ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ඔහු විසින් ඊට පෙර සිදු කරනු ලැබූ සියලුම ක්‍රියාවන් පිළිබඳව අත්අඩංගුවට පත්වීමෙන්දැනට ඇප ලබා සිටින සිටින සියලුම අපරාධකරුවන් සුද්ද කොට නැවත සමාජගත කිරීමට සහ ඒ ඒ තනතුරු වල පිහිටුවීම උදෙසා පිහිටවන ලද ජනාධිපති කොමිෂන් සභාව මේ වන විට ශ්‍රී ලංකාවේ නීතියට සහ යුක්තියට මරු පහරක් එල්ල කරමින් ඇත.
ඉතාමත්ම කණගාටුදායක තත්වය නම් මේ වනවිට මහාධිකරණ තුලින් අධි චෝදනාවක් ලැබ සිටින හිටපු පොලිස් පරික්ෂක නියොමාල් රංගජීවහා හිටපු බන්ධනාගාර අධිකාරි ළමාහේවා යන පුද්ගලයින් වැලිකඩ බන්ධනාගාරයේ දී සිදු කරන ලද අමානුෂික සිරකරු ඝාතනය පිළිබඳ මේ වන විට මහධිකරණයේ විභාගවන නඩුව පිළිබඳව කිසිදු තැකීමක් නොකොට මෙම ජනාධිපති කොමිෂන් සභාවට එම නඩු වාර්තාවන් සහ ඒ පිළිබඳව අධිකරණයේ සාක්ෂි දෙන සාක්ෂිකරුවන් කැඳවා ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න අසමින් එම නඩුවට අයුතු සහගත බලපෑමක් එල්ල කරමින් ඇත.
මේ පිළිබඳව අධිකරණයක විභාග වන නඩුවක් පිළිබඳව තවත් කුමන හෝ ආයතනයක් තුළින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම යුක්තිය පසිඳලීමට විශාල බලපෑමක් සහ අයුතු ලෙස මැදිහත් වීමක් වශයෙන් පෙන්වා දිය හැක.
එසේ තිබියදී හිටපු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නැමැති පිස්සු පූසා නැමැතිනින්දිත දේශපාලන් හෙන්චයියා හා ත්‍රිපුද්ගල කොමිෂන් සභා සාමාජිකයින් විසින් මෙම සාක්ෂි කරුවන් ගෙන්වා දැඩි අපහසුතාවකට මේවනවිටත් පත් කරමින් ඇත ,මේ පිළිබඳව සමාජයේ කොතෙකුත් කතාබහක් ඇතිව තිබුණත් ඔවුන් මෙම ක්‍රියාව කිසිදු තැකීමක් නොකොට දිගින් දිගටම පවත්වාගෙන යනු ලබයි.
මෙහිදී ඇති විශේෂත්වය නම් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් මරා දැමීම සම්බන්ධයෙන් එම ඇසින් දුටු සාක්ෂිකරුවන් හෙට දිනයේ කොමිෂන් කොමිසමට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමටත් එහිදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ ළමාහේවා දෙදෙනා සුද්ද කොට සමාජගත කිරීමේ ව්‍යායාමයක් මේ තුළින් සිදුවන බව අප හට පෙනී යයි.
ශ්‍රී ලංකාවේ නීතිය යුක්තිය පසිඳලීමට දැඩි බලපෑමක් සිදු කරන නිසාම මේ පිළිබඳ වහාම ශ්‍රේෂ්ඨාධිකරණය හෝ දැනට මහාධිකරණ විභාග වන නඩුවේ විනිශ්චකාරවරුන් මීට මැදිහත් ව වහාම මෙම ක්‍රියාව නතර කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ජනතාව තුළ නිතිය හා යුක්තිය පසිදලිම පිලිබදව බරපතල සැකයක් ඇතිවීම වැලකිය නොහැකිය.
නිතිය හා යුක්තිය කෙරෙහි ඇති විශ්වාසනීයත්වය බොහෝ සෙයින්පලුදු වීමට ඉඩ ඇති අතර ම සමාජයට අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය මුළුමනින්ම බිඳ දැමීමක් මෙයින් සිදුවේ හිටපු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නැමැති පුද්ගලයා සමාධිගතව ඇත්තේ පිස්සෙකු ලෙස ය.
ඔහු නීති පිළිබඳව කුමනාකාරයේ දැනුමක් තිබුණත් ඔහු මේ වන විට රාජපක්ෂවාදී සළුවක් පෙරවාගෙන ඔහුගේ පුද්ගලික වුවමනාවක් මත මෙම නීතිය පාගා දමමින් කටයුතු කරන බව අප දැඩිව දෝෂාරෝපණය කරමින්, වහාම මෙම කොමිෂන් සභා ක්‍රියාමාර්ගය අත්හිටුවීමට කටයුතු කළ යුතුය.
මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ජීවිත වලට පවා දැන් දැඩි තර්ජනයක් එල්ලව ඇති අතරම මහාධිකරණයේ සාක්ෂි දීම වක්‍රාකාරව අඩපණ කිරීමට මේ දේශපාලන කොමිසම සුදානම් බව අපි දැඩිව විශ්වාස කරමු.
එසේ නොමැති වුවහොත් මේ පිළිබඳව මින් ඉදිරියට කටයුතු සිද්ධ වීම පිළිබඳව අප ශ්‍රී ලංකා ජනතා වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ක්‍රියාකරන බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි මතක් කර දෙමු.