වෙනත්

රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමතිකම ගෝඨා ගේ නිතිඥ අලි සබ්‍රිරිට……….?

Spread the love

රාජපක්ෂ රජයේ අධිකරණ අමාත්‍යාංශයරාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමතිකම ගෝඨා ගේ නිතිඥ අලි සබ්‍රිරිට ලබාදීමට මේ වෙනවිට රාජපක්ෂ පවුල තුල කතාවෙමින් ඇත.

  ගෝඨාභය ජනාධිපති වරයා ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී පැවති බාධක පිළිබඳව  නීති  කටයුතු පවත්වාගෙන ගියේ ජනාධිපති නීතිඥ  අලි සබ්‍රිරිය. ඒනිසාම ඔහු වඩාත් රාජපක්ෂ පවුල වෙතට කිට්ටු  කිරීමට හේතු පාදක විය.

එහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන සිද්ධියක් වූයේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඉදිරියට ගොස් අමූලික බොරු පවසා ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳව සහ ඇමරිකානු   පුරවැසිකම කලකට පෙර ඉවත් කොට ඇති බව කියා විවිධාකාර අසත්‍ය ලේඛණ සමාජ ගත කිරීම හා මාධ්‍ය හමු පවත්වමින් ගෝඨාභය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීමය.

ඊට කළගුණ සැලකීමක් වශයෙන්  අලි සබ්‍රිරි ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු මහින්ද රාජපක්ෂ විශේෂ සාකච්ඡාවකදී පැවසීය. අනතුරුව පැවැති මෙවර මහ මැතිවරණයේදී ඔවුන් පොරොන්දු වූ ආකාරයටම අලි සබ්‍රිරි ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට කටයුතුකර ඇත.

 ජනාධිපති නීතිඥ අලි සබ්‍රිරි ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් වන අතරම එහි දී ඔහුට අධිකරණ අමාත්‍ය ධුරය පිරිනැමීමට මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ පවුල අතර විශේෂ කතාබහක් ඇතිව තිබේ. ඒත් ඊට කෙල හලමින් සිටින්නේ විජේදාස රාජපක්ෂ නැමති හිටපු අධිකරණ ඇමතිය. 


Spread the love

Leave a Comment

You may also like