ඊයේ දින පැවති මැතිවරණය සාමකාමී මැතිවරණයක් වශයෙන් හැදින්විය හැකිය.
ඒත් සමස්තයක් වශයෙන් ගෙන බැලීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 2019 19 නොවැම්බර් ජනාධිපතිවරණයට සාපේක්ෂව 27% කට වඩා ප්‍රමාණය කින් පහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක සාමාජිකයෙකු අප හා පැවසීය.
එසේම සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික් වශයෙන් සහ පළාත් වශයෙන් ගැනීමේදී ඡන්ද ප්‍රකාශිත වී ඇති ප්‍රමාණය අති විශාල මට්ටමකින් පහල ගොස් ඇත. ඊට ප්‍රධානතම හේතුව තම පරමාධිපත්‍යට පත් කරන ලද පාලකයින් ඔවුන්ට රිසි සේ ජනතාව ඉටු කරයි කියා බලා සිටින බලාපොරොත්තු සුනු විසුනු කොට ඔවුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය අනුව වැඩ කිරීම නිසා ජනතාවට තම පරමාධිපත්‍ය තව එකෙක්ට ගණිකා වෘත්තියේ යෙදවීමට ඉඩ නොදී ඡන්දය ප්‍රකාශ නොකර නිවසට වී සිටි ප්‍රමාණය අතිවිශාලය .
මේ පිළිබඳව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි සොයා බැලීමේදී සෑම දිස්ත්‍රික්කයකම එය ඒ ආකාරයෙන් ම පෙනී ගොස් ඇති අතර ම විශේෂම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ බොහෝ ජනතාවක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ඉතාමත්ම සීමිත වී ඇත.
මේ පිළිබඳව රටක් වශයෙන් සහ ජාත්‍යන්තරයෙන් අප ලැජ්ජා විය යුතුය. ලෝකය හමුවේ ආශ්චර්ය ගෙන ඒමට තටමන පාලක්යන් කෙරෙහි ජනතාව දැඩි පිලිකුලක් ඉන් ප්‍රකාශ වී ඇත. පාලකයින් තම ජනතාවගේ පරමාධිපත්‍ය මත බලයට පැමිණ එම පරමාධිපත්‍යයට පයින් ගසා ඒ ඒ පාලකයින් සහ ඒ පක්ෂ වලට උචිත න්‍යාය පත්‍ර වලට වැඩ කිරීම නිසා ජනතාවට තම පරමාධිපත්‍යයට නිසි ගෞරවයක් සැලකිල්ලක් නො දීම නිසාම ජනතාව ඡන්ද ක්‍රමයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බව අපට නිරීක්ෂණය වී ඇත.
මෙය රටකට සහ රටේ දියුනුවට ඉතාමත් ම අහිතකර බලපෑමක් ඇතිවන බව කිව යුතුය