වසර 10 කට වඩා තම ජීවිතය පරදුවට තබා අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ,පසු පස හබාගොස් ඔවුන්ව රටේ නිතියේ රැහැනට හසුකරගත් පොලිස් නිල සුනඛයන් සේම ,බොම්බ විශේඥයන් ලෙසට රටේ ජනතාව ගේ ජීවිත වසර ගනනාවක් රැකදුන් සියලුම නිල සුනඛයන් පසු ගිය දා වෙන්දේසියේ විකුණනු ලැබීය.
ලක්ෂ ගානක ආදායමක් ලැබු බව ඇසු විට ඇති වුයේ පොලිසිය කෙරෙහි දැඩි කලකිරිමකි රටේ ජනතාව දන්නේ පොලිසියේ බල්ලන් විකුණු බව පමණි. ඒත් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම මේ වනවිට රටේ අපරාධකරුවන් වු දේශපාලක්යන්ට විකුණා අවසානය.
යහපාලනය ඇති සමයේ නිතිය නමමින් උන්ට විකුණු පොලිසිය දැන් නිතිය කෙලින් කොට මුන්ට විකුණන ඉහල පැලැන්තියේ නිලධාරින් සිටින ලෝකයේ කිසිම රටක නැති නින්දිතම පොලිසිය ඇත්තේ ශ්‍රි ලංකාවේය.
පොලිස් කොස්තාපල් ලෙසට බැදුන නිලධාරින් තවමත් වසර 20 වඩා එකම නිලයේ පල්වෙමින් දුෂණය වෙමින් ඇත. පොලිසිය තුල දැන් ඇත්තේ නැවත සෑදිය නොහැකි කඩා වැටීමකි. ඊට හිටපු පොලිස්පතිවරු අඩු වැඩි ආකාරයට වගකිව යුතුය. ඒත් උන් විශ්‍රම ගොස් තවත් රජයේ ආයතනවලට හෝ රිංගා ඉතුරු සාරයත් උරාබොමින් සිටින වග පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් මනාව පෙනියයි.
පොලිස් නිලධාරින්ම පුදුමාකාර ඉච්චා භංගත්වයකට පත්වඇත. පහල නිලධාරියෙකු යතුරු පැදියක් ගත්විට පසුදාම එන පොලිස් විශේෂ විමර්ෂකයෝ මහ උන් කුඩුකාරයන් ගේ කොමිස් මුදලින් ගොඩ නගා ඇති සුපිරි හෝටල් දකින්නේ නැත. සුපිරි හෝටල සොයා නොයන්නේ එහි ඇති මාෆියාව නිසාය. මේ නිසාම පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුර දක්වා සියලු නිලධාරින් දිනපතාම ලන්සු කොට දේශපාලක්යන්ට තොගපිටින් විකුණමින් ඇත.
අද රටේ අද පොලිසියට හොදයි කියා වර්ණනා කරන්නේ සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් ඉහල නිලධාරින්ය. මේ නිසාම පොලිසිය බල්ලන් විකුණන එක පිලිබද කුමන කතාදැයි වරෙක සිතේ.
නිලධාරියකු හදිසි අනතුරකට ලක්ව ආබාධිතව ජීවිතාන්තය දක්වා ඔත්පල වුවහොත් ඒ නිලධාරියාට හා පවුලේ උන්ට දෙයියන්නේම පිහිටයි.
කිසිදු රක්ෂණයක් හෝ ජිවිත කාලය පුරාවටම එවනි නිලධාරින් රැකබලා ගැනීමක් හෝ ඔවුන්ට වැඩිවෙන මුලික වැටුපවත් වැඩි නොවන්නේ රාජකාරි කාලය තුල දී සිදුවන හදිසිඅනතුරු නිසාය නිසාය. එවන් පොලිසියක් රටක ඇත්නම් ඒ ශ්‍රි ලංකා පොලිසිය පමණි. මේ නිසා රටේජනතාව ගේ නිදහස හා යුක්තිය මහපොලවේ ඉටුකරන එවනි නිලධාරින්ට පොලිසියේ පිහිටක් නැත්නම් පොලිසිය වෙනුවෙන් වැඩ කරන බල්ලන්ට කුමණ කතාද……?
දැන් සිදුව ඇත්තේ පොලිසිය බල්ලන් විකුණා කන තත්වයට වැටී ඇති බවකි. තවත් නොබෝදිනකින් අපරාධකරුවන්ට පොලිස් නිලධාරින් හයර් කිරීමටත් බැරි නැත.
එවනි පොලිසියක් දැන් බිහිවෙමින් යන නිසාය.