ශ්‍රිලංකාව දැන් රාජපක්ෂ යුගයටත් වඩා අති භයානක තත්වයකට පත් වෙමින් තිබේ. ඊට ප්‍රධානම හේතුවනම් රට කරවන නායකයන් දෙදෙනාම වෙන්නෙ මොනවදකියා නොදනසිටිමයි.
පසු ගිය රාජපක්ෂ යුග යේදි ද ජනතාව සිතුවේ ආණ්ඩුවට විරුද්ධව කටක් ඇරියොත් සුදු වෑන් එකේ ඉක්මනිනම පරලොව යා හැකි බවයි.
ඊට නොදවෙනි මරණ භයක් දැන් ඇතිවි තිබෙන්නේ පොලිස් නිලධාරින්ව පවා මහ දවාලේම වෙඩිතබා මරා දැමිමට හැකි කුමණ හෝ කණ්ඩායමක් දැන් රට තුල නැවතත් හිස ඔසවා තිබිම ජනතාව භිතියටත් ත්‍රාසයටත් පත්කොට ඇත.
මිට මුලු මනින්ම වග කිවයුත්තේ රටක සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රිපාලත් රටේ නිතිය හා සාමය ස්ථාපිත කිරිමට බැරි යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහත් බව අමුතුවෙන් කිවයුතු නොවේ
රටක පොලිස් නිලධාරින්ව මහදවල් වෙඩි තබා මරා දමමින් ලංකාවේ කොහේ හරි පැත්තකදි නොහදුනන තුවක්කු ගේ වෙඩි උඩයට අහිංසක ජිවිතයක් බිලිගන්නවානම් ඒ රටේ නිතියක් සාමයක් තිබෙනවායැයි කිවහැක්කේ කාටද ?
ලංකාවේ පොලිස්පති මේ වෙන කොට නම්බුකාර පිටින් ඉල්ලා අස්වි ගෙදරයායුතුය තම නිලධාරිනගේ ජිවිත ආරක්ෂා කිරිමට බැරි පොලිස්පති කෙනෙක් ගෙන් රටේ ජනතාවගේ ජිවිත හා දේපල ආරක්ෂා වේයයි යමෙකු සිතනවානම් ඔහුට දෙයියන්ගෙම පිහිට පැතිය යුතුය.
අද ලංකාවට සිදුව තිබෙන්නේ මෛත්‍රිපාල ගේ නඩය රට වමට දක්කා යෑමට තටමනකොට රනිල් ගේ නඩය දකුණට දක්කා යෑමට තැටමිම නිසාම ඊට මැදිව සිටින අහිංසක මහජනයා ගේ බෙල්ල හිරවි මිය යෑම පමණි.
අන්න ඒ දේ ජනතාවට සිදුවනතුරු මුං දෙගොල්ලන්ම බලා ඉන්නවා ඇත.
ඒක ජනතාව තේරුම් ගන්න තාක් කල් ජනතාව දිනනනේම නැත.
අජිත්..