන්ම උත්සහා කරන නිහීන ජාතියක් බව ලෝකයටම හඩගා කිව යුතුය.
21 සියවසේ අභිමුඛව සිටින ලෝකයා පෘතුවියේ ජීවත්ව නොඉද තවත් ග්‍රහලොවක ජීවත් වීමට තරන් මනස දියුණු කොට තාක්ෂණය හා නිදහස සොයන වට පිටාවක ලාංකීය ජාතිය තම නිදහස හා තම දරුවන් ගේ නිදහස, අහිමි කිරීමට සිය කැමැත්තෙන්ම රාජප්ක්ෂලාට බලය දුන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.
එත් ඒ බලය දුන්නේම මෙවනිවිනාශයක් රටට කිරීමට නොවන බව අපි දනිමු. ඒත් රාජපක්ෂලා යනු මේ පෘතිවිය තුල සිටින විශගෝරම සත්වයකි. රටේ ජනතාව ගේ සල්ලි මංකොල්ලකා ඒ තුලින් හත්මුදු පරම්පරාවක් රජකිරීමට අමන ජනයා ගේ ඡන්දය කොල්ලකා සුදානම් වන්නන් බවට අපි මීට පෙර කොපමන් නම් කරුණු කියාඇතිද …..? දැන් සිදුවන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 බලයෙන් සම්මත වු පසු නැවතත් රට වැඩවසම් යුගයකට යාමකි.
නිතිය බල්ලට ගොස් ඇති රටක තවත් ආගාධයකට යෑම කිසිවෙකුටත් වැලැක්විය නොහැකිය. ජතියේ අවාසනාවට ඊට එරෙහිව කිසිවෙකුත් ඉදිරපත් නොවෙන නිසාම ස්ථිරවම ශ්‍රි ලංකාවේ තවත් අභියන්තර ගැටුම් පැමිනෙනවා ඇත.
මේ නිසාම රටේ ජනතාව පක්ෂ ,ජාති, ආගම් බේදයකින් තොරව මේ 20 වන සංශෝධනය නතරකලයුතුය.
එසේ නොවී මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 සම්මත විමට ආධාර ,අනුබල දෙන සියල්ලම කරන්නේ තම දරු මුණුබුරන් ගේ බෙල්ල 2020 දි කපා රාජපක්ෂලා ගේ පරම්පරාවකටම ඔටුණු පැලදීමකි.