වෙනත්

මැදපෙරදිග රටවිරුවන් ප්‍රධානව සමස්ථ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පුරවැසි අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය.

Spread the love

ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සමාජමාධ්‍ය ක්‍රියාධරයන් හා තවත් පිරිසක් එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණය අගෝස්තු (02) ඉරිදා පස්වරු හතරේ (4.00) සිට පස්වරු හත (7.00)දක්වා පැවත්වේ
                  ගිම්හාන ඍතුව ආරම්භයයත් සමග යුරෝපයට දේශගුණික වෙනස්කම් ලෙස අව් රශ්මිය පතිත වෙද්දී සෙල්සියස් අංශක 50 කට වැඩි උෂ්ණත්වයක මේ වනවිට අන්ත අසරණව දුක් විදින අපේම මැදපෙරදිග සොයුර සොයුරියන් නිශ්චිත මේ මොහොත වනවිට කොරෝනා වසංගතය නිසා අසරණ සිටින අල්ලපනල්ලේම අධික රස්නයත් සමග
            *  රැකියා..
            * අහාරපාන ..
            *නවාතැන් පහසුකම් ද
අහිමිව උන්හිටි තැන් නැති තත්වයකට පත්ව ඇත ..එසේ අපේම සහෝදර ජන කොටසක් අන්ත දුක්ඛිත තත්වයක සිටියදී  යුරෝපයේ වෙසෙන අපටද සැලකිය යුතු අපහසුතා අතරමැද වුවද වත්මන් පාලකයන් සේ ඇස්කන් පියා සිටීමට නොහැක….
        එනිසාවෙන් සැබෑ පුරවැසියන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්තිකයට ප්‍රධානම දායකත්වය ලභා දෙන පිරිස ලෙස අපේම සොයුරන් පත්ව ඇති අතිශය සෝචනීයයි තත්වය තුල මිලානෝ නගරයේ සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස පක්ෂ පාට භේද පසෙකලා,
                ශ්‍රී ලාංකික ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් ලෙස ඕනෑම තත්වයක් තුල මව් රටට පැමිණීමට  ඇති අයිතිය තහවුරු කරගැනීම හා කෝවිඩ් 19 වසංගතයෙන් දුක්විදින මැදපෙරදිග අපේ ජනතාව වෙනුවෙන් එක් සිත්ව සත්භාවයෙන් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අගෝස්තු (02) වන ඉරු දින සවස 4.00 සිට සවස 7.00 දක්වා මිලානෝ කොන්සල්ජනරල් කාර්‍යාලය අසල පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් පැමිණ සහය දක්වන ලෙස පුරවැසි වගකීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පෙනීසිටින ඔබ සැමට ආරාධනා කරන අතර කඩාකප්පල් කාරී පිරිස් විසින් සිදු කරන අසත්‍ය මඩ ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සිටිමු…..
 
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය …

Spread the love

Leave a Comment

You may also like