වෙනත්

09 වෙනි වරටත් මහළු මඩම විවෘත විය ,එපා කියු උන් පාර්ලිමේන්තු යවා ඔනි කියු අයව ගෙදර ඇරිය අභීත ශ්‍රි ලාංකිකයෝ………!!

Spread the love

වසර 72 ක් තිස්සේම මැතිවරණ තියා තට්ටු මාරුවට පාර්ලිමේන්තු විවෘත කොට මීට 08 වසරකින්, පසු ගියදා නිමාවක් දැකීමට සියලු ශ්‍රි ලාංකිකයෝ කතාකලෝය. එහිදි තරුණ ජවයට  මුල්තැනදී වසර 60 ගනන් නාකි මහල්ලන් දැන් තවත් රට කරනවා වෙනුවට රට කා හොදට නිදන් බව පුන පුනා කීය .

ඊට පක්ෂ විපක්ෂ සියල්ලම ඇහුම් කන්දී මෙවර මැතිවරණයට වෙනදාට වඩා තරුණ කොටස් එක්විය. ඒ එක් වු සියල්ලම මැතිවරණයේ පොර පිටියට ආහ. ඒත් අවසානයේ සිදු වුයේ ” අශ්වයන් ” එලවා නැවතත් ” බුරුවන්  “සමඟ රට ඉදිරියට ගෙන යාමට රටේ  ජනතාව අනුමැතිය දීමය. මෙය පුදුමාකාර ජනතාවකි.

ඒත් තවත්  නොබෝ දිනකින්ම පාරතොටේ හඩා වැලපෙන්නේ අපිට වැරදුනා අපි බුරුවෝ දැක්කේ අශ්වයෝ සේයැයි කියමින් විලාප දීමට වැඩි කල නොගනු ඇත.

අද 09 වන පාර්ලිමේතුව විවෘත වුවත් එය දුටු විට පෙනි යන්නේ මහළු මඩමක්ට ගාල කරනලද මහල්ලන් තැන තැන නිදි කිරා වැටෙන අප්‍රසන්න රූපය.

වසර 72 තිස්සේම දුටු මෙවන් කාලක්න්නි දර්ශණ නැවත, නැවත නැරබීමට ශ්‍රි ලංකීය ජනතාව ඉතාම ප්‍රිය කරන්නෙකි. කෙසේ කොයි හැටි වුවත් තවත් වසර 05ක් තිස්සේම ඒවා කැමති වුවත් අකමැති වුවත් රටේ ජනතාව නැරබුය යුතුමයි.  ඒ 09 වන මඩම අද විවෘත විය.


Spread the love

Leave a Comment

You may also like