වෙනත්

ලබන සතියේ පොලිස්පති විසිවේ,දේශබන්දු පොලිස්පති ……..?

Spread the love

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත.  දේශබන්දු තෙන්නකෝන් පසුගිය කාලය පුරාවටම පොදුජන එක්සත් පෙරමුණ සහ ජනාධිපතිවරයාගේ  කටයුතු පිළිබඳව විශාල මැදිහත්වීමක් සිදුකරන ලද නිලධාරියෙකි.

 අපකීර්තිමත් ,නිලධාරියෙකු වශයෙන් සඳහන් කළ හැකි  දේශබන්දු තෙන්නකෝන්  පොලිසිය දේශපාලකයින්ගේ අධෝමුඛයේ ගැසීමට තරම් සුදුසුකම් සපුරා ඇති ජේෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයෙකි. මෙවන් අයෙක් ඉදිරියේදී පොලිස්පති ධුරයට පත්වීම   නිලධාරීන්ගේ මහත් අභාග්‍යයකි .

 දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට ලංකාවේ ප්‍රධානතම අපරාධ විමර්ශකය වශයෙන් පිළිගත් ශානි අබේසේකර වැනි අයෙකු සිරගත කිරීමට විවිධාකාර චෝදනා ගොනු කරමින් කටයුතු කරන නින්දිත නිලධාරියෙක් වශයෙන් අපි නොබියව සඳහන් කරන්නේ මු.

දේශබන්දු තෙන්නකෝන් ගේ පැටිකිරියගත් විට විට ඔහු කලක් කුරුණෑගල ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කරන ලද එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පාක්ෂික නිලධාරී ක් වශයෙන් බොහෝ දෙනා හදුන්වන අයෙකි. මෙම දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනතුරේදී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ වජිර අබේවර්ධන සඳහන් කර ඇති ලිපියක කියා ඇත්තේ  රාජපක්ෂ පවුල තුළින් දැඩි අසාධාරණකම් සිදුව ඇති බැවින් වහාම නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කරන ලෙසටය.එවකට පොලිස් පරිපාලන වශයෙන් කටයුතු කළ  වික්‍රමරත්න වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත .

ඉන් පසුව  වික්‍රමරත්න එම ලිපිය පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු එම පත්වීම් පිළිබඳව කිසිවක් කථා කොට නැත දැන් රාජපක්ෂලා ගේ ඉතාමත්ම සුවච කීකරු වී ඇති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට ශ්‍රී ලංකාවේ  පොලිස්පතිවරයා වශයෙන් පත්වීමට තරම් සුදුසුකම් සපුරා ඇති බව පසු ගිය කාලයේ ඔහු ගේ මාධ්‍ය රැගුමෙන් පෙනියයි.


Spread the love

Leave a Comment

You may also like