මේ වන විට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සිරදඬුවම් විඳිමින් සිටින දුමින්ද සිල්වා නොහොත් හිරු නාළිකා අධිපති වූ සිල්වාගේ සහෝදරයා නිදහස් කිරීම ගෝඨාභය රජයේ ප්‍රථම පියවර ලෙස ගෙන ඇත.
මේ වන විට එහි පළමු පියවර වශයෙන් සදුදා දින වහාම දුමින්ද සිල්වාගේ සියලු ගොනු ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලැබී තිබේ මෙම නියෝගය සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ සේවය කරන රජයේ නීතිඥ නිශාරා ජයරත්නය.
රාජපක්ෂ රෙජිමේන්තුවේ ප්‍රධානම කර්තව්‍යය ඔවුන්ගේ සියලූ නඩු වලින් තම පවුලේ හා පවුලට ගෑවුණු සියලු දෙනාම නිදහස් කිරීමත් එසේ ම ඒ වටපිට මිනීමැරුම්, දූෂණ චෝදනා, සහ වෙනත් අපරාධ සඳහා දඩුවම් විදිමින් සිටින සිරකරුවන් මුදා හැරීම රාජපක්ෂ රජය ඒ ඒ පවුල වලට පොරොන්දු වී ඇත.
ඒ අනුව ඉදිරි දින කීපය තුළදී දුමින්ද සිල්වා ස්ථිර වශයෙන්ම ජනාධිපති පොදු සමාව හෝ නීතිය තුලින් ඇති හිදසක් නිර්මානය කොට හෝ මුදා හැරීමට ජනාධිපති රෙනෝයි සිල්වාට ජනාධිපති මැතිවරණයේදි පොරොන්දු විය.
අභියාචනාධිකරණය මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ මගින් නිසි ඇපැලක් කරවා ගෙන මුදා හැරීමට සියලු කටයුතු සූදානම් බව අපි ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ අප වෙත එම තොරතුරු මේ වන විටත් ලැබී ඇති බැවිනි