රටේ ජනතාව ගොනාට අන්දවමින් 3/5 ක බලයක් තමාට ලැබුණ බව කිවත් සත්‍ය දන්නේ ගෝඨා ගේ හදවතය. අපි මුල සිටම කී පරිදිම ඉතාම සුක්ෂමව ඒ පට්ට බොරුව සත්‍ය ලෙසට ජනතාව තුල ඒත්තු ගැන්වීම ඉතාම ප්‍රසන්සනීයයි.
ඒත් අපි ජනතාවාදි පුවත්පතක්ලෙසට කණගාටු වන්නේ මේ ඡන්ද ප්‍රතිඵල මගඩිය පිලිබදව කොතෙක් කරුණු කීවත් ඊට කිසිදු පක්ෂ නායකයෙකු ඇහුම්කන් නොදීමය.
කෙසේ වුවත් දැන් ප්‍රතිඵලය බුක්ති විදින්නේත් රටේ ජනතාවයි. මේ ප්‍රතිඵලයේ නිර්මාතෘවරයන් වුයේ මේජර් ජනරාල් සලේ, එගොඩවෙල හා පාලිත් ප්‍රනාන්දුසමඟ බැසිල හා මහින්ද දේශප්‍රියයි. සියල්ලම අපගේ ඔත්තුකරුවන් මීට පෙර කී ආකාරයටම සිදු වු අතරම රටේ හෙට සිට සිදුවන්නේ ජනාධිපති කාර්යය සාධක බලකායක් මෙහෙය වන රටකි.
සියලු කොමිසන් අවසන්වනු ඇත. ඒත් සමඟම අධිකරණයද පෙර පරිදිම නඩුවාර්තා ලියනුයේ මැදමුලනිනි. ඒ හාසමානවම අදින් පසුව දප්පුලලාටත්, දිලීප පිරිස්ලාටත් තප්පුලන්න සිදුවන්නේ නාමල් බේබිඅවසරය මතය . ඒත් ඊට ඔවුන් ඉතා කැමතිය.
ඒත් අපිට ඇති වේදනාව රටේ යුක්තිය අයුක්තික් ,ලෙසටත් අයුක්තිය යුක්තිය ලෙසටත් ගෙන ක්‍රියාකරන ජාතියක් අනාගතයට බිහිවන නිසාමය.
කෙසේ වෙතත් මේ පට්ට බොරුව අපි නොපිලි ගන්නේ හේතු සාධක ඇතුවය. ඒත් රටේ ජනතාවට වගේ වගක් නැත.
මේ සියල්ලේ පිටුපස සිටියේ බැසිල්ය බැසිල් ගේ අග්‍රපුරෝහිත්යා ඉතාම ඉක්මනින් තවස් දින කීපයකින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන්නේ ආණ්ඩුවේ ගරුසරු ඇතුවය ඔහු යන්නේ ස්විස්ටර්ලන්තයේ තානාපති ලෙසටය. ඒ මහින්ද දේශප්‍රිය නැමති මේ ප්‍රතිඵලයේ ජාතකයාය.
අද වනවිට ලාංකීය ජන්තාව ගෙවන්නේ හැලියේ සිටින් කකුළුවන් සේ ප්‍රිති ප්‍රමෝදයෙනි. තවත් දින කීපයකින් හැලියේ වතුර රත්වු පසු අපි කීදේ මෙනෙහි කොට ඔබට තවත් වසර 05 ක් එකතැන හිල්ලිය හැකිය.