වසරකට ආසන්න කාලයකම පොලිස්පති තනතුරේ වැඩ බැලීම සිදුකරන්නේ සී.ඩී.වික්‍රමරත්නය. සී.ඩී.වික්‍රමරත්න වැඩි කතාබහක් නැති නිහඩ චරිතයකි. ඔහු ගේ චරියාව සියල්ලම ලිඛිතව කොලකෑලි වලින් කතාකිරීමය .
ඉන් ප්‍රයෝජන ගෙන ඇති “දේශබන්දු තෙන්නකෝන් “නැටුම් ,ගැයුම්, රූකඩ සියල්ලම නටමින් සියලු නාලිකාවන් එකට ගෙන මහා පරිශ්‍රමයක් දරනුයේ පොලිස්පති වික්‍රමරත්න එලවා දමා පුටුවට පැනීමටය.
කව්ද මේ දේශ බන්දු…….?
ඒක්සත් ජාතික පක්ෂ කුරුණෑගල හිටපු ඇමතිවරයකු වු ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේසම්බන්ධිකරණ ලේකම් ලෙසට සිටි පුද්ගලයාය. එවකට එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඔහුව දේශපාලන උවමනාවට පොලිස් සේවාවට එකතු වු දේශබන්දු එදා මෙදා තුර සිදු කොට ඇත්තේම පොලිසිය දේශපාලක්යා ගේ අදෝ මුඛයේ ගැසීමය.
වජිර අබේවර්ධන ගේ ඉල්ලීම…….?
ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ ඇවෑමෙන් දේශ බන්දු ගේ අති ජාත මිතුරන් සිටින්නේ එක්සත් ජාතික ප්ක්ෂයේය. ඒ නිසාම අගමැති රනිල් ගේ ප්‍රධාන ඇමතිවරයෙකුව සිටි වජිර අබේවර්ධන එවකට පොලිස් පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වු වර්තමාන පොලිස්පති වික්‍රමරත්නට ලිපියක් ලියමින් දේශ බන්දු තෙන්නකෝන්ට රාජප්ක්ෂලා ගෙන් විශාල තර්ජනයක් හා කෙනෙහිලිකම් සිදුව ඇති බවත් , ඒ නිසාම ඔහුව ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීමට ඉල්ලා ඇත.ඒ වනවිට දේශබන්දු තෙන්නකෝන් සිට ඇත්තේ සපුගස්කන්ද ප්‍රදේශය භරවය.
ඊට ප්‍රතිචාර දක්වා ඇති වික්‍රමරත්න ඒ පිලිබදව ක්‍රියාකිරීමට පොලිස්පතිට යොමු කොට තිබුණි. එදා සිටම පොලිසියේ නියමිත උසස්වීම් ක්‍රියාපටිපාටියෙන් පරිභාහිරව පැමිණීමට නොගත් උත්සහායක් නොමති නිලධාරියෙකි.
දේශබන්දු ගේ “හෙළුව හෙලි වු විමර්ෂණය “……
එපමණක් නොව පොලිසියේ විනය බල්ලට තබා බල්ල ගේ අධෝ මුඛේ ගැසු අන්ත දුෂිතයෙකි. මේ වනවිටත් අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවේ ඇති දේශ බන්දු තෙන්නකෝන් ගේ විමර්ෂණ ගොනුව එදා විමර්ෂණය කලේ එවකට අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවේ කිර්තිමත් නිලධාරියෙකු වු ශානි අබේසේකරය.
ශානි වැනි නිලධාරින් සමස්ථ පොලිස් දෙපාර්තමේතුවටම ආභරණයකි.
ඒත් අවාසනාව පොලිසියේ දේශබන්දුලාට “ශානි ” නැමති නියම පොලිස් නිලධාරියා සමඟ හැරීමටවත් බැරිය .
ශානි අබේ සේකර විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ සිටියදී දේශ බන්දු තෙන්න කෝන්ට එරෙහිව කල විමර්ෂණය නිසාම බොරු චෝදනා ගොතා පසු ගිය දා ශානි අබේ සේකර අත්වඩංගුවට ගත්තාය. ඒ ගෝඨාභය ජනාධිපති ගේ නියෝගයට කලායැයි දැන් දේශ බන්දු කීවත් ඒ සත්‍ය අපි නොදන්නවා නොවේ.
එදා එක්සත ජාතික පක්ෂය බලයේ සිටියදී මොහු කල සියල්ලටම පාවාදුන්නේ ඒවකට පොලිසිය භාර ඇමතිවරු වු සාගල , රංජිත් මද්දුම බංඩාරලාය. දැන් මොහු කරන සියලු බලුවැඩ හරවන්නේ ගෝඨාභය ජනාධිපති ගේ නමටය.
මේ පිලිබදව වහාම විමර්ෂණයක් කොට මොහු ගේ මේ නින්දිත ක්‍රියාව නතර කලයුතුය ඒ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේ පැවැත්මටය.
දේශ බන්දු ගේ අපුරු විනය නියෝග ……
මහාධිකරණයේපවතින බරපතල අපරාධයක් සම්බන්ධ මුල් තොරතුරු පොත් අතුරු දහන් කිරීම පිලිබදව එක්තරා පොලිස් නිලධාරියකුට විරුද්ධව මහාධිකරණ විනිසුරුවරයෙකු අධිකරණය මගින් පොලිස්පතිට පැමිණිලි කොටඇත.
ඊට විමර්ෂණයක් සිදු කොට එම තොරතුරු පොත් භාර පොලිස් නිලධාරියාට විරුද්ධව වහාම විනයානුකුලව ක්‍රියාකිරීමට පොලිස්පති නියෝගකොටඇත.එසේ තිබියදී විනය බලධාරියා වු මොහු එසේ කල මුලික පරික්ෂණයේදි සියලු චොදනා ඔප්පු වී ඇත. දුෂිතම නිලධාරියෙකු බවට පෙනිගොස් ඇත .ඊට මැදිහත්ව ඇත්තේ කුඩු ලංසාය ඒ නිසාම දේශ බන්දු තෙන්නකෝන් දී ඇත්තේ අපුරු විනය නියෝගයකි.
ඒය මෙසේය… මෙම නිලධාරියා සිදු කොට ඇත්තේ ඉතාම බරපතල වරදකි….. නිලධාරියා මුලික විමර්ෂණයේදීම වරදකරු වී ඇත. ඔහු වරද කරු කරමි. ඒත් ඔහුට මා අවවාද කරමි….” යනුවෙනි.
දේශ බන්දුලාට අවශ්‍ය පොලිසියේ ඇතුලේ හා පිටතත් පට්ට දුෂිතයන්ය ඊට මාධ්‍ය අනුග්‍රහය දෙන්නේ හිරු නාලිකාවය. දේශ බන්දු තෙන්නකෝන් නැමති අන්ත දුෂිතයා පොලිස් සංහතියමදේශපාලකයන් ගේ අධෝ මුඛයේ ගසා අවසානය. ඉතුරු ටික ගැසීමට දැන් වලිකන්නේ පොලිස්පති වීමටය.
කුඩු අල්ලන්නේ සමාජ මාධ්‍ය හරහා මෙන්ම කුඩු නාලිකා ඔස්සේය. පොලිස් නිලඇදුම ඇද කුඩු විකුණා හසු පොලිස් නිලධාරියෙකුට නැවත රැකියාව ලබාදී ඔහුගේ විනය ක්‍රියාමාර්ග පිලිබදව වහාම විමර්ෂණයක් කල යුතුය. ඒ පිලිබදව සියලු ලිඛිත සාක්ෂි අපි ජාතික පොලිස් කොමිසමට හා ජනාධිපතිවරයාට යැවීමට ක්‍රියාකරන්නෙමු.
කුඩු සමඟ අසු වු ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් කතාකල දේශපාලක්යාද මෙරට ජනතාව ගේ නම් දරා ඇති පාහරයෙකි. එවන් අයෙකු ගේ ඉල්ලිමක් ඉටුකරමින් දී ඇත්තේ අපුරු නියෝගයකි. ….
” නිලධාරියාට තදින් අවබෝධ කර දුනිමි. සියළු චෝදනාවනට වැරදිකරු කරමි. නැවත සේවයේ පිහිටවිමට නියෝග කරමි,තදින් බවවාද කරමි…”
පොලිස් නිලඇදුමට අගෞරවයක් සිදු කල මෙවන් නිලධාරින් සේවයෙන් පහ කල යුතු බවට විනය සංහ්‍රහයේ යටතේ සේවයෙන් පහ කලයුතුය. ඒත් දේශ බන්දු ගේ නියෝගය බාලංස පංතියේ ළමයෙකුවත් නොදෙන ඔලමොට්ටල නියෝගයකි. ඒ ඔහු නොදන්නා කමත්, ඔහුට අවශ්‍ය පොලිසියට හෙන ගැහුවත් දේශපාලකයන්ව සතුටින් තබා තමා ගේ වැඩේ කර ගැනීමටය.
මෙවනි දුෂිත නිලධාරියෙකු පොලිස්ප්ති කරනවා වෙනුවට කලයුත්තේ වහාම විමර්ෂණයක් කොට පොලිස් දෙපාර්තමේතුවෙන් පන්න දැමීමය. මේ වනවිට සමස්ථ පොලිස් දෙපාර්ථමේතුවම ගද ගස්සන මෙවන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලා සිටියත්, තවත් සමහරුන්ඉතාම හොද විනය ගරුක නිලධාරින් බව කිව යුතුය.
ඒත් ඒ නිලධාරින් දේශ බන්දු වැනි අසුජි ගොඩවල් ලඟට නොයන්නේ නිලඇදුමට ඒ අසුජි ගද වැදී ඒවා නැවත සෝදා පිරිසිදු කල නොහැකි නිසාය. දැන් රටේ ජනාධිපති ගෝඨාභයට ඇත්තේ මේ සියල්ල ඔහු ගේ බුද්ධි සේවයෙන් සොයා බලන ලෙසටය.
තවත් ලේඛණ ගනනාවක් සමඟ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් ගේ හෙළුව අපි රටේ ජනතාවට ලිහා පෙන්නිමට තවත් ලිපියකින් බලාපොරොත්තු වෙමු……