තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගැනීම සදහා පොහොට්ටුවට රෙදි නැතිව කඩේ යන 96 ලෝක සූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන මුත්තයියා මුරලිදරන් හා සනත් ජයසූරියට නුවරඑළියේදී ජීවන් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් පිරිසක් අවහිර කර අපහාස උපහාස කර ඇත.
මොවුන් දෙදෙනා දැන් සති දෙකක් මුළුල්ලේ නුවරඑළිය පදිoචි වී සිටිමින් මෙවර මැතිවරණයේ පොහොට්ටු අපේක්ෂකයකු වන මුරලිගේ සොයුරු මුත්තයියා ප්‍රභාකරන්ට සහාය දක්වමින් සිටිති.
රැස්වීම් අමතති.මෙමමුරලිගේ සහෝදරයා මීට පෙර හොරෙන් එතනෝල් ගෙන්වා හසුව වරදකරු වී උසාවියෙන් රුපියල් ලක්ෂ 150 ක දඩයකට යටත් කරනු ලැබූ එතනෝල් ව්‍යාපාරිකයෙකි.
මුරලිද අක්කර සිය ගණනක් කැලෑ එළි කොට ඇමරිකන් කොම්පැණියක් සමග කෙසෙල් වවන්නට ගොස් මහජන විරෝධය නිසා එය හකුලා ගත් අයෙකි.
එහෙත් පසුගියදා මොහු වත්මන් රජයේ අනුග්‍රහයෙන් හා යුද හමුදාවේ සහායෙන් එය නැවත අරඹා තිබේ.
එනිසා මුරලිට අවශ්‍ය තම එතනෝල් සහෝදරයා පාර්ලිමේන්තු යවා රාජපක්ෂ රෙජීමය හරහා තම බිස්නස් කරවා ගැනීමය.
සනත් ජයසූරිය මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව වෙතින් දෙවසරක තහනමකට ලක්ව සිටින්නෙකි.
කලක් රෙනෝ ද සිල්වාගේ වත්මන් බිරිය සමග අමු නිරුවතින් ලිoගිකව හැසිරෙන වීඩියෝවක් ලොව පුරා පැතිර යාම නිසා සැගව සිටි සනත් නැවතත් කරළියට පිවිස ඇත්තේ අනාගතයේ තම තහනම ඉවත් කරවා ගෙන තිලoග සුමතිපාල සමග ක්‍රිකට් පරිපාලනයට පිවිසීමේ චේතනාවෙනි.ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක පූජිත වූ මොවුන් දෙදෙනා දේසපාලනයේ කිච වන අයුරු ක්‍රිකට් ලෝලීන්ගේ බලවත් අප්‍රසාදයට පත්ව තිබේ.